රොමේෂ් මධුෂංඛ
පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් මේ දිනවල යාපනය දිස්ත්‍රීක්කයේදී දැක ගත හැකිව තිබේ.
යාපනය කෝපායි ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කර ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනයේ ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට ගවයින් හිමිකරුවන් විසින් පියවර ගෙන තිබිණි.
මේ අනුව යාපනයේ සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගවයින් 41 දෙනෙකු මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද යාපනයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාරපාන ලබා දීමට ද කෝපායි ප්‍රාදේශීය සභාවේ සභාපති නිරෝෂ් ත්‍යාගරාසා මහතා ඇතුළු පිරිස සංවිධානය කර තිබිණි.
පැරණි තිරික්කල් රේස් නැවත කරලියට ගෙන ඒම සම්බන්ධයෙන් කෝපායි ප්‍රාදේශීය සභාව මගින් පෙන්වා දෙන්නේ පැරණි සම්ප්‍රදායන් වර්තමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්තමාන ජනතාවටද දැකබලා ගැනීමට අවස්ථාවක උදා කළ බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කලකට පසුව යාපනයේ තිරික්කල් තරගාවලියක්
kumar (gulf) Tuesday, 24 July 2018 11:42 AM
දැන් මේ තිරික්කල රේස් දකුණේ ගාලු පුරෙත් පටන්ගත්තොත් තමා හොඳ, චිත්‍රා සෝමපාල මහත්ත්මියගේ "දකුණු ලකේ අගනුවරේ ගාලුපුරේ ශ්‍රී" සින්දුවට නැවත පන දීමක් වෙන්න පුළුවන් ඒක.
tommy Tuesday, 24 July 2018 10:56 PM
ඉඩ පහසුව තිබෙනවානම් සහ අන් අයට කරදරයක් නොවේ නම්, අද කාලේ හැටියට රේස් තිරික්කල් වෙනුවට කාර් රේස් තිබුණට කමක් නැහැ.
Bamunuarachchi Tuesday, 24 July 2018 11:35 PM
හැබැයි අපිට කොළොඹ ගෝල් ෆේස් පිට්ටනියේ තියන්න වෙන්නේ ත්‍රීවිල් රේස් තමයි. ත්‍රීවීල් වලට කියන්නෙත් තිරික්කල කියලා
sugath Wednesday, 25 July 2018 02:56 AM
කෝ අර සිංහල අවුරුදු උත්සව වල තිරික්කල තරග වලට විරුද්ධව කතා කරපු කට්ටිය ? මේක වෙන රටක කියල සම හරක් හිතන් ඉන්නවා වගේ.