




වනාතවිල්ලුව පරණ එළුවන්කුලම රාල්මඩුව වැවේ බැම්ම කැඩී යාමෙන් දැවැන්ත ජල කඳක් ගඟේ වාඩිය හරහා කලපුවට ගලා යමින් පවතී.
මෙම සිදු වීම අද (07) සිදු වී ඇති අතර පවතින අධික වැසි හේතුවෙන් ගොවීහු දැඩි අසීරුතාවට පත්ව ඇත.
මෙම වැව අක්කර 500 ක පමණ ජල ධාරිතාවකින් සමන්විත වැවක් වන අතර වැවේ ජලය උපයෝගි කර ගනිමින් කුඹුරු අක්කර 150 ට වැඩි ප්‍රමාණයක් අස්වද්දවනු ලැබේ.
වැව මෙතෙක් කිසිදු අවදානමක් නොතිබු වැවක් බවත් , මෙය කිසිවකු හිතා මතා කළ ක්‍රියාවක්ද යන්න පිළිබඳව සැකයක් පවතින බව ගොවි සංවිධානයේ ලේකම් ප්‍රැන්සිස් පෙරේරා මහතා පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වු පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර අධ්‍යක්ෂ නයනා බුද්ධදාස මහත්මිය
“මේ වැව කිසිම අවදානමක් නොතිබු වැවක් . ගොවින් අපිට පැවසුවා 7 උදේ වැවට එද්දි වෑ කන්දේ උදලු යොදා ගෙන කන්ද කපා තිබුණ බව. මේ නිසා අපි පුර්ණ පරික්ෂණයක් සිදු කරනවා . මේ නිසා ගොවින්ට මහ කන්න කරගන්න දැඩි අවදානමක් තිබෙනවා යනුවෙන් පැවසීය.‘
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වනාතවිල්ලුව ‘රාල්මඩුව‘ වැවේ වැව් බැම්ම කැඩී ගිහින්
prabachandra Monday, 08 October 2018 06:56 AM
ඉක්මනින් වැව හදලා දෙන්න. ඒක කරන්න පුළුවන්.