මුදිතා දයානන්ද සහ ඡායාරූප - ගයාන් අමරසේකර
පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මන්ත‍්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (24) උද්ඝෝෂණය කළහ.
උද්ඝෝෂණය අවසානයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරිමට පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලැබිණි.
මෙම උද්ඝෝෂණය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී පැවති අතර පිරිස සටන් පාඨ කියමින් විනාඩි දහයක් පමණ උද්ඝෝෂණයේ යෙදුණහ. ඒ අතරතුර ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැමිණි නමුත් ඔහුට අදහස් දැක්වීමට ඉඩක් නොතබා උද්ඝෝෂකයෝ කොමිෂන් සභාව ඇතුළට කඩා වැදුණහ.
කලබල නොවු දේශප‍්‍රිය මහතා ද උද්ඝෝෂකයින් සමඟම කොමිෂන් සභාව වෙත පැමිණියේ සිනාමුසු මුහුණින් යුතුවය. කාර්යාලය තුළට පැමිණි පසු අදහස් දැක්වු දේශප‍්‍රිය මහතා පළාත් සභා මන්ත‍්‍රීවරු හා පළාත් පාලන ආයතනවල ප‍්‍රධානීන් සමඟ පමණක් සාකච්ඡාවක් කිරිමට තමන් සූදානම් යැයි පැවසීය.
පළාත් සභා මන්ත‍්‍රී සංසදයේ සභාපති, සබරගමු පළාත් සභා මන්ත‍්‍රී කංචන ජයරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මේ ආණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරලා. ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගෙන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවදත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ලෙස කටයුතු කරන පක්ෂයක්. අපිට දුක ඔවුන්ගේ වුවමනාව ඉටු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පිරිසක් එකතු වී සිටීම ගැනයි. මීට කලිනුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලාම්පු කලගෙඩි සෙල්ලමක් කරලා මැතිවරණ සිතියම අකුලලා කරපු විනාශය අපි දැක්කා.
ඒ නිසා වහාම මැතිවරණ පවත්වන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. අපිට පරණ ක‍්‍රමය ආවත් අලූත් ක‍්‍රමය ආවත් ගැටලූවක් නැහැ. දෙකටම මුහුණ දෙන්න අපිට පුළුවන්. එහෙත් අලූත් ක‍්‍රමය තවම සකස් කර අවසන් නැහැ. ඒ නිසා පැරණි ක‍්‍රමයට මැතිවරණය තියන්න. අපි ඉල්ලන්නේ ඒකයි. මේ ආණ්ඩුව හදන්නේ ජනාධිපතිවරණය වනතුරු මැතිවරණ නොපවත්වා දිගට ඇදගෙන යන්නයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලයේ සිටිමින් හොරකම් කරන අයට අමතරව අපට නැවත වරක් හොරාකෑමට ඉඩ ඉල්ලමින් උද්ඝෝෂණය කරන හිවලුන් තමයි.
අැයි හොරකම් කරන්න හදිස්සිද? නොහැකියාවෙන් පෙලෙන නූගත්තු..
ටෙලි නාටක
ජනමත විචාරණය කියන වචනේ තේරුම ඉගෙන ගන්න
පනතට විරුද්ධව නේද අද ඒකාබද්ධයේ අය ඡන්දෙ දුන්නේ?
පින්තූර දිහා හොඳට බලන්න. වැඩක් නැති කමට බොරුවට උද්ඝෝෂණය කරනවා කියලා හොඳටම පේනවා.
මැතිවරණ කල් දැමීම මුලින්ම කලේ 1975දී සිරිමා බණ්ඩාරනායක රජය බව කාංචන ජයරත්න මහතා නොදැන සිටීම පුදුමයක් නොවේ .
මළගෙදර වියදම් බලන්න දැන් එෆ්.සී.අයි.ඩී. එක එයි දැන් දුවගෙන... අර රතු අලි ලපයත් රවුම් කරකර කියවයි දැන්...
හරිම දුකක් දැනෙන්නේ මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ රටක ජාතියක අනාගතය එක්ක. මේ මිනිස්සු මොනවද කියන්නේ කරන්නේ කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. මේක තනිකරම අපේ වැරැද්ද.
ජර්මනිය වැනි ලොකු රටවලට පළාත් සභා ක්‍රමය ගැලපෙනවා. මොකද එම සභාවලට ප්‍රාදේශීයව බලතල දීලා තිබෙනවා. එම රටවල ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න සියල්ල එම ප්‍රදේශ වලදීම විසඳගන්න ඔවුන්ට පුළුවන් වෙලා තිබෙනවා. නමුත් ලංකාවේ අපි අපේ ප්‍රශ්න සියල්ල විසඳගන්න කොළඹ එන්න ඕනේ. වාහන තදබද වැනි රටේ පවතින විශාල ප්‍රශ්න රැසකට මුල මේක... පළාත්සභා වලට බලතල දෙන්න බැරිනම්, බදු මුදල් වියදම් කරමින් මේවා නඩත්තු කරන එකේ තේරුමක් තිබේද?
පල් හොරු