IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි

(නිමල කොඩිතුවක්කු)
         
මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව් බෝට්ටු වෙත ක්ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප‍්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත‍්‍රාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරායේ දී  දියත් කෙරිණි.


සෝලා මැරීන් ලංකා ආයතනය විසින් මෙම ගිනි නිවීමේ යාත‍්‍රාව නිෂ්පාදනය කර ඇති අතර පැයට නාවීක සැතපුම් 35 ක වේගයකින් ගමන් කිරීමට හැකිවීම එහි විශේෂත්වයකි.


පැයකට වතුර ලීටර් ලක්ෂ  06 ක් මීටර් 120 ක් දුරට විදිය හැකි පහසුකම් සහිත මෙම යාත‍්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 200 ක දුර ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරතවීමේ  පහසුකම් වලින් සමන්විතය.


මෙම ගිනි නිවීමේ යාත‍්‍රාවේ ගිනි නිවීම් භටයින් 6 දෙනෙකුට ගමන් කර මෙහෙයුම් සිදු කිරීමේ පහසුකම් ඇත.


ගිනි ගැනීමක් පිළිබඳව වාර්තා වූ වහාම අදාළ ස්ථානය නිශ්චිතව හදුනාගැනීමේ නවීන තාක්ෂණික ක‍්‍රම මෙන්ම එවැනි ගිනි ගැනීමක් දැනගැනීමත් සමඟ අදාළ නැවේ  අයිඑම්ඕ අංකය මගින් එම නැව ඇති ස්ථානය පහසුවෙන් හදුනාගැනීමේ ඒඅයිඑස් තාක්ෂ්ණයෙන් ද මෙම යාත‍්‍රාව සමන්විත වේ.



අදහස් (8)

අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි

latha Friday, 14 September 2018 09:36 AM

ගිනි බෝට්ටුව වතුරේ යනකොට යන්නෙත් නලා පිඹගෙනද?

:       86       16

athula Friday, 14 September 2018 09:57 AM

සුබ පැතුම් කොච්චර අගනේද

:       0       46

Chandana F Friday, 14 September 2018 10:45 AM

ජයවේවා..!!! ජය සැප දේ!

:       0       121

sirimal Friday, 14 September 2018 10:57 AM

මහ මුහුදේ ගිනි නිවනවාට කලින් "ගේ ඇතුලේ ඇවිලෙන ගිනි කන්ද" නිවා ගන්න මොකක් හරි ක්‍රමවේදයක් හදා ගත්තානම් තමයි වටින්නේ.

:       22       39

Raveendra Friday, 14 September 2018 12:59 PM

අප රටේ නිෂ්පාදනයක් අප සියල්ලෝම අගය කළ යුතුයි. අප විශ්වාස කරනවා වෙනත් රටකින් මිලදී ගන්නවා නම් විශාල මුදලක් වැයවෙනවා.

:       0       36

Nilanga Friday, 14 September 2018 01:29 PM

කදිම අත්කරගැනීමක්...

:       0       53

anura Friday, 14 September 2018 06:33 PM

අහන්නත් ඉතා සතුටුයි! අපේ රටේ නිෂ්පාදකයන්ට පලමු තැන හිමිවිය යුතුමය. ඔවුන්ව දිරිගන්වා අවශ්‍යය සියලු පහසුකම් ලබාදිමෙන් ඉතා වේගයෙන් රට සංවර්ධනය කළ හැකියයි මා අවංකව විශ්වාශ කරමි. ජයවේවා! ජර්මනිය මෙතරම් දියුනුවට පත්වි ඇත්තේ ඹවුන් තම රටේ වැසියන් කෙරේ තබා ඇති විශ්වාශයත් ඔවුන්ට අවශ්‍යය සියලු පහසුකම් නොඅඩුව සපයා දෙන නිසාත්ය.

:       0       34

anura Sunday, 16 September 2018 06:57 AM

අනාගතයේදී උද්ඝෝෂණය කරන ධීවරයන්ට විරුද්ධවත් මේවා භාවිතා කරාවි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site