IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ දියණිය පාරමී සියරට එයි

ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කම දිනාගත් පාරමී වසන්ති මාරිස්ටෙලා අද පෙරවරුවේදී කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියාය.

ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් එකම කාන්තාව වන සුසන්තිකා ජයසිංහ මහත්මියද ගුවන් තොටුපොළට ගොස් සිටියාය.


මීටර 2000 බාධක දිවීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් පාරමී වසන්ති යොවුන් ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාව  වෙනුවෙන් පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩිකාවද වන්නීය.


ඡායාරූප : ප්‍රසාද් මුතුකුඩ



අදහස් (15)

යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ දියණිය පාරමී සියරට එයි

p.d goonawardena Saturday, 20 October 2018 07:53 AM

ජයවේවා......

:       140       2119

GaminiSaturday, 20 October 2018 02:29 PM

බොහම ආඩම්බරයි අපි හැමෝම. ඔබට සියලු දෙවි පිහිටෙන් තවත් සවි බල ලැබේවා! පාසල් ක්‍රීඩාව නැවත දියුණු වෙනවා වගේ . අධ්‍යාපන ඇමති තුමාට සහ පාසල් ක්‍රීඩා අංශයට මල් කළඹක් !

:       0       181

NandikaSaturday, 20 October 2018 10:24 PM

පාරමී දුවේ, අපිට ඔය ගෙන ගොඩක් ආඩම්බරයි . ජයවේවා!!!!!!!!!!!!!!!!

:       0       29

menna Saturday, 20 October 2018 08:25 AM

මෙඩ්ල් එකක් ගත්තම සතුටුයි. එත් කියන්න දුකයි අවුරුදු 10 කට 20 කට එක්කෙනක් කියන එක. ලංකාවේ අපිට තියෙන එකම ක්‍රීඩාව ක්‍රිකට් විතරද කියලා හිතෙනව සමහර විට. එයද ක්‍රීඩාවක්ද සූදු පිටියක්ද කියල හිත ගන්න අමාරුයි. ජාත්‍යන්තර තරංග සඳහා මොකක් හරි හොඳ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම තුනේ පන්තියේ රටක් කිය කියා ඉන්නයි වෙන්නේ.

:       0       6

MISHAL-MATARA Saturday, 20 October 2018 10:52 AM

හතරවෙනි ෆොටෝ එක දැක්කම ආදරේ හිතුණා.. තාත්තගේ ආදරේ... අපගේ උණුසුම් සුබ පැතුම්...

:       0       742

OMG Saturday, 20 October 2018 12:24 PM

සැබෑ ආඩම්බරයක්...

:       0       942

සරත් Saturday, 20 October 2018 12:36 PM

ඔලිම්පික් පදක්කමකින් අපේ රට සරසන්න වාසනාව ලැබේවා! රජයෙන් බැරි නම් අපි එකතුවෙලා හරි මේ දරුවට අවශ්‍ය පහසුකම් ලබාදෙමු. අපේ රටට කලාතුරකින් ලැබෙන ඔලිම්පික් දක්වා යන්න පුළුවන් දරුවෙක්... මීට අමතරව තව දරුවන් දෙතුන් දෙනෙක් ඉතා ඉහළ දස්කම් දැක්වූවා... ඔවුන්ද රටේ අතිශය දුර්ලභ සම්පත් බව කිවයුතුය... සහ ඔවුන්ට අපේ දිරිගැන්වීම ලබාදෙමු.

:       1       600

ලක්ෂ්මන් Saturday, 20 October 2018 12:51 PM

ඇයි මේ ගුණවර්ධනගේ අදහසට විරුද්ධ වෙන්නේ...? ඔහු කර ඇත්තේ ශුබපැතීමක්... රටට කීර්තියක් ගෙන ඒම වරදක්ද?

:       174       790

OMGSaturday, 20 October 2018 02:38 PM

උද්දච්ච කමද නැතිනම් කුහක කමද? මේ වගේ සුභ පැතුම් වලට විරුද්ධ අදහස් දාන අය ඕනේ තරම් අපේ රටේ ඉන්නවා.

:       0       30

කැලුම් Saturday, 20 October 2018 04:44 PM

ලක්ෂ්මන්, ඔය දන්නේ නැති උනාට "ජයවේවා" කියන වචනෙත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. මොකද ඔය වචනය තමයි හැමදාම මිනිසුන්ව අමාරුවේ දැම්මේ

:       0       25

බ්‍රවුන්රිග් Saturday, 20 October 2018 01:03 PM

ඉතින් ලෝකඩ පදක්කමක් හරි ගෙනාවනේ නේද?

:       1       17

jaya Saturday, 20 October 2018 05:45 PM

යනකොටත් මේ වගේනම් ...

:       0       13

Ratnamalala Sunday, 21 October 2018 12:41 AM

කුහකකම, ඊර්ෂියාව ඉස්මතුවෙන එක ඉබේම වෙනවා. සුසන්තිකාට උනෙත් ඒ දේමයි. මේ දරුවට ඉදිරියට යන්න වාසනාව ලැබී රටට රන් පදක්කමක් ගෙන ඒමට අවස්ථාව ලැබේවා.

:       0       59

Uditha - London Sunday, 21 October 2018 07:56 AM

කරුණාකරලා නිසි බලධාරින් මේවගේ දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දීල අවශ්‍ය දේවල් දීල ජාත්‍යන්තර තලයේ ට්‍රැක් වල දුවන්න පුළුවන් පරිසාදන මට්ටමට ගේන්න...... අපේ මිනිස්සු කරන්නේ ක්‍රිකට් අල්ලන් බදාගෙන ඉන්න එක.. ක්‍රිකට් ගහන මිනිස්සු බහුතරයක් සල්ලි තියන මිනිස්සු.. ක්‍රිකට් වලටම කරන එක නතර කරලා මේ වගේ අහිංසක අසරණ අපේ දරුවන්ගේ දක්ෂ කම් ඉස්සරහට ගන්න. ලංකාවේ දෙන ක්‍රිකට් වත්මන තත්වයත් හොද තත්වයක් නෙමේනේ.. මම නම් කෙමති ලංකාවේ ක්‍රිකට් නැති වෙනවනම්..

:       0       30

Kumara Koralegedara Sunday, 21 October 2018 12:00 PM

කවුද කියන්නේ ලංකාව තුන්වෙනි පන්තියේ රටක් කියලා.. අනේ නැහැ පලවෙනි තැනටත් ඉස්සරහින් ඉන්නේ ඊර්ෂියාවෙන්, කුහකකමින් පිරුණු අය.. කවුරු මොනවා කළත් එ්දෙස අපහාසාත්මක ලෙස දකින අය තමයි ඉන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site