






පොළොන්නරුව වැලිකන්ද ගම්මාන රැසක ජීවිත හා දේපළ රැසක් විනාශ කරමින් ගම්මානය පුරා සැරිසැරූ වන අලියා අල්ලා ගැනීමට පොළොන්නරුව වනජීවී නිලධාරීන්ට හැකි වී තිබේ.
වැලිකන්ද අසේලපුරදී ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙම වන අලියා අල්ලා ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
වයස අවුරුදු 35 ක් පමණ වන මෙම වන අලියා අද (15) අනුරාධපුර හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිත බව අලියා අල්ලා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟු ආරච්චි මහතා සඳහන් කළේය.
( නිමල් ජයරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු නෙමේ කරදයක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට, මිනිස්සුයි සත්තුන්ට කරදරයක් වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්නේ නැහැනේ කවුරුත්....