IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දීය සාගරය භාවිතා කරන්නන්ගේ සමුළුව ඇරඹෙයි

‘ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම’ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (11) ආරම්භ කෙරිණි. ඉන්දීය සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය භාවිත කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් සහ ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.

මෙම සමුළුව සඳහා විපක්ෂනායක ආර්. සම්බන්ධන්, කථානායක කරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන්, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරු ද සහභාගී වූහ. සමුළුව හෙට(12) දක්වා පැවැත්වේ.

ඡායාරූප  -  ගයාන් අමරසේකර



අදහස් (8)

ඉන්දීය සාගරය භාවිතා කරන්නන්ගේ සමුළුව ඇරඹෙයි

chamin Thursday, 11 October 2018 08:51 AM

අදාල රටවල් වලින් කවුරුවත් නැනේ...

:       1       3

samank Thursday, 11 October 2018 09:05 AM

හපොයි දෙයියනේ එකත් විනාශයි! අපේ අහිංසක ධීවරයන්ටත් ලගදීම මිල සුත්තරයක් එයි වගේ.

:       5       28

KANDEPOLA Thursday, 11 October 2018 09:14 AM

සමුළු, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, විදේශ සංචාර, ගිවිසුම් වලින් නම් අඩුවක් නෑ. හැබැයි ජනතාව යන්නේ හොම්බෙන්.

:       1       124

dhammika perera Thursday, 11 October 2018 05:29 PM

ඉතාම කාලෝචිත පියවරක්. හුඟක් කලින් කරන්න තිබුණ දෙයක්.

:       133       21

akila Friday, 12 October 2018 01:21 AM

අගමැතිතුමාගේ තවත් සංකල්පයක් වගේ. මෙම සමුළුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නේ නැහැ. හැබැයි මෙම ආරම්භක සමුළුවට පස්සේ ඕකේ ආයේ කිසිම දෙයක් වෙන එකක් නැහැ , එක විශ්වාසයි

:       21       0

neela Friday, 12 October 2018 02:56 AM

ඔස්ට්‍රේලියාව ඉන්නවද? ඔස්ට්‍රේලියාව තමයි ඉන්දියන් සාගරය ඉතාමත්ම කාර්යක්ෂම විදියට පාවිච්චි කරන්නේ.

:       0       0

sanka Friday, 12 October 2018 05:55 AM

හැමදාම වෙන දේම තමා මෙතනත් වුනේ. අනවශ්‍ය අය ගේන්න ගත්තා

:       0       15

ruchi Friday, 12 October 2018 11:01 AM

කෝ බලපිටිය, අම්බලන්ගොඩ පැත්තෙන් කවුරුවත් නැහැනේ. ඉන්දීය සාගරය භාවිතා කරනවනේ උදේ පාන්දරට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site