IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


හිටපු ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියගේ කෘතිය එළිදකී


 
 
(ඩයනා උදයංගනී)
            
ජනාධිපති නීතීඥ අභාවප‍්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් රචිත ‘මව්බිම කේවල් තීරුව’ තීරු ලිපි එකතුව කෘතිය එළිදැක්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (12) එළිදැක්විණි. 


මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රිකයකු මෙන්ම නීති කේෂ්ත‍්‍රයේ ප‍්‍රවීණයකු වූ හේමන්ත වර්ණකුලසූරිය මහතා සුවිශේෂී නඩු රැසකට දායකත්වය ලබාදුන් අයෙකි.


ඔහු විසින් තම වෘත්තීය දිවිය තුළ මෙන්ම, වෙනත් නීතීඥවරුන් මුහුණ දුන් සිද්ධීන් ද ඇතුළත් කරගනිමින් මෙම තීරු ලිපි රචනා කර තිබේ.


හේමන්ත වර්ණකුලසූරිය මහතා ඉකුත් ජූලි මාසයේ අභාවප‍්‍රාප්ත වුවද ඔහු ප‍්‍රිය කළ අයුරින් මෙම කෘතිය එළිදැක්වීමේ උළෙල සංවිධානය කිරීමට ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් කටයුතු කර තිබිණි.


කෘතිය ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයින්ට පිළිගන්වනු ලැබූයේ වර්ණකුලසූරිය මහතාගේ බිරිඳ වන අයිරාංගනී වර්ණකුලසූරිය මහත්මිය විසිනි.


මෙහි ප‍්‍රධාන දේශනය පවත්වමින් කෘතිය පිළිබඳ අදහස් දැක්වූයේ ජනාධිපති උපදේශක, දිවයින පුවත්පතේ හිටපු කර්තෘ ගාමිණී සුමනසේකර මහතාය. 


තිසාවැව අපවිත‍්‍රවීම වැළැක්වීමේ සටනේදී හේමන්ත වර්ණකුලසූරිය මහතා ලබාදුන් දායකත්වය සිහිපත් කරමින් තිසාවැව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, අනුරාධපුර අභයරාජ පුරාණ සේනාසනාධිපති, පාගොඩ චන්තවංශ හිමියන්, හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ මිතුරකු වන ප‍්‍රවීණ කලාකරු නාමෙල් වීරමුණි මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර පිළිගැනීමේ කතාව සිදුකලේ වර්ණකුලසූරිය මහතාගේ බෑණනුවන් වන කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසිනි. නීතීඥ ශාන්ත හේරත් මහතා ස්තුති කතාව සිදුකළේය.


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය සිරිසේන කුරේ, ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අනුර ප‍්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
                                                                                    
ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (13)

හිටපු ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියගේ කෘතිය එළිදකී

බද්රානි Friday, 12 October 2018 03:34 PM

හොරුන්, තක්කඩියන්, මිනීමරුවන්, නීතිය භාවිතාකරමින් මුදවා ගන්න උපක්‍රම මේ පොතෙන් අපට ඉගෙන ගත හැකියි. ඒ වගේම පොත් ලිවීමට වගේම පොත් පෙරලීමටත් මෙතුමා එකලෙස සමත්කම් දක්වා ඇතිබව රහසක් නොවේ. මේ අවස්ථාවට පැමිණ සිටින ආරාධිතයින් පවා, තැනටම ගැලපෙන අයයි.

:       48       1626

sumundu Saturday, 13 October 2018 03:35 AM

හපෝ...මෙයාද? ... ඔයිට වඩා හොඳයි, දානයක් දුන්නා නම්...

:       1       25

OMG Saturday, 13 October 2018 04:18 AM

පුදුම එකතුවක්?

:       1       106

bandula Saturday, 13 October 2018 06:49 AM

හැමදාම කලේ හොරුන්, තක්කඩියන්, මිනීමරුවන්, නීතිය භාවිතාකරමින් මුදවා ගැනීමයි. දුමින්ද සිල්වාගේ මොලය එළියට ගෙන ඔපරේෂන් කලා කියලා මරුණු මිනිහෙක්ගේ මොලේ පින්තූර උසාවියට ගෙනාවේ මෙතුමා... මිනිහෙක්ගේ මොලේ එළියට අරගෙන ප්‍රතිකාර කරන ක්‍රමය තවම හොයාගෙන නැහැ.

:       1       677

rohana kumara mendis Saturday, 13 October 2018 07:27 AM

මම මේ ලියන්න ගිය ටිකමයි බද්රානි ලියලා තියෙන්නේ. අර හිරේ ඉන්න කෙනෙක් වෙනුවෙන් කතා කලෙත් මෙතුමනේ...ස්තුතියි ඔබට

:       1       148

ranjith Saturday, 13 October 2018 08:37 AM

මුදලට අසාධාරණය ජයගන්න වෙහෙසිලා අන්තිමට වල පල්ලට - මුදල පැත්තක තියලා යුක්තිය, සාධාරණත්වය ගැන කතාකරන මිනිස්සුනම් වලපල්ලට යන්නේ නෑ.. සදා කල් අප අතර ජීවත්වෙනවා.

:       0       265

kosala Saturday, 13 October 2018 08:46 AM

අනාගත ජනාධිපති ගෝඨා සහ අනාගත අගමැති තිස්ස ඔය ඉන්නේ..

:       80       112

sirimal Saturday, 13 October 2018 08:55 AM

මේ උත්සවයට ආරාධනා ලබා සහභාගි වී ඇති කට්ටිය ගැන සලකා බැලුවාම අපේ නීතීඥතුමාගේ දේශපාලන නැඹුරුව කොයි පැත්තටද කියල හිතාගන්න පුළුවන්... මේවගේ කට්ටිය තමයි ඔය නාලිකාවල දේශපාලන සාකච්ඡාවලට සහභාගි වෙමින් පුවත් පත්වල ලිපි පලකරවා ගනිමින් සහ යනයන තැන "වොයිස් කට්" දෙමින් රටේ මහජන මතය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්සවා ගන්නට සමත් වුනේ...

:       1       262

OMG Saturday, 13 October 2018 03:30 PM

පුදුම එකතුවක්නේ... ?

:       1       105

lakmal Saturday, 13 October 2018 04:20 PM

දැන්වත් ඉගෙන ගන්න ඔය ඉන්න ඔක්කොම පාටවල් වෙනස් වුනාට එකම කල්ලියේ අය කියල.

:       0       108

OMG Sunday, 14 October 2018 05:08 AM

පුදුම එකතුවක්....

:       0       6

Shan Sunday, 14 October 2018 08:10 AM

බද්රානි, හරියටම හරි....

:       1       6

ලුම්බිණි Monday, 15 October 2018 03:22 AM

ගෝඨාභය මහත්තයා ලොකු කල්පනාවක ඉන්නේ මොකද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site