IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නාඋල සොබා දහම් ගොවිපොළ

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
කාබනික හෝ කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා කන්ද උඩරට වගාකෙරෙන කැරට් ඇතුළු එළවළු වගාවන් රැසක් නාඋල හාඩුව ප්‍රදේශයේ  ගොවිපලක අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරේ.


පරිසරවේදියකු වන තිලක්  කන්දේගම මහතාගේ සොබාදහමේ ගොවිපල නමින් මෙය පවත්වාගෙන යනු ලබයි . ඉර නැගීම  ඉර බැසීම ආදී සොබාදහමේ විද්‍යාත්මක ක්‍රමයන්  හඳුනාගෙන මෙහි වගාවන් සිදු කරන බව කන්දේගම මහතා පවසයි. ඒ අනුව කිසිදු කාබනික හෝ රසායනික පොහොර නොයොදා ජලය පමණක් යොදාගෙන කෘමි උවදර කින් හෝ ශාක වලට එන රෝගයකින් තොරව එළවලු වගාව මෙම ගොවිපළේ දී සිදු කිරීම විශේෂත්වයකි.


මෙම ගොවිපළේ කන්ද උඩරට ප්‍රදේශවල වගා කෙරෙන කැරට්,  බිට්,අර්තාපල් ,රාබු   ආදී එළවළු වර්ග රැසක් වගා කොට තිබේ. මේ දිනවල නියං සමයේදී වගාකළ කැරට් අස්වනු නෙලීම ගොවිපලේ දී සිදු කිරීම විශේෂත්වයකි.


එමෙන්ම ස්වභාදහම ගොවිපලේ විශේෂ බණ්ඩක්කා වර්ගයක් දැක ගැනීමට හැකියාව ලැබිණි. පැරැන්නන් ඇත්දල බණ්ඩක්කා නමින් හඳුන්වන ලැබූ බණ්ඩක්කා ඉතා සරුවට මෙහි වගා කොට තිබිණි. එක් බණ්ඩක්කා කරලක් අඩියක ටත් වඩා වැඩි දිගකින් යුක්තව එහිදී දැක ගැනීමට හැකියාව ලැබිණි.


එළවළු වගාවට අමතරව මෙම ස්වභාදහම ගොවිපලේ පළතුරු වගාවන් රැසක් ද සාර්ථකව ඵල ගෙන ඇති අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. එමෙන්ම නුවරඑළිය ප්‍රදේශයේ වැවෙන අලංකාර මල් වර්ග නාඋල මෙම ගොවිපළේ වගා කර තිබීමද තවත් සුවිශේෂී වූ කරුණකි.


පරිසරවේදී තිලක් කන්දේගම මහතා කියා සිටියේ නාඋල ප්‍රදේශයට ඉර පෑයීම පැය දෙකකින් පමාවී සිදුවීමත් ඉර බැසීමේදී කඳු මුදුන් නිසා බැසයන ඉරි අව් රශ්මිය නොදැනීම නිසා එමෙන්ම අවට සිසිල් ප්‍රදේශවල පවතින සුළං රැළි නාඋල මෙම ප්‍රදේශය හරහා ගමන් කිරීම හේතුකොටගෙන වගාව සාර්ථකව සිදු කිරීමට හැකි බවය.


 කිසිදු කෘමිනාශක හෝ රසායනික  දෙයක් කාබනික පොහොර නොයොදා ඉර හඳ බලා මෙම වගාවන් විද්‍යාත්මකව සිදු කිරීමේදී කිසිදු කෘමි උවදුරක් හෝ ලෙඩ රෝග බෝ වීමක් සිදු නොවන බව ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (3)

නාඋල සොබා දහම් ගොවිපොළ

prasad Saturday, 01 September 2018 01:55 PM

සතුටුදායක පුවතක්. උපන් රටට නය නැති මිනිසෙක් වෙන්න හැමෝම හිතන්නේ නැහැ. මේ අදහස විශිෂ්ටයි.

:       0       2

buddika Saturday, 01 September 2018 02:06 PM

අනේ වාසනාවන්, අපිටත් එළවලු ටිකක් ගන්න තියේ නම් මෙතැනින්...

:       0       1

shafeek Sunday, 02 September 2018 05:01 AM

ජය වේවා .....

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site