වතු කම්කරුවන්ගේ දිනක වැටුප අවම රුපියල් දාහක් කරන්නැයි ඉල්ලමින් අද (24) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)








වතු කම්කරුවන්ගේ දිනක වැටුප අවම රුපියල් දාහක් කරන්නැයි ඉල්ලමින් අද (24) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලකයෝ සහා වතු අයිතිකරුවන් මෙතරම් කුහක ඇයි ? රුපියල් දාහක් කියන්නේ මහලොකු දෙයක්ද ? අපේම මිනිස්සු තමන්ගේ උන් ගැන හිතන කාලයක් ලංකාවට උදා නොවන්නේ මේ නිසා නොවේද ? රාත්‍රියට ලක්ෂ ගණන් වියදම් කරන මිනිස්සු ඉන්න රටක අප ජිවත් වීමත් ඉතා ඛේදජනකයි.
අද තියෙන ජිවන වියදම හැටියට මා සිතන්නේ මේ ඉල්ලීම සාධාරණයි.
මේ මිනිස්සු කොච්චර හොඳද සහ අසරණ ද කියලා හිතෙනවා . අනික් හැම උද්ඝෝෂණයක්ම තිබ්බෙ කාර්යාල වැඩ කරන දවසක හුඟක් වෙලාවට ගෙදර යන වෙලාව අල්ලල.
වතු කම්කරුවන්ගේ දිනක වැටුප අවම රුපියල් දාහක් හෝ 1200 කළ යුතුමයි. ඔවුන් මාසයක් පමණ වර්ජනය කළහොත් රජයට සහ වතු සමාගම් වලට වන පාඩුව අති විශාලය. ඔවුන්ගේ ජීවනරටාව ගැන සලකාවත් වැටුප වැඩිකළ යුතුය. ඩොලරය සමග සංසන්දනය කළහොත් දිනකට ඩොලර් 7 වැනි ඉතා සුළු මුදලකි. ඉන්දියාව නිවාස දුන්නා වගේ පඩිය වැඩිකරන්නේ නම් නැති වේවි...
අතිශයෙන්ම සාධාරණ ඉල්ලීමක්...
වතු කම්කරුවන්ගේ ඉල්ලීම සාධාරණයි. හැබැයි මෙතන ඉන්න ඔක්කොම වතු කම්කරුවන්ද?
වතු කම්කරුවන්ට දිනකට රුපියල් දාහක් දීම ඉතාම සාධාරණයි. ඒ ගැන රජය කඩිනමින් පියවරක් ගත යුතුයි. එත්, මේ උද්ඝෝෂණයට කාලකන්නි රැළකුත් එක් වෙලා වගේ නේද? උන්ගේ නම් කකුල් කඩලයි ගෙවල් වලට අරින්න ඕනා.
වර්ෂයකට ලෝකයේ හොදම සහ වැඩිම මිලක් ලබාදෙන, තේ රාත්තල් මිලියන 700ක් පමණ නිපදවා, රටට වාර්ෂිකව ඩොලර් මිලියන 700ක් පමණ විදේශ විනිමය ලබාදී, ලෝකයට වැඩිම තේ අපනයනය කරනා රට බවට පත්කළ මේ අහිංසක තේ කර්මාන්තයේ නියෙලෙන කම්කරුවන් - ජිවත්වන්න දිනකට රුපියල් 1,000 ඉල්ලා අහිංසක ක්‍රියාවක නිරතවුවාට බැටන් පොලු ප්‍රහාර එල්ල කල අමනුෂයන්ටනම් හෙට දිනයේ හොදක් වන්න එපා. උන් කඩේ යන්නේ, මේ අහිංසක කම්කරුවන් ලබාදෙන ඩොලර් වලින් බදුරහිත පර්මිට් වලින් සුකොපබෝගී කාර් ගෙන්නන හොර ජරාපාලනයටයි.