මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට උස්වැටකෙයියාව වෙරළ තීරයේ විසිරී ඇති තෙල් ඉවත් කිරීමේ පාරිසරික මෙහෙයුම නාවික හමුදාව සහ ඛනිජ තෙල් නීතීගත සංස්ථා උපදෙස් මත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
ඊයේ (09) රාත්‍රියේදී නෞකාවකින් කලු තෙල් ගොඩ බාමින් සිටියදී මුතුරාජවෙල බෝයේ නලයක මෙම කාන්දුවීම හටගෙන තිබු අතර කාන්දු වු තෙල් මුහුදට එක් වෙමින් පැවතියේය. එය පාලනය කිරීමට වහා පියවර ගත් නාවික හමුදාව ඇතුළු පිරිස් මුහුදට එක්වු තෙල් ඉවත් කර සිදු වන හානිය නැවැත්වීම සඳහා මේ වන විට කටයුතු යොදමින් සිටී.
පසුගියදා ජපන් රජයෙන් ලැබුණු සමාරක්ෂා, සමුද්‍රරක්ෂා යන නෞකාද ඒ සඳහා යෙදවීමට කටයුතු කර ඇත.
සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට අනුයුක්ත විශේෂඥ දැනුමැති නිලධාරින්ගේ සහයෝගය ලබා මේ සඳහා ලබාගෙන ඇති අතර, මෙහෙයුම සඳහා නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක නිලධාරින් 300 කට අධික පිරිසක් සහභාගීවි සිටින අතරඔවුහු ඉතා යුහුසුළුව තෙල් ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටිති.
(36698)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හැම තිස්සෙම අනුන්ගේ ක්‍රිකට් පරිපාලනය ගැන කතා කරන ඇමැති, එයාගේ අමාත්‍යාංශ මේ වැඩේ ගැන මොකද කියන්නේ? අස්වෙනවද?
මේවා මාසෙන් මාසෙට පරික්ෂා කරන්න ඕනෙ නේද?
KAP මෝඩ කතා කියන්න එපා... මොකක්ද එ්කයි, මේකෙයි අතර සමානකම...? මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා...
මහජනතාවගේ මුදල්.. අපි ගෙවන බදු... කරුණාකරලා ඔය වගේ දේවල් ඉක්මනින් පිළිසකර කරන්න.. එකක් අහිංසක අපේ සල්ලි නාස්තිය.. අනික පරිසර විනාශය..කට්ටිය දෙපැත්තට බෙදිලා කුලල් කා ගන්න වෙලාවේ ඔන්න වැඩ කරනවා නම්.. හැමදාම අහිංසක අපේ හමුදාවේ කොල්ලෝ තමයි තැලෙන්නේ...
මෙම අධි පීඩන තෙල් නළ පද්ධති නිතිපතා පරික්ෂාකර, අබලන් නළ සේවයෙන් අයින් කර මෙවැනි හදිසි තෙල් කාන්දු වලක්වා ගැනීම තෙල් සංස්ථාවේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙනවා ! ඒ සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සේවකයන් එහි සිටිනවා. මෙවැනි තෙල් කාන්දු වලින් සමුද්‍ර ජීවීන්ට මෙන්ම වෙරළ තීරවල ජීවත්වන ජනයාටද ඇතිවන පරිසර හානිය කියා නිමකළ නොහැක. මතුවට මෙවැනි අවාසනාවන්ත කාන්දු ඇතිවීම වැලක්වීමට තෙල් සංස්ථාව දැඩි පියවර ගත යුතුය !
විකල්පය ඉන්දන මිල වැඩිකිරීම
දෙහිවල වෙරලටත් අවා ඒ තෙල් . අපේ කකුල් ගන්න දෙයක් නෑ
තෙල් සංස්ථාවේ අදාළ නිලධාරීන්ට නඩු දැමිය යුතුයි .තමන්ගේ වගකීම් පැහැර හරිම නිසා ඔවුන්ටම දඬුවම් දියයුතුයි .ආණ්ඩුවේ රස්සාවල වගකීම් ගන්න වැඩකරන යට නීතියෙන් වත් දෙයක් කලයුතුයි.