IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අවසන් දළදා රන්දෝලි පෙරහර වීදි සරයි


චමිල් රුපසිංහ


 
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී විදී සංචාරය කෙරුණු අතර පෙරහර නැරඹීම සඳහා  අති විශාල පිරිසක් රැස්වී සිටියහ. 


දළඳා  මාළිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයා රන්දෝලි දෙවැනි පෙරහරේ සිට පාවාඩ හා උඩුවියන් සහිතව මෙදින පෙරහරේ ගමන් කිරීම විශේෂත්වයකි.


මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස  ඉන්දි  රාජා සමඟ කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.


අවසන් රන්දෝලි පෙරහර පැවැත්වුණු  ඊයේ (25) දින ශ්‍රී දළදා මාළිගාව අභියසින් රාත්‍රී 7 පසුවී විනාඩි 58 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව  දළදා වීදිය(වෝඩ් වීදිය),යටිනුවර වීදිය, කන්දෙ වීදිය (හීල් වීදිය), ඩී.එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.


ඉන් අනතුරුව පසුදින (26) අලුයම 1 පසුවි විනාඩි 3 ට උතුරු දිශාමුඛව ශ්‍රි දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය(වෝඩ් වීදිය),ඩි.එස් සේනානායක විදිය(ත්‍රිකුණාමල වීදිය), ගොස් දළදා කරඩුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මඵව) සිරිත් ප්‍රකාරව එහි තැන්පත් කර සිව් දේවාලයන් හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූඡා පැවැත්වීමෙන් පසුව කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපිමේ මංගලෝත්සවය සිදුකර ආපසු ගණ දෙවි කෝවිලට පැමිණ දේව පුඡා ඉටු කිරිම කරයි.


ගැටබේ තොටේ දියකැපිමේ චාරිත්‍රය සිදුකිරිමේදි එම කැපු ජල පහර මහත් ආශිර්වාදයක් බව ජනයා අතර භක්තියෙන් ඇති විශ්වාසය නිසා එම ජල පහරෙන් මිනිසුන් ස්නානය කරනු ලබයි.

 

 


 



අදහස් (0)

අවසන් දළදා රන්දෝලි පෙරහර වීදි සරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site