IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාසල්රි ජලාශයේ දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කරයි

(හැටන් රංජිත් රාජපක්ෂ)                       
ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින්  විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ජලාශයෙන් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැත්විණ.


හෙක්ටයාර් 285 කින් යුත් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් නොර්වුඩ් ප්‍රදේශයෙන්  ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජලය ජලාශයට එකතුවන ස්ථානයේ හා හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ ජලය ජලාශයට එකතු වන ස්ථානයේ එක් රැස් වි ඇති ඝන අපද්‍රව්‍යය සහ ජලාශයේ වටා  මෙසේ එක්රැස් වි ඇති ඝන අපද්‍රව්‍ය ඉවත් කරනු ලැබීය.


ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලය මගින් සංවිධානය කර තිබු මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමිව කෙසෙල්ගමුඔයේ දෙපස පදිංචිකරුන් සහ දික්ඔය ඇළ අවට පදිංචිකරුවන්ට ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා නොහරින ලෙසට දැනුවත්කිරිමේ වැඩසටහනක්ද  දියත් කරනු ලැබුවා.තවදුරටත් එම ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා හරින ප්‍රදේශවාසින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවටද මෙහිදි ජනතාව දැනුවත් කෙරිණි.


කාසල්රි ජලාශය විදුලි උත්පාදනයට මෙන්ම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටද විශාල දායකත්වයත් සපයන නිසා මෙම ජලාශය පිරිසිදුව තලා ගැනිමේ වගකිම ප්‍රදේශවාසින්ගේ වගකිමක් බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.


මෙම ශ්‍රමදානයට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සහ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් හා සේවකයන් මෙන්ම, එම ජලාශයේ ධිවර සමිති වල සමාජිකයන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් , යුධ හමුදාව , නාවික හමුදාව සහ පොලිසියේ නිලධාරින් , වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් රැසක්  සහභාගි විය.


මෙම ජලාශයෙන් එක් කල  ගත් ප්ලාස්ටික් වතුර බොතල් නල්ලතන්නිය රිකාටන් කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයට සහ අනෙකුත් ඝන අපද්‍රව්‍යය නුවරඑලිය මහ නගර සභාව වෙත රැගෙන ගොස් භාර දිමට මෙම ශ්‍රමදාන කටයුත්ත සංවිධානය කල ජාතික ජලජ ජිවි නුවරඑලිය කාර්යාලයේ නිලධාරින් කටයුතු කර තිබුණි.
 



අදහස් (0)

කාසල්රි ජලාශයේ දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site