(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
සමාජයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන කොළඹ ආනන්ද විද්‍යාලයේ 82 කණ්ඩායම නියෝජනය කරන ආදී සිසුන් අට දෙනෙකු වෙත උපහාර පිදීමේ අවස්ථාවක් එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද පැවැත්විණ.
ආදී ආනන්දීය 82 කණ්ඩායම විසින් සංවිධානය කළ මෙහිදී ආනන්ද විදුහල්පති එස්.එම්.කීර්තිරත්න මහතා විසින් ආදී ආනන්දීයන් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා , ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් අතුල ද සිල්වා , ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය දීප්ති කුමාර ජයසේකර ,පොලිස් හදිසි ඇමතුම් අංශ සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය ජනක මුදලිගේ , කෘෂි හා කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ , සබරගමුව පළාත් සභාවේ පරිපාලන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර සහ සරසවිය ප්‍රධාන කතෘ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ ගුණරත්න, මවුබිම පුවත්පතේ කතෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රී යන මහත්වරුනට උපහාර පුදන ලදී.
ආදී ආනන්දීය 82 කණ්ඩායම මෙය සංවිධානය කර තිබිණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවින්ද පෙරේරා හිටපු ශීෂ්‍ය නායකයා. ඉතා හිත හොද මිතුරෙක් ඉස්කෝලෙ යන කාලෙ
ඇයි 82 කණ්ඩායමෙන් පමණක්ම තෝරා ගත්තේ? තම සංගමය (82) විසින් තමන්ටම සම්මාන ප්‍රදානය කර ගැනීමක් නේද මෙය....
මා සමග එකට ඉගෙනුම ලැබූ සියළුම මිතුරන්ට මාගේ හදපිරි සූබ පැතුම් !!!
අපේ බෞද්ධ උරුමය අපේ පාසල් අපට දෙන්න.
හොඳ පියවරක්. අනන්දියන්ට ආදර්ශයක්. රටට ආදර්ශයක්. ජාතිකාභිමානයෙන් යුතු සිසුන් තැනු ආදර්ශමත් පාසල් අතුරින් තවමත් ඉන්නේ පලවෙනි ස්ථානයේ!
83, 84 ,85, 86 ......2010 ..... සංගම් ඔය විදියට ත්‍යාග ප්‍රධාන කරන්න උත්සව ගියොත් අපේ විදුහල්පතිතුමාට වෙන වැඩක් නැති වේවි.
සෑම පාසලකම ආදී සිසු උපහාර තියෙනවා
82 සංගමය කල දේ හොඳයි, නමුත් සෑම ආදී ආනන්දියෙක්ම සලකා බලලා සම්මාන 25 ක් පමණ දුන්නානම් තමයි ලස්සන. එතකොට අපේ සුනිල් වෙත්තමුණි, සරත් ෆොන්සේකා මැතිතුමා, ආචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, ගයිරුක පේරුසිංහ, ඉම්තියාස් බකීර් මාකර්, යටගම අමරදාස, සරත් විමලරත්න. අජිත් ද සිල්වා, මහින්ද සේනාධීර, වසන්ත කරන්නාගොඩ, සුදර්ශන් සෙනෙවිරත්න, විජය විමලරත්න වැනි මැතිදුන් අගය කරන්න අවස්තාව ලැබෙනවා. මේ අය කරලා තියෙන්නේ 82 වසරේ පිටව ගිය අය පමණක් සම්මාන දීමක්, එහි අගයක් නැහැ. ඉතා කුඩා කණ්ඩායමකින් 7 දෙනෙක් තෝරාලා.
සුභ පැතුම් !!!! යාලුවනේ..
82 යාලුවෝ දැක්කම අපේ සොඳුරු පාසල් අතීතය මතක් වෙනවා.