අමදෝරු අමරජීව
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය නාවික හමුදාව අතර ආරම්භ වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකා තුනක් අද (7) ත්‍රිකුණාමල වරායට සේන්දු වුහ.
SLINEX-2018 යනුවෙන් නම් කර ඇති මෙම යුද අභ්‍යාසය ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගෙන නැගෙනහිර මුහුදේ සැප්තැම්බර් 13 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.
මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සදහා ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දෙකක් හා හෙලිකොප්ටර් යානාවක් චීනවරායේ පිහිටි ගුවන් හමුදා ගුවන් පථයට පැමිණ තිබේ.
ශ්‍රි ලංකා නාවික හමුදාවේ සයුර ,සමුදුර, හා සාගර යන නෞකා හා ඉන්දීය නාවික හමුදාවට අයත් කිරිච් , කොරාඩ්ච් හා සුමිත්‍රා යන නෞකා මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට එක්වේ.
වරාය අදියර , මුහුදු අදියර යන අදියර දෙක යටතේ දින හයක් පුරා පැවැත්වෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ප්‍රථම වරට එක්වේ.
හෙලිකොප්ටර් හා සාගර මුර සංචාර, ගුවන් යානා මෙහෙයුම් , අවි පුහුණුව , මුදා ගැනිම්, සාගර යුද උපාය පුහුණුව ඇතුළු විවිධ යුද අභ්‍යාස රැසක් මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට අන්තරගත වෙයි.
මෙතෙක් කලක් වසර දෙකකට වරක් පැවැති මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය මේ වසරේ සිට වාර්ෂිකව පැවැත්විමට දෙරට එකඟ වී ඇත.



2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඒකාබද්ධ යුද අභ්‍යාසයට ඉන්දීය නෞකා තුනක් ත්‍රි‘මලේ වරායට
rasika Friday, 07 September 2018 08:29 AM
ජනබලේ ඉවරවෙච්ච ගමන් ඒ පාර ඒකාබද්ධයෙන් යුද අභ්‍යාස කරනවද?
Kumar (Gulf) Friday, 07 September 2018 08:23 PM
ඉන්දියානු ව්‍යප්ප්තවාදය එළිපිටම ක්‍රියාකාරී වෙනවා වාගෙය් පෙනෙන්නේ.