හර්ෂණ තුෂාර සිල්වා
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් රචිත පොලිස් ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ තුනක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (30) එළි දැක්විණි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් එම කෘති තුනේ මුල් පිටපත් අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට පිළිගන්වනු ලැබිණි.
අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ පියා වන ආතර් ක්ලීටස් ඩෙප් මහතා මෙම කෘති ත්‍රිත්වය රචනා කර ඇත.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙළුම 1 (1715 සිට 1866 ), දෙවැනි වෙළුම 2 ( 1866 සිට 1995) සහ තෙවැනි වෙළුම (1915 සිංහල මුස්ලිම් අරගලය) යන කොටස් ත්‍රිත්වයෙන් එම කෘති සමන්විතය.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි වැදගත් යමක් කරන උදවිය තමන් කරන වැඩේ ගැන පම්පෝරි කෙලිනවා ආඩම්බරෙන්... නමුත් කිසිම වැදගත් යමක් නොකර එක එකාට කඩේ යන උදවිය පරම්පරාවේ පම්පෝරිය කෙලිනවා ජාම බේරගන්න. ඉතිහාසේ කියවනවා කියන්නෙත් ඒකටම තමයි වෙනත් වචන වලින්.
අපි ඒකාලේ ඩබල් දාලා බයිසිකලේ ගියාම අපිව අල්ලලා බයිසිකලයේ හුළං ඇරලා වෑල්කර ගලෝගෙන දැන් පලයන් කියපු හැටිත් ලියවිලා තිබෙනවා නම් අපි එ්වා කියවන්න කැමතියි. මොකද ඒ අපේ අව්‍යාජ ළමාකාලයයි. දැන් ළමයින්ට එහෙම ළමාකාලයක් නොමැත...
පොලීසිය විනාශ කරපු අයත් එතන ඉන්නවා.
තමන්ගේ බිස්නස් එකේ ණය ගෙවන්නේ නැතුව අධිකරණය කට්ටි පනින කෙනෙක් කොහොමද මේකේ ප්‍රධාන අමුත්තෙක් වුනේ?
සාමාන්‍ය ජනතාවට මිලට ගත හැකිද?