IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ තුනක් එළිදකි

හර්ෂණ තුෂාර සිල්වා

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් රචිත පොලිස් ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ තුනක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (30) එළි දැක්විණි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් එම කෘති තුනේ මුල් පිටපත් අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට පිළිගන්වනු ලැබිණි.

අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ පියා වන ආතර් ක්ලීටස් ඩෙප්  මහතා මෙම කෘති ත්‍රිත්වය රචනා කර ඇත.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙළුම 1 (1715 සිට 1866 ), දෙවැනි වෙළුම 2 ( 1866 සිට 1995) සහ තෙවැනි වෙළුම (1915 සිංහල මුස්ලිම් අරගලය) යන කොටස් ත්‍රිත්වයෙන් එම කෘති සමන්විතය. 

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ. 

ඡායාරූප  - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (5)

පොලිස් ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ තුනක් එළිදකි

lalith Thursday, 30 August 2018 11:11 PM

මොනවා හරි වැදගත් යමක් කරන උදවිය තමන් කරන වැඩේ ගැන පම්පෝරි කෙලිනවා ආඩම්බරෙන්... නමුත් කිසිම වැදගත් යමක් නොකර එක එකාට කඩේ යන උදවිය පරම්පරාවේ පම්පෝරිය කෙලිනවා ජාම බේරගන්න. ඉතිහාසේ කියවනවා කියන්නෙත් ඒකටම තමයි වෙනත් වචන වලින්.

:       0       9

Bamunuarachchi Friday, 31 August 2018 08:08 AM

අපි ඒකාලේ ඩබල් දාලා බයිසිකලේ ගියාම අපිව අල්ලලා බයිසිකලයේ හුළං ඇරලා වෑල්කර ගලෝගෙන දැන් පලයන් කියපු හැටිත් ලියවිලා තිබෙනවා නම් අපි එ්වා කියවන්න කැමතියි. මොකද ඒ අපේ අව්‍යාජ ළමාකාලයයි. දැන් ළමයින්ට එහෙම ළමාකාලයක් නොමැත...

:       56       91

N.Vishvajith Friday, 31 August 2018 10:15 AM

පොලීසිය විනාශ කරපු අයත් එතන ඉන්නවා.

:       0       49

sanjeewa Friday, 31 August 2018 11:35 AM

තමන්ගේ බිස්නස් එකේ ණය ගෙවන්නේ නැතුව අධිකරණය කට්ටි පනින කෙනෙක් කොහොමද මේකේ ප්‍රධාන අමුත්තෙක් වුනේ?

:       0       41

Bamunuarachchi Friday, 31 August 2018 10:01 PM

සාමාන්‍ය ජනතාවට මිලට ගත හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site