රැකියා විරහිත උපාධිධරයෝ ලිබර්ට් වටරවුමේ විරෝධතාවයක් පොරොන්දු වු පරිදි සංවර්ධන නිලධාරී පත්වීම් වහා ලබාදෙන්නැයි ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධීධාරී සංගමය අද (6) කොළඹ මහජන පුස්තකාලයේ සිට කොළඹ අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් ලිබර්ටි වටරවුමේ දී විරෝධතාවයක නිරත වුහ. 06 August 2018
සැබෑ ක්‍රිකට් ලෝලියෝ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලට අත්වූයේ ලකුණු 78 ක ඛේදජනක පරාජයකි. තරගය පරාජය වීමට යන බව දුටු ඇතැම් ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ඉනිමේ 40 වැනි ඕවරය ආරම්භ වීමටත් පෙර ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියද තවත් පිරිසක් අවසන් පන්දුව දක්වාම ක්‍රීඩාංගණයේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන ගෙන ගිය පිතිකරුවන්ට අත්පොළසන් දුන්හ. 05 August 2018
5 වසර සිසුහු ශිෂ්‍යත්ව කඩඉම් විභාගයට යති දිවයින පුරා විභාග මධ්යේස්ථාන 3050 ක 5 ශ්රේ ණිය ශිෂ්යෙත්වය විභාගය අද (5) පැවැත්වෙයි. විභාගය සඳහා සිසු දරු දැරියන් ඉතා උනන්දුවෙන් විභාග මධ්‍යාස්ථාන කරා යන අයුරු පහත සේයා රූ වලින් දැක්වේ. 05 August 2018
අගමැති යාපනය සරසවියේ ගොඩනැඟිලි විවෘත කිරිමට යයි පේදුරුතුඩුවේ සිට හම්බන්තොට දක්වා සුවිශේෂි දියුණුවක් ඇතිකරමින් රටපුරා තරුණ තරුණියන් සඳහා උසස් ජීවිතයක් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේදී අද (04) පැවසීය. 04 August 2018
වන්නියාගම රක්ෂිතයේ ගින්නක් නිවා දමයි නවගත්තේගමට සහ කරුවලගස්වැව යාබදව පිහිටි වන්නියාගම රක්ෂිතයට කිසියම් පරිසක් ගිනි තබා ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න පැතිරී යාමට ඉඩ නොදී නිවා දැමීමට කටයුතු කළ බවත් පුත්තලම දිසා වන අඩවි නිලධාරී බී එම් සී බංඩාර මහතා පැවසීය. 03 August 2018
වැසි නැතිව පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් හිඳිලා පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දිනවල පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් සිඳී ගොස් තිබේ. 03 August 2018
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුවට දිවයින පුරා ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන් අසීරුවට පත්ව ඇති අයුරු 03 August 2018
ජන බල සේනා ජාතික විරෝධතාවය ගැන අත් පත්‍රිකා බෙදයි ජන බල සේනා හරිත ව්‍යාපාරය විසින් හෙට (02) දින සවස ලිප්ටන් වටරවුමේදී සිදු කරන‘‘ ජාතික විරෝධතාවය‘‘ පිළිබඳව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදාහැරීම අද (01) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි. 01 August 2018
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් අගමැති හමුවෙයි සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (01) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 01 August 2018
වඳවීයන කරපටි බකමූණු පවුලක් මාරස්සනින් හමුවෙයි වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කරපටි බස්සා හෙවත් කොලඩ් ස්කෝප් අවුල් නැමති වර්ගයට අයත් බකමූණු පවුලක් මව්බිම හේවාහැට මාධ්‍යවේදී අසංග චම්පික මහතාට මහනුවර මාරස්සන ප්‍රදේශයේදී හමුවී ඇත. 01 August 2018
තලවිල මංගල්‍යය ඇරැඹේ කතෝලික බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ වැළි කතරේ මිත්තණියගේ පිං බිම යයි විරුදාවලි ලත් තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ශික මංගල්‍ය සමාරම්භය සනිටුහන් කරනු ලබන සාම්ප්‍රදායික කොඩි ගස එසැවීම අද දින සවස උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. 29 July 2018
ආදර කන්ද ගිනි තැබීමට 6ක් සැකපිට - අක්කර 100ක් ඉවරයි ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නම්පේරියල් නියදගල රක්ෂිතයට ගිනි තැබීම පිළිබඳ සැකපිට හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කිර්ති ජයසිංහ මහතා පැවසීය. 29 July 2018
අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර අද සාර්ථකව නිමාවෙයි ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදු හඬ මැද අද (28) දින විදි සංචාරයෙන් පසුව අවසන් විය. 28 July 2018
දඹුලු ක්‍රීඩාංගණයේ බඹර වද ඉවත් කළ අයුරු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (29) පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා දඹුල්ල ක්‍රීඩාංගණයේ ඇති බඹර වද ඉවත් කළේ මෙලෙසිනි. 28 July 2018
සියවසේ දිර්ඝතම චන්ද්‍රග්‍රහණය වසර 100 ක් තුළදී දැක ගත හැකි බව පැවසු දිර්ඝතම චන්ද්‍රග්‍රහණය ඇසළ පුන් පොහෝ දින අහසේ දිස්වූයේ මේ ආකාරයෙනි. 28 July 2018
සෝමාවතිය රාජමහා විහාරයේ වාර්ශික ඇසළ මහා පෙරහැර ඓතිහාසික සෝමාවතිය රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ සමාරම්භය සනිටුහන් කරමින් අද (27) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා සධාතුක කරඬුව වැඩමවීය. 27 July 2018
මහා සූපවංශයේ ඉංග්‍රිසි පරිවර්තනය එළිදකී මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචිත මහා සූපවංශය ග්‍රන්ථයේ ඉංග්‍රිසි පරිවර්තනය ‘‘The Great Choronicle Of Culinary‘‘ ගල්කිස්ස මහ හෝටලයේදී අද (27) එළිදැක්විණි. 27 July 2018
අගමැති ආඬිවේල් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගනී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පස්වරුවේ ආඬිවේල් පෙරහර උත්සවයට අරලියගහ මන්දිරය ඉදිරිපිට දී එක්වී ආශිර්වාද ලබා ගත්තේය. ආඬිවේල් පෙරහර පිටකොටුව පළවෙනි හරස් වීදියේ පිහිටි කතරගම දේවාලයෙන් ආරම්භ වී වැල්ලම්පිටිය ගණදෙවි දේවාලය දක්වා ගමන් ආරම්භ කරන අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ආශිර්වාද ලබා ගනු ලැබීය. 25 July 2018
සරසවි සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ඩිප්ලොමා ශිෂ්‍ය බළ මණ්ඩලය අද (25) ආරම්භ කළ විරෝධතා පාගමනට ලෝටස් වටරවුම අසළදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය. 25 July 2018
ළමා ආරක්ෂක නිලධාරී පත්වීම් නොදීමට එරෙහි සත්‍යග්‍රහයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ප්‍රදේශීය ළමා ආරක්ෂක නිළධාරී තනතුරට පත්වීම් ලබා නොදීමට එරෙහිව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (25) තලවතුගොඩ, මාදිවෙල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වු අයුරු ඡායාරූප වලින් දැක්වේ. 25 July 2018
මුද්‍රණ සේවකයෝ වීදි බසිති රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන බව ප්‍රකාශ කරමින් හා තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති එකමුතුව සහ මුද්‍රණ සේවකයෝ බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලය ඉදිරිපිට අද (24) විරෝධතාවක් පැවැත්වූහ. 24 July 2018
හොරොව්පොතානෙන් පැන්න අඳ අලියා මිය යයි හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඇතුලත සිට ආරක්ෂිත වැටෙන් එළියට පැනගත් දෑස් අඳ අලියා දැඩි ලෙස රෝගාතුරව හොරොපොතාන වැලිමුවපොතාන වැව් ඉස්මත්තේ සිටියදී අද(24) දහවල් මිය ගිය බව වනජීවී නිලධාරීහු පැවසූහ. 24 July 2018
කතරගම ගිනි පෑගීමේ උළෙල අද කතරගම ඇසළ මංගල්‍යට සමගාමීව ගිනි පෑගීමේ උළෙල අද (24) වැනි දින ආරම්භ විය. ප්‍රථම ගිනි පෑගීමේ උළෙල අද උදැසන 9 ට වල්ලි මාතා දේවාලය ඉදිරිපිට දී උත්කර්ෂවත් අයුරින් සිදු කරනු ලැබීය. 24 July 2018
කලකට පසුව යාපනයේ තිරික්කල් තරගාවලියක් පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් මේ දිනවල යාපනය දිස්ත්‍රීක්කයේදී දැක ගත හැකිව තිබේ. 24 July 2018
බහු දින ධීරවර යාත්‍රාවක් පෙරැළි අයෙක් රෝහලේ අම්බලන්ගොඩ ධීවර වරායට ඇතුළු වන පිවිසුම් මාර්ගයේදි බහුදින ධීවර යාත්ත්‍රාවක් පෙරැළි යාමෙන් ඒ සිටි ධීවරයන් වතුරට වැටි මෙන් එක් අයකු තුවාල ලබා බලපිටිය රොහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 24 July 2018
මොරගහකන්ද-කළු ගඟ ජලාශය පිරවීම ඇරැඹේ මොරගහකන්ද-කළු ගඟ ජලාශයේ මංගල දියවර මුදාහැරීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ජනාධිපති මමෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) සිදු කෙරිණි. 23 July 2018
කතරගම ඇසල මංගල්‍යයේ 10 වැනි පෙරහර අද රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යයේ 10 වැනි පෙරහැර අද (22) වැනි රාති‍්‍ර විදි සංචාරය කරනු ලැබීය. 22 July 2018
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේක සංවර්ණ ජයන්තිය විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සංවිදානය කර තිබූ උත්සවයක් අද(22) බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාවේදී පැවැත්විණි. 22 July 2018
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැරේ 08 වැනි දිනය රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 08 වැනි පෙරහැර මංගල්‍ය අද (20) වැනි දින විදි සංචාරය කරනු ලැබීය. 20 July 2018
ජ’පුර තාක්ෂණ පීඨයේ සිසුන් උද්ඝෝෂණයක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටළු වලට වහා විසඳුම් ඉල්ලා විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20) කොළඹ දවටගහ පල්ලිය අසළ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරතවුහ. 20 July 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026