(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඉන්දීය රජය නිකුත් කළ ගාන්ධි සමරු මුද්දර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (02) සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංසන්දු මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාවෙත ගාන්ධි සමරු මුද්දර පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රීලංකාව නියෝජනය කරමින් යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද ඉන්දීය රජය නියෝජනය කරමින් ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහුද සහභාගීවී සිටියහ.
ඡායරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා අනුන්ගේ දේවල් හරි සමර සමරා ඉන්න, රටේ ජිවනබර දිනෙන් දින ඉහල යනවා, රටට හෙන ගැහුවත් කමක් නැහැනේ ?
එතුමාගේ උපන්දිනේට අපි මුද්දර ගහන්නෙ මොකටද?
රටේ මෙච්චර කීර්තිමත් පුරවැසියන්, රණවිරුවන් ඉඳිද්දී, මේ මොනවාද කරන්නේ? අඩුම තරමින් අර දුම්රිය එන්ජිමේ දෝෂය යතා තත්වයට පත්කළ තරුණයාට නිසි තැනක් දුන්නා නං නරකද? එදා ඉඳන් මෙයා බලයට ආවොත්,විදේශ රටවල ඉන්න මෙයා මිත්‍රයන්ව සලකන්නෙක තමා මෙයාගේ වැඩ.
ධර්මපාල තුමා ගේ 150 වන සංවත්සරයට ඉන්දියාවෙන් මුද්දරයක් නිකුත් කලා
සුජිත් මහතාණෙනි, මම හිතන හැටියට ඉන්දීය රජය නිකුත් කළ ගාන්ධි සමරු මුද්දරයක්. නැතුව ලංකාවෙන් මුද්‍රණය කලේ නැහැ.