(සිතුම් චතුරංග)
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උතුරට පැමිණෙන සෑම අවස්ථාවකම වීරෝධතාවය දැක්වූ උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා අද(22) ජනාධිපතිවරයා යාපනය කන්කසන්තුරය ධීවර වරායට පැමිණි අවස්ථාවේ උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අයුරු දක්නට ලැබිණි.
මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ අතට අතදී කතාබහ කරන අයුරු පැමිණ සිටි බොහෝ දෙනාගේ විමතියට හේතු විය.ජනාධිපතිවරයාත් මන්ත‍්‍රිවරයාත් දෙදෙනාම ඉතා සුහදව කතාබස් කරන අයුරුද දැක ගත හැකිවිය.
යාපනය ප‍්‍රදේශයට ජනාධිපතිවරයා පැමිණෙන සෑම අවස්ථාවකදීම පාහේ කළු කොඩි ඔසවා විරෝධතා දැක්වීමට සිවාජිලංගම් මන්ත්‍රීවරයා මීට පෙර කටයුතු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුහදව කටයුතු කිරීම නිසා ලැබෙන ප්‍රථිපල අප්‍රමාණයි සැමට ජය!
අයි සිවජලිංගම් ලොක්කෙක්ද .....කළු කොඩි දාන්න ......
සමහරවිට විජයකලාට වෙච්චදේ මෙයාටත් වේවි බව බයක් ඇතිවෙලා ඇති.