IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමේ දී උද්ඝෝෂණයක්

මුදිතා දයානන්ද සහ ඡායාරූප - ගයාන් අමරසේකර
 
පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මන්ත‍්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (24) උද්ඝෝෂණය කළහ.


උද්ඝෝෂණය අවසානයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරිමට පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලැබිණි.


මෙම උද්ඝෝෂණය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී පැවති අතර පිරිස සටන් පාඨ කියමින් විනාඩි දහයක් පමණ උද්ඝෝෂණයේ යෙදුණහ. ඒ අතරතුර ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැමිණි නමුත් ඔහුට අදහස් දැක්වීමට ඉඩක් නොතබා උද්ඝෝෂකයෝ කොමිෂන් සභාව ඇතුළට කඩා වැදුණහ. 


කලබල නොවු දේශප‍්‍රිය මහතා ද උද්ඝෝෂකයින් සමඟම කොමිෂන් සභාව වෙත පැමිණියේ සිනාමුසු මුහුණින් යුතුවය. කාර්යාලය තුළට පැමිණි පසු අදහස් දැක්වු දේශප‍්‍රිය මහතා පළාත් සභා මන්ත‍්‍රීවරු හා පළාත් පාලන ආයතනවල ප‍්‍රධානීන් සමඟ පමණක් සාකච්ඡාවක් කිරිමට තමන් සූදානම් යැයි පැවසීය. 


පළාත් සභා මන්ත‍්‍රී සංසදයේ සභාපති, සබරගමු පළාත් සභා මන්ත‍්‍රී කංචන ජයරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.


මේ ආණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරලා. ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගෙන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවදත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ලෙස කටයුතු කරන පක්ෂයක්. අපිට දුක ඔවුන්ගේ වුවමනාව ඉටු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පිරිසක් එකතු වී සිටීම ගැනයි. මීට කලිනුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලාම්පු කලගෙඩි සෙල්ලමක් කරලා මැතිවරණ සිතියම අකුලලා කරපු විනාශය අපි දැක්කා.

ඒ නිසා වහාම මැතිවරණ පවත්වන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. අපිට පරණ ක‍්‍රමය ආවත් අලූත් ක‍්‍රමය ආවත් ගැටලූවක් නැහැ. දෙකටම මුහුණ දෙන්න අපිට පුළුවන්. එහෙත් අලූත් ක‍්‍රමය තවම සකස් කර අවසන් නැහැ. ඒ නිසා පැරණි ක‍්‍රමයට මැතිවරණය තියන්න. අපි ඉල්ලන්නේ ඒකයි. මේ ආණ්ඩුව හදන්නේ ජනාධිපතිවරණය වනතුරු මැතිවරණ නොපවත්වා දිගට ඇදගෙන යන්නයි. 
 



අදහස් (13)

ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමේ දී උද්ඝෝෂණයක්

Raveendra Friday, 24 August 2018 10:55 AM

දැන් බලයේ සිටිමින් හොරකම් කරන අයට අමතරව අපට නැවත වරක් හොරාකෑමට ඉඩ ඉල්ලමින් උද්ඝෝෂණය කරන හිවලුන් තමයි.

:       271       328

nihal Friday, 24 August 2018 12:49 PM

අැයි හොරකම් කරන්න හදිස්සිද? නොහැකියාවෙන් පෙලෙන නූගත්තු..

:       275       379

mahinda Friday, 24 August 2018 03:51 PM

ටෙලි නාටක

:       36       45

raawana Friday, 24 August 2018 04:42 PM

ජනමත විචාරණය කියන වචනේ තේරුම ඉගෙන ගන්න

:       22       3

Saman Friday, 24 August 2018 07:37 PM

පනතට විරුද්ධව නේද අද ඒකාබද්ධයේ අය ඡන්දෙ දුන්නේ?

:       0       2

nihal Friday, 24 August 2018 08:44 PM

පින්තූර දිහා හොඳට බලන්න. වැඩක් නැති කමට බොරුවට උද්ඝෝෂණය කරනවා කියලා හොඳටම පේනවා.

:       0       2

sam Friday, 24 August 2018 09:23 PM

මැතිවරණ කල් දැමීම මුලින්ම කලේ 1975දී සිරිමා බණ්ඩාරනායක රජය බව කාංචන ජයරත්න මහතා නොදැන සිටීම පුදුමයක් නොවේ .

:       0       2

BamunuarachchiSaturday, 25 August 2018 10:53 PM

ඒ කල් දැම්මේ 1977න් පසු රටට වෙන නස්පැත්තිය දැනගෙන... දැන් හරිනේද? සතුටුයි නේද? ඒ කාලේ ලක්ෂ ගණන් වලින් පඩිගන්න කෝටි ගණන්වල වාහන තිබුණු මන්ත්‍රීලා හිටියේ නැහැනේද? 1977දී අර කාලකන්නියා බලයට පත්වෙලා නේද රටට මේ නස්පැත්තිය කළේ? පළාත් සභා කියලා රට කෑලිවලට කැඩුවෙත් එයා නේද?

:       0       0

wasawa Friday, 24 August 2018 11:27 PM

මළගෙදර වියදම් බලන්න දැන් එෆ්.සී.අයි.ඩී. එක එයි දැන් දුවගෙන... අර රතු අලි ලපයත් රවුම් කරකර කියවයි දැන්...

:       3       1

casmir Saturday, 25 August 2018 06:42 AM

හරිම දුකක් දැනෙන්නේ මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ රටක ජාතියක අනාගතය එක්ක. මේ මිනිස්සු මොනවද කියන්නේ කරන්නේ කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. මේක තනිකරම අපේ වැරැද්ද.

:       0       152

RaveendraSaturday, 25 August 2018 12:45 PM

කාස්මිර් මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අවාසනාවකට මේ හරකුන්ට නොතේරීම කණගාටුවකි.

:       0       1

de silva berlin Sunday, 26 August 2018 07:32 AM

ජර්මනිය වැනි ලොකු රටවලට පළාත් සභා ක්‍රමය ගැලපෙනවා. මොකද එම සභාවලට ප්‍රාදේශීයව බලතල දීලා තිබෙනවා. එම රටවල ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න සියල්ල එම ප්‍රදේශ වලදීම විසඳගන්න ඔවුන්ට පුළුවන් වෙලා තිබෙනවා. නමුත් ලංකාවේ අපි අපේ ප්‍රශ්න සියල්ල විසඳගන්න කොළඹ එන්න ඕනේ. වාහන තදබද වැනි රටේ පවතින විශාල ප්‍රශ්න රැසකට මුල මේක... පළාත්සභා වලට බලතල දෙන්න බැරිනම්, බදු මුදල් වියදම් කරමින් මේවා නඩත්තු කරන එකේ තේරුමක් තිබේද?

:       0       0

sanath Monday, 27 August 2018 09:40 AM

පල් හොරු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1753 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site