ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කම දිනාගත් පාරමී වසන්ති මාරිස්ටෙලා අද පෙරවරුවේදී කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියාය.
ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් එකම කාන්තාව වන සුසන්තිකා ජයසිංහ මහත්මියද ගුවන් තොටුපොළට ගොස් සිටියාය.
මීටර 2000 බාධක දිවීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් පාරමී වසන්ති යොවුන් ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩිකාවද වන්නීය.





ඡායාරූප : ප්‍රසාද් මුතුකුඩ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා......
මෙඩ්ල් එකක් ගත්තම සතුටුයි. එත් කියන්න දුකයි අවුරුදු 10 කට 20 කට එක්කෙනක් කියන එක. ලංකාවේ අපිට තියෙන එකම ක්‍රීඩාව ක්‍රිකට් විතරද කියලා හිතෙනව සමහර විට. එයද ක්‍රීඩාවක්ද සූදු පිටියක්ද කියල හිත ගන්න අමාරුයි. ජාත්‍යන්තර තරංග සඳහා මොකක් හරි හොඳ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම තුනේ පන්තියේ රටක් කිය කියා ඉන්නයි වෙන්නේ.
හතරවෙනි ෆොටෝ එක දැක්කම ආදරේ හිතුණා.. තාත්තගේ ආදරේ... අපගේ උණුසුම් සුබ පැතුම්...
සැබෑ ආඩම්බරයක්...
ඔලිම්පික් පදක්කමකින් අපේ රට සරසන්න වාසනාව ලැබේවා! රජයෙන් බැරි නම් අපි එකතුවෙලා හරි මේ දරුවට අවශ්‍ය පහසුකම් ලබාදෙමු. අපේ රටට කලාතුරකින් ලැබෙන ඔලිම්පික් දක්වා යන්න පුළුවන් දරුවෙක්... මීට අමතරව තව දරුවන් දෙතුන් දෙනෙක් ඉතා ඉහළ දස්කම් දැක්වූවා... ඔවුන්ද රටේ අතිශය දුර්ලභ සම්පත් බව කිවයුතුය... සහ ඔවුන්ට අපේ දිරිගැන්වීම ලබාදෙමු.
ඇයි මේ ගුණවර්ධනගේ අදහසට විරුද්ධ වෙන්නේ...? ඔහු කර ඇත්තේ ශුබපැතීමක්... රටට කීර්තියක් ගෙන ඒම වරදක්ද?
ඉතින් ලෝකඩ පදක්කමක් හරි ගෙනාවනේ නේද?
යනකොටත් මේ වගේනම් ...
කුහකකම, ඊර්ෂියාව ඉස්මතුවෙන එක ඉබේම වෙනවා. සුසන්තිකාට උනෙත් ඒ දේමයි. මේ දරුවට ඉදිරියට යන්න වාසනාව ලැබී රටට රන් පදක්කමක් ගෙන ඒමට අවස්ථාව ලැබේවා.
කරුණාකරලා නිසි බලධාරින් මේවගේ දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දීල අවශ්‍ය දේවල් දීල ජාත්‍යන්තර තලයේ ට්‍රැක් වල දුවන්න පුළුවන් පරිසාදන මට්ටමට ගේන්න...... අපේ මිනිස්සු කරන්නේ ක්‍රිකට් අල්ලන් බදාගෙන ඉන්න එක.. ක්‍රිකට් ගහන මිනිස්සු බහුතරයක් සල්ලි තියන මිනිස්සු.. ක්‍රිකට් වලටම කරන එක නතර කරලා මේ වගේ අහිංසක අසරණ අපේ දරුවන්ගේ දක්ෂ කම් ඉස්සරහට ගන්න. ලංකාවේ දෙන ක්‍රිකට් වත්මන තත්වයත් හොද තත්වයක් නෙමේනේ.. මම නම් කෙමති ලංකාවේ ක්‍රිකට් නැති වෙනවනම්..
කවුද කියන්නේ ලංකාව තුන්වෙනි පන්තියේ රටක් කියලා.. අනේ නැහැ පලවෙනි තැනටත් ඉස්සරහින් ඉන්නේ ඊර්ෂියාවෙන්, කුහකකමින් පිරුණු අය.. කවුරු මොනවා කළත් එ්දෙස අපහාසාත්මක ලෙස දකින අය තමයි ඉන්නේ...