(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය වනජීවි කලාපයට අයත් ගෝනගම ප්‍රදේශයේ ගෙවත්තක අනතුරකට ලක්ව වැටී සිටි "හම්බාවෙකු" අද (13) නිකවැරටිය වනජීවි නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.
අනතුරකට ලක්ව සිටි හම්බාවා ප්‍රතිකාර සඳහා නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ බව නිකවැරටිය වනජීවි කලාප කාර්යාලය පැවසීය.
මෙම දුර්ලභ ඝනයේ හම්බාවාට පාදවල ඇති බැඳි පටක ආධාරයෙන් , උස් තුරු මුදුනක සිට වුවද , පියාඹන ආකාරයෙන් බිමට බැසීමට හැකි බව වනජීවි නිලධාරීහු පවසති.
නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා විසින් ප්‍රතිකාර ලබා දුන් බවද නිලධාරීහු පැවසූහ. නිකවැරටිය වනජීවි කලාප ප්‍රධානී අයි.එම්.ජී.සෙනවිරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හම්බාවා සොයා ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තුරයේ සිටින හම්බාවා ඉතාමත් ගැඹුරු කල්පනාවක යෙදී සිටින බවකුයි පෙනෙන්නේ.
ඒ කියන්නේ... අනේ මාව ඉතාමත් දරුණු ගණයේ සතුන් කොටසකට අහුවුණා කියලාවත්ද?
අති දුර්ලභ වඳවී යන සත්වයෙක් වන හම්බාවා. ගස්වල ඉහළට නැග, පහළ ගස්වලට පියඹා යන අඳුර සමග සවස් කාලයේ කැලෑ සහිත ගම්බද ප්‍රදේශවල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන සත්වයෙකි. දඬුලේනාට අතිශය සමානකමක් දක්වන මෙම සතා පලතුරු ආහාරයට ගනිමින් ජීවත්වේ.