IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දුර්ලභ ඝනයේ හම්බාවෙක් නිකවැරටියෙන් සොයා ගනී

(ප්‍රියානි  මංගලිකා )

නිකවැරටිය වනජීවි කලාපයට අයත් ගෝනගම ප්‍රදේශයේ ගෙවත්තක අනතුරකට ලක්ව වැටී සිටි "හම්බාවෙකු" අද (13) නිකවැරටිය වනජීවි නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

අනතුරකට ලක්ව  සිටි  හම්බාවා ප්‍රතිකාර සඳහා නිකවැරටිය  පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ බව නිකවැරටිය වනජීවි කලාප කාර්යාලය පැවසීය.

මෙම දුර්ලභ ඝනයේ හම්බාවාට පාදවල ඇති බැඳි පටක ආධාරයෙන් , උස් තුරු මුදුනක සිට වුවද , පියාඹන ආකාරයෙන් බිමට බැසීමට හැකි බව වනජීවි නිලධාරීහු  පවසති.

නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා විසින් ප්‍රතිකාර ලබා දුන් බවද නිලධාරීහු පැවසූහ. නිකවැරටිය වනජීවි කලාප ප්‍රධානී අයි.එම්.ජී.සෙනවිරත්න  මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හම්බාවා සොයා ගැනිණි.



අදහස් (3)

දුර්ලභ ඝනයේ හම්බාවෙක් නිකවැරටියෙන් සොයා ගනී

naradha Thursday, 13 September 2018 03:38 PM

මේ පින්තුරයේ සිටින හම්බාවා ඉතාමත් ගැඹුරු කල්පනාවක යෙදී සිටින බවකුයි පෙනෙන්නේ.

:       1       41

godfrey Friday, 14 September 2018 09:01 AM

ඒ කියන්නේ... අනේ මාව ඉතාමත් දරුණු ගණයේ සතුන් කොටසකට අහුවුණා කියලාවත්ද?

:       0       5

LCI Sunday, 16 September 2018 09:25 AM

අති දුර්ලභ වඳවී යන සත්වයෙක් වන හම්බාවා. ගස්වල ඉහළට නැග, පහළ ගස්වලට පියඹා යන අඳුර සමග සවස් කාලයේ කැලෑ සහිත ගම්බද ප්‍රදේශවල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන සත්වයෙකි. දඬුලේනාට අතිශය සමානකමක් දක්වන මෙම සතා පලතුරු ආහාරයට ගනිමින් ජීවත්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1732 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1433 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site