චමිල් රුපසිංහ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී වීදි සංචාරය කෙරුණු අතර අද (26) අලුයම 1 පසු වී විනාඩි තුනට දිය කැපීමේ චාරිත්‍රය සිදු කළේය.
අද (26) අලුයම 1 පසු වී විනාඩි 03 ට උතුරු දිශාමුඛව ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලයන් හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය), ගොස් දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මඵව) සිරිත් ප්‍රකාරව එහි තැන්පත් කර සිව් දේවාලයන් හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසුව කටුකැලේ වීදිය දිගේ ගැටඹේ දියකපනා තොට ශ්‍රී රක්ඛංග විහාරය අසලින් ගොස් දිය කැපිමේ මංගලෝත්සවය සිදුකර ආපසු ගණ දෙවි කෝවිලට පැමිණ දේව පුජා ඉටු කිරිම සිදු කෙරිණි.
ගැටබේ තොටේ දියකැපිමේ චාරිත්‍රය සිදුකිරිමේදී එම කැපු ජල පහර මහත් ආශිර්වාදයක් බව ජනයා අතර භක්තියෙන් අති විශ්වාසය නිසා එම ජල පහරෙන් මිනිසුන් ස්නානය කිරිම සිදුවිය.
ගැටඹේ තොටේ දියකැපීමෙන් පසුව එහි රැස්ව සිටින අති විශාල ජනතාව එහි සියලුම පැමිණ සිටින්නන් සඳහා මුළුතැන්බත්,කිරිබත් ආදියෙන්ද සංග්‍රහ කළේය.





2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය