(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදු හඬ මැද අද (28) දින විදි සංචාරයෙන් පසුව අවසන් විය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර ඇම්.පී. ජයසිංහ මහතා විසින් ඊයේ (27) යෙදුණු සුභ මොහොතින් 22 වැනි වතාවටත් ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැරේ වීථි සංචාරය කරනු ලබන අවසන් දිනයේ සධාතුක කරඬුව ශ්‍රී මහා බෝ මළුවේ සිට වඩමවා මංගල හස්තිරාජයා වෙත තැන්පත් කිරීම සිදු කෙරිණි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් සහ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් අනුරාධපුර දළදා පෙරහැර සංවිධානය කොට තිබුණි.
පැමිණි සිටී පිරිස පංචශීලයේ පිහිටුවීම රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කෙරිණි.
මෙදින පෙරහැරේ උඩරට, පහත රට, සබරගමු නැටුම් සම්ප්‍රදායන්ගෙන් සමන්විතව නැටුම් කණ්ඩායම් 75 කින් සහ අලි ඇතුන්ගෙන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ දර්ශනීය පෙරහැර ජය ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර දොරටුවෙන් ආරම්භ වී ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ සිංහ කණුව, මාර්කට් පෙදෙස, බැංකු පෙදෙස, මධ්‍ය විද්‍යාලය අසලින් ජයන්ති මාවත ඔස්සේ පැමිණ සිංහකණුව වට රවුමෙන් යළිත් ශ්‍රී මහ බෝධි මාවත ඔස්සේ ශ්‍රී මහ බෝ සමිදු අභියසින් අද (28) දින අති සාර්ථකව අවසන් කෙරිණි.






2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර අද සාර්ථකව නිමාවෙයි