IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අතරමං වූ හඳුන් දිවි පැටව් යළිත් මව් දිවිදෙන වෙතට

රංජිත් රාජපක්ෂ

       
                 
මවගෙන් වෙන් වී තේ වත්තේ ගසක උමගක් තුළ සිටි සති දෙකක් වයසැති හදුන් දිවි පැටවුන් දෙදෙනාට සිය මව සොයා දිමට නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ සහකාර අඩවි වන නිලධාරි ප්‍රභාෂ් කරුණාතිලක මහතා ඇතුළු වනජිවි නිලධාරින් සමත් වී ඇත.


බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙම හදුන් දිවි පැටවුන් දෙදෙනා හමුවි තිබේ.


තේ වත්ත මැද පිහිටි විශාල මැයි මාර ගසක උමගක් තුළ සිටියදී මෙම හදුන් දිවි පැටවුන් හමුවී තිබුණි.


මේ බව බගවන්තලාව පොලසිය විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දී තිබේ.


වනජිවි නිලධාරින් එම වතුයායට පැමිණ හදුන් දිවි පැටවුන් දෙදෙනා ඔවුන් බාරයට ගෙන එම පැටවුන් සිටි මැයි මාර ගසේ බෙනය තුළටම මුදා හැරිමට කටයුතු කර ඇත.

බෙනය තුළ මුදා හැරි හඳුන් දිවි පැටවුන් දෙදෙනා පිළිබඳව අද (5) අලුයම  පරික්ෂා කිරිමට ගිය අවස්ථාවේ එම බෙනය තුළ මුදා හැරි හදුන් දිවි පැටවුන් දෙදෙනා නොසිටි බවත්, සිය මව විසින් පැටවුන් දෙදෙනා සුදුසු  ආරක්ෂිත පරිසරයකට  රැගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ සහකාර අඩවි වන නිලධාරි ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

හඳුන් දිවි පැටවුන් දෙදෙනාගේ මව කම්කරුවන් තේ දළු නෙලන අවස්ථාවේ එම ස්ථානය මඟ හැර හෝ ගොදුරු සොයා යන්නට ඇති බව සැකකරුන බව ඔහු කීවේය.



අදහස් (8)

අතරමං වූ හඳුන් දිවි පැටව් යළිත් මව් දිවිදෙන වෙතට

sam Friday, 05 October 2018 06:10 AM

ඉංගිරිසියෙන් wishful thinking කියන්නේ මෙහෙම දේවලටයි. පැටව් දෙන්නා කවුරු හරි මිනිසෙක් අරගෙන ගියාද , බල්ලෙක් ,කබරයෙක් , හෝතඹුවෙක් කාලා දැම්මාද එහෙම නැත්නම් පෙර වාසනාවක් තිබිලා ඔය ඉහත පුවතේ වනජීවී නිලධාරීන් කියන දේම සිදු උනාද කියලා දන්නේ සමන් දෙවියොම තමයි.

:       0       347

amilaFriday, 05 October 2018 06:42 AM

ලංකාවේ අනිත් දේවල් වගේම තමයි ඉතින් මේකත්. ඔබ කිවුව වගේ මව අරන් යන්න තියන අවස්ථාව 1%. කිසිම වගකීමක් නැති විදියට තමයි කාර්ය වෙලා තියෙන්නේ.

:       0       103

ලසන්තSaturday, 06 October 2018 12:03 PM

අනෙක් සතුන්ට වඩා තම පැටව් ගැන දිවි දෙනට ඉව ඇත. මිනිසෙක් නැවත උන් රැගෙන නොගියානම් මව රැගෙනයාමට ඇති ඉඩකඩ බොහෝය. බළලුන් හා මීයන් පිළිබඳ මා මෙය බොහෝ විට අත්දැක ඇත.

:       0       1

ලුම්බිණි Friday, 05 October 2018 07:30 AM

මේ පැටව් දෙන්නා ඉතාම කුඩා. ඒ නිසා තව ටිකක් බලන්නයි තිබුනේ.

:       0       23

Buddike Friday, 05 October 2018 07:55 AM

මේ පැටව් දෙදෙනා අතින් අල්ලන එක නොකල යුතු වැඩක්. වෙන්නේ මව් සතාට පැටව් දෙන්නගේ ඉව නැති වෙන එක. එතකොට මව් සතා පැටවුන්ව අතාරිනවා.

:       0       16

සුනිල් රත්නායක Friday, 05 October 2018 07:57 AM

පොඩි එවුන් තාම ඇස් ඇරලවත් නෑ. අනේ මේ වගේ බුද්ධිමත් ක්‍රියාකාරී කල්පනාශීලි උපක්‍රමශීලි වනජීවී ආයතනයක් ලබන්නට අප කොතරම් වාසන්නා වන්තද?

:       1       9

banda Friday, 05 October 2018 08:02 AM

අනිවාර්යයෙන්ම වෙන සතෙකුගේ ගොදුරක් වෙන්න පුළුවන්...

:       0       39

amla Saturday, 06 October 2018 04:06 AM

මේක බලන කොට හිනායනවා... මේවට අදහස් දක්වන එව්වෝ මහා හෙන පණ්ඩිත අය.... ලැජ්ජත් හිතෙනවා පණ්ඩිත කියුම්වලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site