අංජුල මහික වීරරත්න
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (6) අභිමානවත් අයුරින් පැවැත්විණි.
'වැඩකරන වැඩකරපු 72' මෙවර සංවත්සර උත්සවයේ තේමාව විය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට රැස්වූ පක්ෂයේ නායකයන් මෙන්ම පාක්ෂිකයන් දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය ආරම්භ කෙරුණේ පක්ෂයේ ගීතය ගායනා කිරීමෙන් පසු ආදි නායකයන්ගේ පිළිරුවලට මල් මාලා පළදවා උපහාරය පුද කිරීමෙන් පසුවයි. මෙහිදී බෞද්ධ ඇතුළු සියලුම ආගම් නියෝජනය වන පරිදි සර්ව ආගමික වතාවත් ද සිදු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ ඩී.බී විජේතුංග යන ආදි නායකයන්ගේ පිළිරුවලට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උප නායක රවි කරුණානායක, සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම් අමාත්‍ය අකිල විරාජ්, ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහත්වරු මල්දම් පැළදවූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූ ගාල තුන් හාරසීයක් සෙනග ඉන්නව. හැබැයි කතා කරන්නෙ නම් ලක්ෂ ගණන් සෙනග ආපු අනුන්ගෙ ජන රැලි ගැන. අනේ ඉතින් ඔය ස්ථූප වලට පන ආවනම් මුලින්ම දුවන්නෙ ඒ ටික "අපි මොකට මෙහෙම අය ඉන්න පක්ෂයක් හැදුවද" කියලා.
මෙය පැවැත්විය යුත්තේ සිරිකොතේ නොව සියලු පාක්ෂිකයාට එකතුවිය හැකි පිට්ටනියක බවයි මගේ අදහස ඒ මන්ද යත් ඉදිරියේ ඇති මැතිවරණ වලදී ක්‍රියා කාරීන් ට එය ලොකු ශක්තියක් වෙවියයි මගේ හැගීම. මේ පක්ෂය ඔය සිරිකොතේ රැස්වූ පිරිසගේ පුද්ගලක බුදලය නොව. සමස්ත ශ්‍රී ලාංකීය මහා ජනයාගේ පක්ෂය බව සියලු දෙනාට සිහිපත්කරන්න කැමැත්තෙමු .
මේ 72 වෙනි සංවස්සර සැමරුම ඉරු දිනක එළිමහන් පිටියක තිබ්බානම් මොනතරම් පාක්ෂිකයෝ පිරිසක් එකතුවෙන්න තිබුණු අවස්ථාවක්ද මේ පැහැර හැරියේ ඉදිරියේ එන මැතිවරණ වලදී ඔය සිරිකොතේ අයගේ ඡන්ද ටික විතරයි. එකවරක් ලක්ෂ 23 කට අඩුකරගත්තා මේ පාර බලමු
අප්පෝ ඉතින් දාල යන්න නම් හිතෙන්නෙම නැතව වගේ නේද?
..අනේ . ඩී .එස් . ඩඩ්ලි . සේනානායක මැතිතුමන්ලා ....හිටියානම් ....අපරාදේ එතුමන්ලාගේ මහන්සිය .
මේ ජම්බෝරියට ආව සෙනඟයි 5 වෙනිදා කොළඹට ආව සෙනඟයි ගණන් කලොත් කාටද වැඩි ජනතා ආකර්ෂණයක් තියෙන්නේ කියලා ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවන්. අවුරුදු තුනකට ඉස්සරවෙලා බලය ලබා ගත්තේ දූශිතයින්ට දඬුවම් දෙනවා කියලා මිසක් දුෂිතයින් එක්ක " ඩීල් " දාගෙන ඔවුන්ට රැකවරණය ලබා දෙනවා කියලා නෙවේ. ඒ බව දැන් මහජනතාව තේරුම් අරගෙනයි තියෙන්නේ. හැට හුටහමාරක් මැතිවරණ වලින් කුජීත නායකයෙක් 2030 වෙනකල්ම පක්ෂය බදාගෙන ඉන්න ගියොත් වෙන්නේ හැමදාම වෙච්ච සන්තැතියම තමයි. ලබන ඡන්දෙදි හොරු අල්ලනවා කියලා බලය ඉල්ලන්න උත්සාහ කළොත් ඡන්ද දායකයින් ගහන්නේ කම්මුලට නෙවේ පස්ස පැත්තටයි. ඒකනිසා ඔය උජාරුවට හිතාගෙන ඉන්න "රෝයල් තෝමියන්" මානසිකත්වයෙන් අරටු බැහැලා තියෙන ඔලු ගෙඩිය සුද්ධ කරගෙන ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාව සිතන පතන ක්‍රියා කරන ආකාරයත්, එතැන හිත මිත්‍ර සමනළ සංධානයන්ට ඉඩකඩක් නැති බවත් තේරුම් ගෙන කටයුතු කරනාතුරු හෝ ගමේ ජනතාවගේ හෘද ස්පන්දනය දන්නා කෙනෙකුට වැඩේ බාරදී අයින් වෙන තුරු එජාපයට " සොරි ඩොට් කොම්" ම තමයි දොරේ...