(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය සංචාරක පුරවරයේ දිය මත සරුංගල් පැදීමේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා සරුංගල් සැණකෙළිය කල්පිටිය කුඩාව වෙරළ තීරයේ දී ඊයේ (8) පැවැත්විණි.
පසු ගිය 4 වැනි දා ආරම්භ වූ මේ තරගාවලිය 8 වැනි දා දක්වා පැවැත්විණි.
රටවල් 13 ක කාන්තා සහ පිරිමි තරගකරුවන් 60 දෙනෙකු තරග ඉසව් හතර සඳහා මෙහිදී තරග වැදිණි.මෙතෙක් ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියට එක් නොවුණු සරුංගල් ක්‍රීඩාව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලටට ද එක්ව ඇති බව කයිට් පාසලේ හිමිකරුවූ දිසිරි වැලිකල මහතා පැවසීය.
මෙවර තරග වැදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම කුසලතා තුළින් උපයා ගත් ප්‍රසාද ලකුණු ඔලිම්පික් තරගාවලියට තෝරා ගැනීමේ දී සුදුසුකමක් වනු ඇති බව ඔහු කීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර කුමන්ත්‍රණ ...
අපේ කොල්ලෝ නියමයිනේ