කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් පහත්බිම් ජලයෙන් යටවෙයි කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් අද (25) පස්වරුවේ ජලයෙන් යට වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. 25 October 2018
දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය සහ දේශීය ආදායම් පොදු සේවක සංගමය එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විණි. 25 October 2018
බැටන් ප්‍රහාර එල්ල කර වතු කම්කරු උද්ඝෝෂණය විසුරුවයි දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (24) වතුකම්කරුවන් ගාලුමුවදොර පිටියේදී ඇරැඹු උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය පොලිසිය පියවර ගත්තේය. 24 October 2018
දිනක වැටුපට 1000 ක් ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ එති වතු කම්කරුවන්ගේ දිනක වැටුප අවම රුපියල් දාහක් කරන්නැයි ඉල්ලමින් අද (24) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථා ඡායාරූපවලින් දැක්වේ. 24 October 2018
උතුරු මහඇමැතිගේ දෙමළ ජනතා සභාව නල්ලූර්හි රැස්වෙයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් සම සභාපතීත්වය දරණ දෙමළ ජනතා සභාව අද (24) යාපනය නල්ලූර් නඩරාජා පරමේෂ්වරී ශාලාවේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. 24 October 2018
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6 ක් අරී දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට ඉහළ නැගීම නිසා ඊයේ (23) රාත්‍රියේ එහි වාන් දොරටු 10 න් 04 ක් අඩි 1 බැගින් විවෘත කිරීමට පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 24 October 2018
සෙරක්කුලිය කලපුව රතු පැහැ ගැන්වෙයි පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද (23) අලුයම සිට ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයෙන් ගලා ගිය රතු පැහැ ගැන්වූ ජලයෙන් රත් පැහැ ගැන්වී ඇති බව ගම්වැසියෝ පවසති. 23 October 2018
කෘෂිකර්ම උපදේශකවරුන්ගේ උද්ඝෝෂණයක් බස්නාහිර කෘෂිකර්ම උපදේශක සංගමයේ සභාපති ඇතුළු වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරු 7 දෙනා යළි සේවයේ පිහිටුවීම සහ අසාධරණ ලෙස ලබාදෙන ස්ථාන මාරුවීම නතර කිරීම ඇතුළු ඉල්ලම් කිහිපයක් මුල් කරගනිමින් බස්නාහිර පළාත් සභාවේ සත්ත්ව සංවර්ධන සහ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ අද (23) බස්නාහිර පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්විණි. 23 October 2018
‘ගාලු කතිකාව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි ‘ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අද (22) පෙරවරුවේ ආරම්භ විය. 22 October 2018
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (22) අලුයම ස්වයංක්‍රියව විවෘත වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පවසති. 22 October 2018
එෆ්.ආර්. සේනානායක චරිතාපදානය එළිදැක්වෙයි දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහතාගේ චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්විණි. හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහතා විසින් සංස්කරණය කරන ලද මෙම ග්‍රන්ථය නිකුත් කරන ලද්දේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සහ දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහත්වරුන්ගේ ජන්ම දින සැමරුම් උත්සවයේදීය. 21 October 2018
යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ දියණිය පාරමී සියරට එයි ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කම දිනාගත් පාරමී වසන්ති මාරිස්ටෙලා අද පෙරවරුවේදී කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියාය. 20 October 2018
‘‘විමංසාව‘‘සම්භාවනා මාධ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගනී කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය හත්වන වරටත් සංවිධානය කළ ‘‘ආනඳ පැහැසරණිය‘‘ සාහිත්‍ය කලා මහෝත්සවයේ සම්භාවනා මාධ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට ලංකාදිප පුවත් පතේ “විමංසා සාහිත්‍ය අතිරේකය“ සමත් විය. 19 October 2018
ඉන්ධන මිල සූත්‍රය එළියට ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යද්දී රජය විසින් නිරන්තරයෙන් පවසන ’මිල සූත්‍රය’ කුමක්ද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙළිදරව් කරන ලදි. ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරන සූත්‍රය සකස් කර ඇත්තේ මෙලෙසිනි. 19 October 2018
මහාචාර්ය අමරා රණතුංගට අවසන් ගෞරව අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදීනි, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (18) සවස 3.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබේ. 18 October 2018
ජ‘පුර ප්‍රදීප ප්රණාම ‘කලාකාර අභිනන්දන 2018’ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්රණාම සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒ්ජ්හිදී පැවැත්විණි. 18 October 2018
යාපනයේ සිංහල නාම පුවරු විකෘති වෙයි උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවට යාපනයේ සිංහල වැසියෝ පවසති. 16 October 2018
82 ආදි ආනන්දීයන් 8 දෙනකුට උපහාර සමාජයේ විවිධ ක්ෂේත්රයන්හි දක්ෂතා දක්වන කොළඹ ආනන්ද විද්‍යාලයේ 82 කණ්ඩායම නියෝජනය කරන ආදී සිසුන් අට දෙනෙකු වෙත උපහාර පිදීමේ අවස්ථාවක් එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද පැවැත්විණ. 15 October 2018
වැලිකන්දට තර්ජනයක් වු වන අලියා අල්ලයි පොළොන්නරුව වැලිකන්ද ගම්මාන රැසක ජීවිත හා දේපළ රැසක් විනාශ කරමින් ගම්මානය පුරා සැරිසැරූ වන අලියා අල්ලා ගැනීමට පොළොන්නරුව වනජීවී නිලධාරීන්ට හැකි වී තිබේ. 15 October 2018
හිටපු ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියගේ කෘතිය එළිදකී ජනාධිපති නීතීඥ අභාවප්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් රචිත ‘මව්බිම කේවල් තීරුව’ තීරු ලිපි එකතුව කෘතිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (12) එළිදැක්විණි. 12 October 2018
තායි හිටපු රජුගේ ගුණ සිහි කෙරේ තායිලන්තයේ හිටපු රජු වන දිවංගත බ්රමිබල් අල්යාදේ රජතුමාගේ ගුණ සිහිකිරීමේ දෙවැනි වාර්ෂික පුණ්‍යානුමෝදනා උත්සවය අද (12) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාර්ටිසුවන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 12 October 2018
දේශපාලන පලිගැනීම් වලට ලක් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ 35 දෙනකුට උසස්වීම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ පුද්ගලයින් 35දෙනෙකුට උසස්වීම් පිරිනැමීමේ උත්සවයක් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි. 12 October 2018
සාමදාන විනිසුරු පත්වීම් ප්රදානය සිරිකොතේ සාමදාන විනිසුරු පත්වීම් ලිපි ප්රදානය පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (12 ) සිදුකෙරිණි. 12 October 2018
ඉන්දීය සාගරය භාවිතා කරන්නන්ගේ සමුළුව ඇරඹෙයි ‘ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම’ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (11) ආරම්භ 11 October 2018
’’මිරිදිය වරුණ 2018’’ සම්මාන ප්රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් සමස්ත මිරිදිය ජීවි හා ජලජීවි වගා ප්‍රජාව ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ’’මිරිදිය වරුණ 2018’’ සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. 10 October 2018
'අනේ කුරුලු කූඩු වලට ගහන්නෙපා කැට කැබිලිති' හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කුඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල් වලට අලෙවි කිරිමේ ජාවරම සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති. 10 October 2018
වැව් පිරේ - මාළු මැරේ - කල්ල මරේ වැස්ස වැඩි විමත් සමඟ වැව් වල ජල මට්ටම ඉහළ යද්දී ජලයේ උඩට මතුවන මසුන් මැරීම සඳහා ඇතැමුන් විවිධ ක්‍රම භාවිතා කරයි. 09 October 2018
වැස්ස වැටී වැව් සතුටින් පැවති අධික නියඟය සහිත කාලගුණය පහව යමින් වැසි ඇදහැලීමට පටන් ගැනීමත් සමඟ තබ්බෝව ජලාශය ඇතුළු මහා වාරිමාර්ග සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් වැව් වලට ජලය ඒකරාශී වෙමින් පවතී. 09 October 2018
ඔලුවිල් වරායේ වැලි ඉවත් නොකරන්නැයි උද්ඝෝෂණයක් ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් ඔලුවිල් ගම්මානය දැඩි මුහුදු ඛාදනයකට ලක්වෙන බව පවසා වරායේ වැලි ඉවත් නොකරන ලෙස ඉල්ලා එම ගම්මානයේ වැසියෝ ඔලුවිල් වරායේ පිවිසුම් දොරටුව අසල උද්ඝෝෂණයක නිරත වුහ. 09 October 2018
චේ ගුවෙරාගේ 51 වැනි ගුණ සැමරේ ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ 51 වෙනි ගුණ සමරු උත්සවය මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්‍යානයේදි’’ ඔහු විසින් රෝපණය කරන ලද මැහෝගනී වෘක්ෂය අසලදී 08 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026