රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් සම සභාපතීත්වය දරණ දෙමළ ජනතා සභාව අද (24) යාපනය නල්ලූර් නඩරාජා පරමේෂ්වරී ශාලාවේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
උතුරු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳව දෙමළ ජනතා සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන බවට එම සභාව මගින් මීට පෙර නිවේදනය කර තිබිණි.
දෙමළ ජනතා සභාව දේශපාලන පක්ෂයක් නොව එමගින් දේශපාලන කටයුතු සිදු නොකරන බවටත් එම සභාවේ රැස්වීම සඳහා ඕනෑම දේශපාලඥයකුට පක්ෂ භේදයකින් තොරව සහභාගී විය හැකි බවටත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා මීට පෙර පවසා ඇත.
කෙසේ වෙතත් හෙට දිනයේ සිට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව වෙනම දේශපාලන ගමනකට සැරසෙන බවට උතුරේ බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා විනිසුරුවරයෙක් වශයෙන් මහේස්ත්‍රාත්වරයෙක් ලෙස ගමන අරඹා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙසින් නීතිඥ වෘත්තියේ ගෞරවය ඇතුව විශ්‍රාම ගොස් දේශපාලනයට අවතීර්ණ වී නම්බුවය් ගෞරවය නැති කරගත්තා.