චමිල් රුපසිංහ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී වීදි සංචාරය කෙරුණු අතර අද (26) අලුයම 1 පසු වී විනාඩි තුනට දිය කැපීමේ චාරිත්‍රය සිදු කළේය.
අද (26) අලුයම 1 පසු වී විනාඩි 03 ට උතුරු දිශාමුඛව ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලයන් හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය), ගොස් දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මඵව) සිරිත් ප්‍රකාරව එහි තැන්පත් කර සිව් දේවාලයන් හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසුව කටුකැලේ වීදිය දිගේ ගැටඹේ දියකපනා තොට ශ්‍රී රක්ඛංග විහාරය අසලින් ගොස් දිය කැපිමේ මංගලෝත්සවය සිදුකර ආපසු ගණ දෙවි කෝවිලට පැමිණ දේව පුජා ඉටු කිරිම සිදු කෙරිණි.
ගැටබේ තොටේ දියකැපිමේ චාරිත්‍රය සිදුකිරිමේදී එම කැපු ජල පහර මහත් ආශිර්වාදයක් බව ජනයා අතර භක්තියෙන් අති විශ්වාසය නිසා එම ජල පහරෙන් මිනිසුන් ස්නානය කිරිම සිදුවිය.
ගැටඹේ තොටේ දියකැපීමෙන් පසුව එහි රැස්ව සිටින අති විශාල ජනතාව එහි සියලුම පැමිණ සිටින්නන් සඳහා මුළුතැන්බත්,කිරිබත් ආදියෙන්ද සංග්‍රහ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd