(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
වෛද්‍ය උපාධි සිහිනය බොඳ නොකර පොරොන්දු වූ පරිදි වහාම තමන්ව කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලකර සිටීමේ නිහඬ විරෝධතායක් සයිට්ම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුහු අද (11) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුහ.
'සයිට්ම් සිසුන් කබලෙන් ලිපට' , 'වගකිව යුත්තන් මර නින්දේ' , 'ජනපතිතුමනි ගෙවන්න බෑ නෙමෙයි ගෙවන්න නෑ' වැනි සටන් පාඨ සහිත ප්‍රදර්ශන පුවරු රැගෙන ගාලුපාරේ බිම වාඩී වී මෙසේ උද්ගෝෂණයේ නිරත වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා විසින් වහාම මෙම ගැටලුවට විසඳුමක් ලබා දිය යුතුයි. මෙම සිසුන් තව දුරටත් මේ ආකාරයට අපහසුතාවයට පත් නොකළ යුතුය. මේ ගෙවෙන්නේ ඔවුන්ගේ වටිනා ජීවිත කාලය නොවේද? මෙම ගැටලුව ඇති කරන ලද කුහක පිරිසට ස්වභාව ධර්මයාම දඬුවම් කරනු ඇත.
ළමයිනේ මම මේ මතක් කරන්න ගත්තේ, අවුරුදු තුනක් තිස්සේ ලක්ෂ 62 ජනතාවක් ඡන්දෙ දීලා අද වෙනතුරුත් බලාගෙන ඉන්නවා.
අනේ ළමයිනේ පුළුවන් තරම් ඉක්මනට මේ රටෙන් පිට වෙන්න
නිකන් හොඳ කාලේ නාස්ති කර නොගෙන හොඳ තීරණයක් ගන්න.. දේශපාලකයින් හැමදාම මිනිස්සු රවට්ටයි..
රජයේ කට්ටියක් උනානම් ගහන හැටි බලාගන්න තිබුණ. ..... එකම රටක් ,ඉරණම් දෙකක් ....
මෙම පිරිස මුදල් නොගෙවා කොතලාවල පීඨයට ගන්නවා නම් හා ඔවුන්ට උපාධි දෙනවා නම් මෙම ළමුන් සමග උසස්පෙළ ලියූ මේ ළමුන්ට වැඩ ලකුණු ඇති එහෙත් මුදල් නැති ළමුන්ටද මේ අවස්ථාව ලබාදිය යුතුයි.. අපි අවදියෙන්..
එක එක්කෙනාගේ අමන ප්‍රතිපත්ති නිසා මේ ළමයින් කරදරේ වැටුණා. දැන්වත් මේකට පිළියමක් යොදන්න.
ඇයි මේ දොස්තරලා වෙන්න කලින්ම දොස්තර කබාය ඇඳගෙන ඉන්නේ? ආසාවටද?
ළමයිනේ කොහොමහරි ලබන පාරත් මේ ආණුඩුවම පත්කර ගන්න තව අවුරුදු 5ක් ඔතනම ඉන්න පුලුවන්....
මෙතෙක් කල් ජනතාව නොමග යවමින් අන්තරය සහ ජී එම් ඕ ඒ කියපු බොරු දැන් මිනිස්සුන්ට තේරෙනවා ඇති..... මෙතනේ ඉන්නේ " කෝටිපතියන්ගේ දරුවෝ නොවෙයි . විවිධ මට්ටම්වල දෙමව්පියන්ගේ දරුවෝ.....නෙවිල් ප්‍රනාන්දු මහතා ශිෂ්‍යත්ව දුන්න අපහසු කම් ඇති දරුවෝ සහ ඉතාමත් ඉහළින් විභාග සමත් දරුවොත් ඉන්නවා....... සමහරු මුදල් සියල්ලම ගෙවල, සමහරුන්ට මුළු මුදලම නිදහස් කරලා .සමහරුන්ට ගෙවීමට සහන දුන්නේ වරිකයෙන් භාගයක් පමණි. නෙවිල් ප්‍රනාන්දු මහතාගේ තිබුණ මනුස්සකමවත් මේ ආණ්ඩුවට නැද්ද. ?
ඇත්තටම කණගාටුයි. කාගේ වුණත් දරුවෝ. ඔවුන්ටත් කාටත් වගේ අනාගත හා බලාපොරොත්ති යෙනවා. ඔවුන්ගේ වටිනා කාලය නිකම් නාස්තිවෙනවා. මේකට නිසි විසඳුමක් දෙන්න බැරි ආණ්ඩුවක් මොනවටද? ගතවූ අවුරුදු 70 අපිට පාඩමක්. දැන් හරි අපි අවදිවෙන්න ඕනේ. පැහිදිලි වෙනසක් අවශ්‍යයි.
ළමයිනේ කෙටි පාරෙන් වටෙන් එන්නේ නැතිව හරිපාරෙන් ආවානම්ඉවරයිනේ . ඔයාලගේ දෙමාපියොත් වගකියන්න ඕන මේවට
වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය රැකගැනීම සියලුම රෝගීන්ගේ යුතුකමක් අයිතියක් , ඔය සිසුන් කියාගන්න පිරිසට සාධාරණය ඉටුකිරීමට තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත නැතිකරගැනීමට ඉදිරිපත්වෙන අය ඔය කිඹුල් කඳුළු අතර ඉන්නවද , ඊර්ෂ්‍යව පැත්තක තියල කියන්න .
ඔය ජී.එම්.ඕ.ඒ එකට සිසුන් රුසියාවේ, චීනේ, ඉන්දියාවේ, නේපාලේ ගිහින් මුදලට වෛද්‍ය උපාධිය කලොත් එකේ ප්‍රශ්නයක් නැහැ නමුත්, කෙනෙක් ලංකාවේදීම මුදල් ගෙවා වෛද්‍ය උපාධිය කලොත් ඒක වැරදියි. අද මේ සිසුන් සිටින තත්වයට වග කිව යුත්තේ දුර්වල පාලනයක් ගෙන යන වර්තමාන ජනාධිපති ප්‍රමුඛ රජයයි. ඉදිරි මැතිවරණයේදී මේ රජය පලව හැරිය පසු නිදහස් වෛද්‍ය අධ්‍යාපනයක් රටේ ස්ථාපිත වනු ඇතැයි සිතමි.