බුත්තල ගෝනගංආරෙන් දිවියෙක් අල්ලා ගනී බුත්තල ගෝනගංආර ප්‍රදේශයේ යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු වෙත අවස්ථා කිහිපයකදී කඩා පැන සපා කා තුවාල සිදුකරන ලද දිවියකු අද (8) වනජීවී නිලධාරින් පිරිසක් විසින් අල්ලා ගනු ලැබීය. 08 October 2018
පාර්ලිමේන්තුව බේරගන්න වැලිකොට්ට වැටක් අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැළැක්වීම සඳහා 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් වැලි කොට්ට යොදා ගනිමින් අද (07) පාර්ලිමේන්තු මාර්ගයේ ආරක්ෂක වැටක් ඉදි කළහ. 07 October 2018
වනාතවිල්ලුව ‘රාල්මඩුව‘ වැවේ වැව් බැම්ම කැඩී ගිහින් වනාතවිල්ලුව පරණ එළුවන්කුලම රාල්මඩුව වැවේ බැම්ම කැඩී යාමෙන් දැවැන්ත ජල කඳක් ගඟේ වාඩිය හරහා කලපුවට ගලා යමින් පවතී. 07 October 2018
වැස්සෙන් පිටිගලත් යටවෙයි පවතින වැස්ස සමඟ බෙන්තර හා ගිං ගඟ පිටාර ගැලීමෙන් පිටිගල නගරය හා ඒ ආශ්රිත ප්‍රදේශ ජලයෙන් යට වී ඇත. 07 October 2018
රහස් පොලිසියට ස්තුතිය සෞදි රජයේ ආධාරයෙන් ඉදිකෙරෙන මඩකලපුව විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා තිබියදී පැහැර ගන්නා ලදැයි කියන ඉදිකිරීම් සමාගමක් සතු රුපියල් කෝටි 9කට අධික වටිනාකමකින් යුත් 07 October 2018
අලුත්ගම ධම්මානන්ද හිමි ආදාහන පූජෝත්සවයෙන් අපවත් වී වදාළ ශෘමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යායය අති පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳවූ ආදාහන පූජෝත්සවය අද 06 වනදා සවස මහනුර අස්ගිරිය ක්‍රීඩාංණයේදී සිදු කෙරිණ. 06 October 2018
කතරගම පුදබිමේදී හමුදා ධජයන්ට සෙත් ප්‍රාර්ථනා කෙරේ යුද හමුදාවේ 69 වැනි සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අබියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද හමුදා ධජයන්ට සෙත් පතන ලදි. 06 October 2018
කාසල්රි ජලාශයේ දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කරයි ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ජලාශයෙන් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැත්විණ. 06 October 2018
‘රාවණා යක්කම‘ ලග්ගල ඉපැරැණි ජන සංස්කෘතික අංගයක් වූ රාවණ මහ යක්කම මෙවර ද රණමුරේ විහාරස්ථාන භූමියේදී පැවැත්විණි. රාවණා රජු වර්තමානයේදීත් බණ්ඩාර දෙවියන් නමින් විමාන ගතව ජනතාව ආරක්ෂා කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. 05 October 2018
අතරමං වූ හඳුන් දිවි පැටව් යළිත් මව් දිවිදෙන වෙතට මවගෙන් වෙන් වී තේ වත්තේ ගසක උමගක් තුළ සිටි සති දෙකක් වයසැති හදුන් දිවි පැටවුන් දෙදෙනාට සිය මව සොයා දිමට නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ සහකාර අඩවි වන නිලධාරි ප්‍රභාෂ් කරුණාතිලක මහතා ඇතුළු වනජිවි නිලධාරින් සමත් වී ඇත. 05 October 2018
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කැලණියේ අධිෂ්ඨාන පූජාවක් සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණිය ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට කැලණිය රජමහා විහාරය දක්වා පා ගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් කැලණිය රජමහා විහාරයේදී අද (4) අධිෂ්ඨාන පූජාවක් පැවැත්වූහ. 04 October 2018
හැටන්-නුවරඑළිය මාර්ගයේ ගල් පෙරළෙයි හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම පස් කදු කඩා වැටිමේ අවදානමක් හට ගෙන ඇත. 04 October 2018
ඉහළ කොත්මලේ වාන් දොරටු 05ක් ඇරේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහක් අද (03) පස්වරුවේ සිට විවෘත්ත වූ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ. 03 October 2018
‘මතින් තොර රටක් වෙනුවෙන් සංවිධානය වෙමු‘ ’’මතින් නිදහස් රටක් වෙනුවෙන් සංවිධානය වෙමු’’ තේමවෙන් ලෝක අමධ්‍යප දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කරමින් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ අත් පත්‍රිකා බෙදාදීමක් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට දී අද (03)පැවැත්විණි. 03 October 2018
දිවංගත පීටර් කෙනමන්ගේ ගුණ සැමරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හා හිටපු නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවරයකු වු දිවංගත පීටර් කෙනමන් මහතා ගේ 101 වැනි ජන්මදින සැමරුම අද (3) කොළඹ මරදාන එල්ෆීනිස්ටන් රඟහල අසල පිහිටි පිළිරුව අභියස දී පැවැත්විණි. 03 October 2018
මහත්මා ගාන්ධිගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් සමරු මුද්දර පෙළක් ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඉන්දීය රජය නිකුත් කළ ගාන්ධි සමරු මුද්දර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (02) සිදුකෙරිණි. 02 October 2018
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් කළු පටි බැඳ විරෝධතාවයක මධ්‍යම පළාත් සභාවේ අවසන් සැසි වාරයේ රැස්වීම අද (02) වැනිදා පැවැති අවස්ථාවේ දැනට කාලය අවසන්ව ඇති සියලු පළාත් සභාවල මැතිවරණ ඉක්මනින් පවත්වන ලෙස රජයට බල කරමින් මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොහොට්ටුවට සහාය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි බැඳ පුවරු රැගෙන සභාව මැද විරෝධතාවයක නිරත වූහ. 02 October 2018
සුනඛ දඩයමේ ගිය හඳුන් දිවියා සුනඛ ප්‍රහාරයෙන් මරුට සුනඛයන් දඩයම් කිරිම සඳහා පැමිණි හඳුන් දිවියකු සුනඛයන් කිහිප දෙනෙකු විසින් සපා කෑම හේතුවෙන් හඳුන් දිවියා ජිවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය කියයි. 02 October 2018
තද සුළඟකින් ආණමඩුවේ ගෙවල් 100 ට හානි ආණමඩුව හා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අද (1) හමා ගිය තද සුළඟකින් නිවාස 100 කට පමණ හානි සිදුව මාර්ග ගණනාවකට ගස් කඩා වැටී ගමනා ගමනයටද බාධා එල්ල වූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 01 October 2018
ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනපති ප්‍රධානත්වයෙන් ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (1) පස්වරුවේ විවෘත කෙරිණි. 01 October 2018
ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවේ ගාල්ල නගරයට අද (30) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගාල්ල නගරයට ප්‍රවේශ වන මාර්ග තැනින් තැන ජලයෙන් යටවි තිබුණි. 30 September 2018
අකුරලදී මුහුදු වතුර ගාලු පාරට මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් වැසී ගියේය. 28 September 2018
ගුඩ් ස්පෝට් සඟරාව එළිදකී වසර 81ක ඉතිහාසයක් ඇති ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිය ප්‍රථම නිල සඟරාව වන Good Sports කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී එළිදැක්විණි. 28 September 2018
ඉඩෝරය නිමා කරමින් උතුරට වැසි මාස 6 ක පමණ කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි නියං කාලගුණය නිමා කරමින් මේ දිනවල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමත් සමඟ විපතට පත් වැසියන් අස්වැසිල්ලකට පත්ව ඇත. 28 September 2018
දියකාවා අවසන් දිනය ආරක්ෂක රාජ්‍ය ඇමැතිගේ ප්‍රධානත්වයෙන් 2018 දියකාවා යුධ සංදර්ශනය අවසන් දිනය උත්සවාකාරයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පසුගිය දා පැවැත්විණි. 27 September 2018
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක් දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (27)කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිටදී පැවැත් විය 27 September 2018
ඉර පායන හැටි බලන්න සීගිරියට නගී ලෝක සංචාරක දිනය වන අද (27) අලුයම පහේ සිට සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව සළසා දී තිබිණි. අද දිනට පමණක් සීමා නොවී ඉදිරියට ද සංචාරකයන්ට මෙම අවස්ථාව උදාකර දීමට අවධානය යොමු කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සීගිරි පව්ව මත සිට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 27 September 2018
සබරගමු මහ සමන් දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ 2018 වසරේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය අද (26) දිය කැපීමෙන් පසු අවසන් විය. 26 September 2018
බාහිර උපාධිධරයෝ රැකියා ඉල්ලා විරෝධතාවක බාහිර උපාධිධාරී රැකියා කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා බාහිර උපාධි සුරැකිමේ සංවිධාන එකමුතුව මානවහිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර නිහඬ විරෝධතාවක්ද අද (26) පැවැත්විය 26 September 2018
බණ්ඩාරනායක ගුණ සැමරේ දිවංගත එස්. ඩබ්ලියු ආර් ඩි බණ්ඩාරනායක මහතාගේ 59 වැනි ගුණසමරු උත්සවය අද 26 නිට්ටඹුව හොරගොල්ල සමාධිය පරිශ්‍රයේදී පැවැත්විණි. 26 September 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026