IMG-LOGO

තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානිය අවම කරන්න නාවික හමුදා සහය

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට  තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට උස්වැටකෙයියාව වෙරළ තීරයේ විසිරී ඇති තෙල් ඉවත් කිරීමේ පාරිසරික මෙහෙයුම  නාවික හමුදාව සහ ඛනිජ තෙල් නීතීගත සංස්ථා  උපදෙස් මත වෙරළාරක්ෂක  දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.


ඊයේ (09) රාත්‍රියේදී  නෞකාවකින් කලු තෙල් ගොඩ බාමින් සිටියදී මුතුරාජවෙල බෝයේ නලයක මෙම කාන්දුවීම හටගෙන  තිබු අතර කාන්දු වු තෙල් මුහුදට එක් වෙමින් පැවතියේය. එය  පාලනය කිරීමට වහා පියවර ගත් නාවික හමුදාව ඇතුළු පිරිස්  මුහුදට එක්වු තෙල්  ඉවත් කර  සිදු වන හානිය නැවැත්වීම සඳහා මේ වන විට කටයුතු යොදමින් සිටී.


පසුගියදා ජපන් රජයෙන් ලැබුණු සමාරක්ෂා, සමුද්‍රරක්ෂා යන නෞකාද  ඒ සඳහා යෙදවීමට කටයුතු කර ඇත.


සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට අනුයුක්ත විශේෂඥ දැනුමැති නිලධාරින්ගේ ස‍හයෝගය ලබා මේ සඳහා ලබාගෙන ඇති අතර,  මෙහෙයුම සඳහා නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක නිලධාරින් 300 කට අධික පිරිසක් සහභාගීවි සිටින අතරඔවුහු ඉතා යුහුසුළුව තෙල් ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටිති.


(36698)



අදහස් (11)

තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානිය අවම කරන්න නාවික හමුදා සහය

kap Sunday, 09 September 2018 09:45 AM

අර හැම තිස්සෙම අනුන්ගේ ක්‍රිකට් පරිපාලනය ගැන කතා කරන ඇමැති, එයාගේ අමාත්‍යාංශ මේ වැඩේ ගැන මොකද කියන්නේ? අස්වෙනවද?

:       528       809

sarath Sunday, 09 September 2018 11:08 AM

මේවා මාසෙන් මාසෙට පරික්ෂා කරන්න ඕනෙ නේද?

:       5       275

rohana Sunday, 09 September 2018 11:14 AM

KAP මෝඩ කතා කියන්න එපා... මොකක්ද එ්කයි, මේකෙයි අතර සමානකම...? මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා...

:       250       80

kapMonday, 10 September 2018 04:13 AM

ඈයි ඔයාට තේරෙන්නෙ නෑද්ද? ,මෙයා හෑම එකාගෙම පාලන වෑරදි හොයනවා. හෑබෑයි තමන්ගෙ අමත්යාන්ශෙ වෙන දේවල් දන්නෙ නෑ.

:       0       52

Uditha - Abu Dhabi Sunday, 09 September 2018 12:09 PM

මහජනතාවගේ මුදල්.. අපි ගෙවන බදු... කරුණාකරලා ඔය වගේ දේවල් ඉක්මනින් පිළිසකර කරන්න.. එකක් අහිංසක අපේ සල්ලි නාස්තිය.. අනික පරිසර විනාශය..කට්ටිය දෙපැත්තට බෙදිලා කුලල් කා ගන්න වෙලාවේ ඔන්න වැඩ කරනවා නම්.. හැමදාම අහිංසක අපේ හමුදාවේ කොල්ලෝ තමයි තැලෙන්නේ...

:       57       241

NuwanSunday, 09 September 2018 01:26 PM

හමුදාවේ කොල්ලෝ තමයි තැලෙන්නේ නැහැ. රටේ ඕනෑම හදිසි ආපදා තත්වයකට මුහුණ දෙන්න ඔවුන්ව පුරුදුකරලා තියෙන්නේ.., ඕනෑම රටක එහෙමයි. ඔවුන්ගේ සහාය ඕනෑම රටක ලබාගන්නවා.

:       18       80

PRADEEPMonday, 10 September 2018 09:17 AM

මේ වගේ වෙලාවල්වලට විතරයි හමුදාව මතක් වෙන්නේ.......

:       1       122

Nandalal DE SILVA - France Sunday, 09 September 2018 04:48 PM

මෙම අධි පීඩන තෙල් නළ පද්ධති නිතිපතා පරික්ෂාකර, අබලන් නළ සේවයෙන් අයින් කර මෙවැනි හදිසි තෙල් කාන්දු වලක්වා ගැනීම තෙල් සංස්ථාවේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙනවා ! ඒ සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සේවකයන් එහි සිටිනවා. මෙවැනි තෙල් කාන්දු වලින් සමුද්‍ර ජීවීන්ට මෙන්ම වෙරළ තීරවල ජීවත්වන ජනයාටද ඇතිවන පරිසර හානිය කියා නිමකළ නොහැක. මතුවට මෙවැනි අවාසනාවන්ත කාන්දු ඇතිවීම වැලක්වීමට තෙල් සංස්ථාව දැඩි පියවර ගත යුතුය !

:       0       111

upali Monday, 10 September 2018 04:10 AM

විකල්පය ඉන්දන මිල වැඩිකිරීම

:       0       15

Chamila Monday, 10 September 2018 04:22 AM

දෙහිවල වෙරලටත් අවා ඒ තෙල් . අපේ කකුල් ගන්න දෙයක් නෑ

:       1       14

sarath Tuesday, 11 September 2018 03:19 AM

තෙල් සංස්ථාවේ අදාළ නිලධාරීන්ට නඩු දැමිය යුතුයි .තමන්ගේ වගකීම් පැහැර හරිම නිසා ඔවුන්ටම දඬුවම් දියයුතුයි .ආණ්ඩුවේ රස්සාවල වගකීම් ගන්න වැඩකරන යට නීතියෙන් වත් දෙයක් කලයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site