


"මතින් නිදහස් රටක් වෙනුවෙන් සංවිධානය වෙමු" තේමවෙන් ලෝක අමධ්‍යප දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කරමින් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ අත් පත්‍රිකා බෙදාදීමක් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට දී අද (03)පැවැත්විණි.
මෙම අවස්ථාවට ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ සභාපතිනි ප්‍රියංකා කොතලාවල මහත්මිය ඇතුළු පිරිසක්මේ අවස්ථාවට සහභාගී ව සිටියහ.
( ඡායාරූප- චතුර එස් .කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනලා "මතින්" තොර රටක් හදන්න යනකොට අපේ රට "බතින්" තොර වෙලා ඉවරයි.
ලංකාදීප පත්තරේට ස්තුතියි, කරුණාකර ප්‍රියන්ක කොතලාවල මහත්මියගේ ලිපිනය හෝ ටෙලිෆෝන් නොම්බරය මට ලබාදෙන්න. බීමතින් මුළු ජීවිතයම විනාශකරගත් පුතුන් දෙන්නෙක් මටත් ඉන්නවා. මම වගේම ඒ බිරින්දෑවරු දෙන්නද ඉන්නේ කරකියාගන්න දෙයක් නැතිව.. කවුරුන් හෝ වෛද්‍යවරයෙක්.... මේ සඳහා සිටියි නම් කරුණාකර මට ඉහත සඳහන් ලිපිනයට ලියන්න ස්තුතියි.
මේ ගොල්ලන්ගේ ඇඟවල් දැක්කම තේරෙනවා හොඳ බත් මතයක් තියෙනවා කියලා. ඒ මතය කොහොම නවත්වයිද? අරක කරන්න එපා, මේක කරන්න එපා කිව්වහම අසහනය වැඩිවෙනවා. හොඳට බීලා හොඳට කාල හිටියෝතින් ඔක්කොම මතයන් නැතිවෙයි.
මතින් නිදහස් රටක් හදනවා කියන එක බොරු වැඩක්. කල යුත්තේ මතට ඇබ්බැහි වීම නවතන්න කටයුතු කිරීම සහ මතට ගොදුරු වුවන් එයින් ගලවා ගැනීමට කටයුතු කිරීමයි.
හොඳ දෙයක්... කොළඹට වඩා ගම් වල ඉන්න සුළු වැටුප් ගන්නා අය මතට ඉක්මනට ගොදුරු වේ. යන්න ගමටත්.
මෙයට ආධාර මුදල් දෙන්නේ කවුද ?
සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්නේ !
ලංකාවෙම තියෙන බාර් ටික වැහුවොත් පුලුවන් වෙයි..
ඔය කොළ බෙදන නොනලගේ ගෙවල් වලින්ම ඕක පටන් ගන්න වෙඉ.....එක එක සංවිදාන පිහිටවාගෙන....මෙලෝ තේරුමක් නැහැ ......