හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව හා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අද (1) හමා ගිය තද සුළඟකින් නිවාස 100 කට පමණ හානි සිදුව මාර්ග ගණනාවකට ගස් කඩා වැටී ගමනා ගමනයටද බාධා එල්ල වූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
තද සුළඟත් සමඟ ගස් නිවෙස් මතට කඩා වැටී විශාල හානි සිදුව තිබූ බවත් ඒ සමඟම මාර්ග මතටද ගස් කඩා වැටීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පැයකට ආසන්න කාලයක් අවහිර වී තිබූ බවත් පුත්තලම ආපදා කළනාකරණ ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
ගස් කඩා වැටීමෙන් ගම්මාන 20 කට වැඩි ප්‍රමාණයකට සම්පුර්ණයෙන් විදුලිය ඇණ හිට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහතා සහ ඔහුගේ පුත් යසෝධ රංගේ බංඩාරද සිද්ධිය වූ ප්‍රදේශයට පැමිණ සිටියහ.
අවහිර වූ ඉතිරි මාර්ග සහ නිවෙස් මතට පතිත වූ ගස් ඉවත් කිරීම හෙට උදෑසන සිට යුද හමුදාවේ සහය ඇතිව සිදුකරන බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.





2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තද සුළඟකින් ආණමඩුවේ ගෙවල් 100 ට හානි