කේ ඩී දේවපි‍්‍රය
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යයේ 10 වැනි පෙරහැර අද (22) වැනි රාති‍්‍ර විදි සංචාරය කරනු ලැබීය.
රාති‍්‍ර 7.15 ට යොදුණු සුබ නැකතින් ඇසළ මංගල්‍ය දෙවියන් වැඩමවා ගෙන දේවාල භුමියෙන් පිටත්ව ප‍්‍රධාන වහල්කඩ දොරටුවෙන් පිටත්ව පිටවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පෙරහැර ගමන් කර දුටුගැමුණු රජතුමා නියේග කළ රජ අණ අනුව චාරිත‍්‍ර ඉටු කිරිමෙන් පසුව පෙරහැර නැවත මහා වීදිය ඔස්සේ මහා දේවාලය වෙත ගමන් කළේය.
පසු ගිය 13 වැනි දින ආරම්භ වූ කතරගම ඇසළ පෙරහැරේ 10 වැනි දිනය වූ අද පෙරහැර නැරඹීමට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණි අතර පෙරහැරට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල ලබන 24 වැනි දින රාති‍්‍ර ආරම්භ වී 25 වැනි දින උදෑසන 4 ට සිදු කිරීමට නියමිතය.
කතරගම ඇසළ මංගල්‍ය ලබන 27 වැනි දින දක්වා පවත්වා 28 වැනි දින උදෑසන මැණික් ගඟේ ජීව මාලි තොටුපොළේ දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd