පොරොන්දු වු පරිදි සංවර්ධන නිලධාරී පත්වීම් වහා ලබාදෙන්නැයි ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධීධාරී සංගමය අද (6) කොළඹ මහජන පුස්තකාලයේ සිට කොළඹ අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් ලිබර්ටි වටරවුමේ දී විරෝධතාවයක නිරත වුහ.
ඡායාරූප - ඉෂාන් සංජිව




පොරොන්දු වු පරිදි සංවර්ධන නිලධාරී පත්වීම් වහා ලබාදෙන්නැයි ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධීධාරී සංගමය අද (6) කොළඹ මහජන පුස්තකාලයේ සිට කොළඹ අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් ලිබර්ටි වටරවුමේ දී විරෝධතාවයක නිරත වුහ.
ඡායාරූප - ඉෂාන් සංජිව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ මහා සංඝ රත්නය අධ්‍යාපනය ලබන්නේ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කරන්නද? නැත්නම් රස්සාවක් හොයා ගන්නද? ලංකාවේ බුද්ධ ශාසනය අද පත්වී ඇති කණගාටුදායක තත්වයට වෙන අයට දොස් පවරලා වැඩක් නැහැ. වරද ඇත්තේ කළු පටි හිස දරා මහපාරේ හයිරන් පාර්ට් දාන බෞද්ධ කියා ගන්නා අයගේ මැයි. විවිධාකාර නිකාය භේදයන්ට මැදිවී ආණ්ඩු පෙරලන්න, ආණ්ඩු පත් කරන්න වෙහෙස මහන්සි වෙන, "හිට්ලර් වුණත් ඔට්ටුයි" කියන ජාතියේ අනුශාසනා අනුදැන වදාරන මහා නායක, අනුනායක ස්වාමින් වහන්සේලා වැඩ වසන කාලයක අපේ බෞද්ධයන් අද අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයම දැයි සිතන්නත් අමාරුයි.
හාමුරුරුවරුන් උද්ඝෝෂණ වලට එය උතුම් චිවරයට කරන අගෞරවයක් .
මමත් රැකියා විරහිත උපාධිධාරියෙක් එත් ආණ්ඩුවෙන්ම ජොබ් එකක් ගන්න බලාපොරොත්තුවක් නැ
අසේලට මම අවංකව සුභ පතනවා. ඉතා ඉක්මණින සුදුසු රැකියාවක් ලැබී ඔබේ උගත්කමින් රට වැඩක් කිරීමට හැකි වේවා. රටට අවශ්‍ය ධනාත්මකව සිතන ඔබ වැනි උගතුන් විනා , අධ්‍යාපනයේ සිට රස්සාව පරස්තාව දක්වාම ආණ්ඩුවේ පිහිටෙන් මහජන බදු මුදලින් යැපෙන්න ඉන්න කොට්ටාශයක් නෙවේ.
නිදහස් අධ්‍යාපනය... නොමිලයේ පාසල්, පොත්, ඇදුම් වසර දොළහක් රජයෙන් දෙනවා ... උසස් අධ්‍යාපනය තනිකරම නොමිලයේ දෙනවා මහපොළ සල්ලි එක්ක. දැන් රජයෙන් රස්සාවල් ඉල්ලනවා. මහම ගුණමකු මිනිස්සු ජාතියක්. හරිනම් සමහර දුප්පත් රටවල් කරනවා වගේ රජයේ උසස අධ්‍යාපන වියදම් නැවත අයකර ගන්න ඕන. මෙට්ට්චර ඇබෑර්තු පෞද්ගලික අංශයේ තියෙද්දී නිකන් ඉන්නද රජයේ රස්සාවල් හොයනවා.
මේ රට කවදාවත් දියුණු කරන්න බැරි , උපන්දා සිටම මහජන බදු මුදලින් යැපෙන්න බලාගෙන ඉන්න උගතුන් නිසා. උපාධිය කියන්නේ රජයේ රැකියාවට බලපත්‍රයක් නෙවෙයි. කිසිම රටක් උපාධියක් තිබෙනවා කියා රැකියා දෙන්න බැඳිලා නැහැ. මොකද තමන්ගේ උගත්කම පුද්ගලික අංශයේ රැකියාවකට යොදවන්න බැරි . ඕන තරම් පුරප්පාඩු තිබෙනවා . හැබැයි නිකම් ඈනුම් අරිමින් , පරක්කු වෙලා වැඩට එමින්, සේවාලාභී මහජනයාට ගොරවමින් , වාඩි වෙලා ඉන්නනම් ඉඩක් නැහැ .
උපාධීධාරීට පමණක් නොව රටේ ශ්‍රම බලකායේ සිටින අනිකුත් අයවලුන් සඳහාත් රැකියා ජනනය කිරීම රජයක වගකීමයි. නමුත් ඒ රැකියා රජයේ රැකියා විය යුතු යයි නීතියක් නැහැ. එමනිසා කිසි කෙනෙක් රජයේ රැකියාය දිය යුතු යයි කියා උද්ගෝෂණ පැවැත්වීමේ අර්ථයක් නැහැ.
බොහෝ රටවල බුද්ධ ධර්මය හදාරන සහ එම ධර්මය ගැන මනා වැටහීමක් ලබන සාතීශය බහුතරයක් දෙනා මහාචාර්යවරු, ඉංජිනේරුවරු, දොස්තරලා, භෞතික විද්‍යාඥයින් ආදී වියතුන් බව දක්නට ඇත. එය එසේ වීමට හේතුවන්නට ඇත්තේ ධර්මයේ ඇති ගැඹුරු ස්වභාවයයි. නමුත් මෙකල බොහෝ දෙනා කලා උපාධියට සීමා වූ ඒ ගැඹුරු තථාගත ධර්මය කෙසේ වටහා ගන්නද කියා සිතුනි. අද සියල්ල භාව ස්වභාවයන්ගෙන් මිදුණු සිල්ලර සමාජ අවශ්‍යතා සදහා පමණක් සීමා වීම නිසා මිනිස්සු සියලුම දේ තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වේ. පත්වන සහ පවතින සියලුම රජයන්ද ජනතාවට අත්‍යවශ්‍ය දේ සපයා දෙනු වෙනුවට වැඩිම කොමිස් ප්‍රමාණයක් අතට ලැබෙන දේ කරයි. දිනෙන් දින අපේ රටේ ජනතාව ශාරීරිකවද මානසිකවද පරිහානියටම යයි.
උපාධිධාරින්ව අරන් කොහොමද රට හදන්නේ? බලන්න අපේ පාර්ලිමේන්තුවේ උපාධිධාරීන් අඩුයි. ඒත් රට පට්ටම දියුණුයි. අන්න ඒ විදිහට පත්වීම් දෙන්න ඕනේ. උපාධිධාරින්ට දෙන්න නරකයි.
ඉහත සඳහන් අදහස් සම්පූර්ණයෙන්ම සත්‍යයයි. ජීවිතේ නොදුටු දේ දැන් සිදුවෙමින් පවතියි. මුලින් සාමනේර වහන්සේ නමක් සේ පැවදි දිවියට පා තබන අවස්ථාවේ කොපමණ සංවරද? මෙවැනි ආකල්ප අදහස් මත මහණ නොවෙති. ඒ වකවානුවල නමක් හෝ දෙනමක් වැරදි කර තිබුණත්, මුළු මහත් සඟරුවන පන්සල්වල වැඩ සිටිමින් ධර්මානුයෝගීව බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ආගමික කටයුතුවල යෙදුනේය. බෞද්ධාගමේ උන්නතිය උදෙසා. එකල පන්සලකට ගොස් වැඳ පුදා ගන්න කල ස්වාමින් වහන්සේලා හට කොපමණ දැහැමි ගරු භක්තියක් සිත තුළ පහළවේද? අද එවන් තත්වයක් ඇත්දැයි ප්‍රහේලිකාවකි. දැන් දැකීමට ඇත්තේ සිවුරු දරාගෙන හිසේ කළු පටි බැඳගත් රවුල් වවාගත් යකඩ වැටවල් සහ තාප්ප උඩ නගින පරුෂ වදන් කියන සඟ පරපුරකි. තව කොටසක් සංවරශීලි බවෙන් තොර චණ්ඩින් මැරයන්සේ දේශපාලන පොර පිටියේ සිරමැදිරිතුළ. සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේ හට මෙසේ නොපවසමි. කොටසක් කිරීමෙන් මුළු මහත් ශාසනයටම නිගාවකි. කැළලකි. උපන් බෞද්ධයන් වශයෙන් අපටද ප්‍රශ්නයකි. නිගාවකි. හිමිවරුන් හට වෙනම විශ්වවිද්‍යාලයක් තිබීම සුදුසු යයි සිතමි. උසස් අධ්‍යාපනය සඳහා මිස රැකියා සඳහා නොව. අපේ උතුම් නිර්මල බුදුදහම පෙරසේ නැවත පැතිරේවා....
මේ විරෝධතාවයේ යෙදෙන චීවරධාරීන් අපේ හාමුදුරුවරු සමග ආගමික කටයුත්තකට පැමිණියොත් අපිට සිදුවෙනවා පය සෝදලා පිරුවට දාලා මහා සංඝයාට සලකන සැලකිල්ලම දක්වන්න. එ්කයි මට දුක...
ලංකාව ඇරෙන්න උපාධිදාරින්ට රැකියා දෙන්න බැඳිලා ඉන්න වෙනත් රටවල් වල ආණ්ඩුවක් ගැන කවුරුත් දන්නවද?
කලා උපාධියට රැකියා නැහැ. කරන්න ඕනේ රැකියා අවස්ථා තියෙන උපාධියක්. එක්කෝ රට යන්න බලාගෙන....
අපේ රටේ මහජනතාව කැමැති උගතුන්ට තැන දෙන්න නෙමෙයි, මහබැංකුව හොරාකද්දී හොරුන්ට රටේ පාලනය අරන් දීමයි. ඔන්න ඕකයි ඇත්ත...
මෙයාලා මැති ඇමතිවරුන්ගේ කේවට්ටයෝ විධියට පත්කරලා දැම්මනම් ප්‍රශ්නේ විසඳෙනවා.
ලංකාවේ ඉන්න වැඩකරණ පන්තියේ ඉන්න අය වල කපන්නේ ඒ පන්තියේ කෙනෙක්ටම තමයි. වෙන රටක නම් මිනිස්සු හිතන්නේ අනේ කොහොම හරි මේ දරුවෝ රස්සාවක් හොයාගන්නවානම් හොඳයි නේද කියලා. ඒකට ලංකාවේ ඉන්න මිනිස්සු. රටක රජයකට වගකීමක් තියනවා පුරවැසියන්ට රැකියා දෙන්න. යුරෝපයේ පවා එහෙමයි.
මෙතන වැඩියක් අය සිතන්නේ කලා උපාධි මොකටද කියලා. උපාධියක් සැලසුම් කරන්නේ රැකියාවක් කරන්න ඉලක්ක කරලා නොවේ. කිසිම රටක. උපාධියක් ඉලක්කය බුද්ධිමතෙක් බිහිකරන්න, එසේ නොමැතිනම් විද්යතකයෙක් බිහිකරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිඝනක ආයතනයේ නිර්මාතෘ (ICT ) කලා උපාධිධරයෙක් . මේ ලිපිය ලියන ,මාත් කලා උපාධි ධරයෙක්. නමුත් , මාත් අද යුරෝපයේ යම් රාජ්‍ය ආයතනයක විධායක නිලධාරියෙක්. යුරෝපයේ රටවල් රාජ්‍ය අංශයෙන්ම රැකියාවල් දෙනවා. ඔබලා සිතනවානම්, රැකියාවක් ඉලක්ක කොට අධ්‍යාපනයක් හැදෑරීමට, එසේනම්, අපොස සා.පෙ පසුව පුද්ගලික අංශයට සම්බන්ධ විය යුතුයි, එසේ නැතිනම්, වෘතීය පඨමාලාවක් හැදෑරිය යුතුයි. ඔබලා, අනෙකාට අපහාස කරන තාක් ලංකාව දියුණුවන්නේ නැත.
ධනුෂ්ක, ඔබට කිසිම රටක සතුටින් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ වගේ. ඔබට හරියන්නේ අභ්‍යාවකාශයේ පාලු රටක්. පුද්ගලික අංශයේ වැඩ කරන උදවියට ණය දෙන්නේ නැහැ කියලා බොරු කියන්න එපා. මට ලැබුනා. නිකම් වැඩි වෙලා හිටියාට කොහෙද උසස්වීම් ලැබෙන්නේ . පුද්ගලික අංශයේ කාර්යක්ෂම සේවකයන්ට උසස්වීම් පඩි වැඩි වීම් තිබෙනවා. සරසවියෙන් පිටවුණා ගමන් මහා ඒජන්ත පුටුවේ වාඩි වෙන්න ලැබෙන්නේ නැහැ. මම රැකියාවක් ලැබෙනතෙක් උපකාරක පන්ති කළා. ත්‍රී වීල් එකක් එලෙව්වා. මහන්තත්ත උපාධිදාරියාට කොයි රටකවත් සතුටින් ඉන්න බැහැ.
ඉතිහාසය, දර්ශනය, සිංහල, පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය, දේශපාලනය. භූගෝලය, සමාජ විද්‍යාව වගේ උපාධි අඩු කරලා ඒ අරමුදල් විද්‍යා උපාධි වලට යොමු කරමු.
හාමුදුරුවරු බණට දෙසන්නෙම "අත් හැරීම" පුරුදු වෙන්න කියල.
ධනුෂ්ක, පුද්ගලික අංශයේ රැකියා දියුණුවට මහන්සි වෙලා වැඩ කරන කාර්යක්ෂම සේවකයාට අවස්තා ඕන තරම් තිබෙනවා. උපාධි සහතිකය බෙල්ලේ එල්ලාගෙන , තමන්ට ලැබිය යුතු ප්‍රතිලාභ ගැන විතරක් හිතලා පුටු රත් කලාට උසස්වීම් ලැබෙන්නේ නැහැ.
දෑන් ඔය උපාධිදාරී අයට බෑරිද හොද වඩු කාර්මිකයෙක් වෙන්න? යකඩ වෑඩ කරන්න? මේසන් වෑඩ , ඒ වගේ දේවල් කරන්න. පිටරටවල මේවා කරන්න උපාධි තියෙනවා. අලුත් ක්‍රම හදුන්වලා දෙනවා. අපේ ජර්මන් ටෙක් එක වගේ. වඩු කාර්මිකයෙක් ලංකාවේ ලක්ෂෙකට වඩා හොයන්න පුලුවන්
අනේ! මෙතන අදහස් පලකොට තිබෙන ධනුෂ්ක නමැති පුද්ගලයා ජීවත් වන මනෝ ලෝකය තුල ඔහුගේ සොඳුරු සිහිනය ඔහුට තනිවම රස විඳින්න ඉඩ හරින්න. පෞද්ගලික අංශයේ රැකියාවකට තරම් සුදුසු නොවන උපාධියක් හිමි ඔහු, රජයේ රැකියාවකට නම් ඕනෑවටත් වඩා සුදුසුකම් තිබෙන බව පැහැදිලියි. නමුත් ඔහු එක කාරණාවක් අවබෝධ කර ගත යුතුයි. ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් කලා උපාධියක් හිමි අයට වඩා, විනයක් සහිත උසස් පෙළ සමත් අයගෙන් රාජ්‍ය සේවයට හෝ රටට යම් සේවයක් සිදුවෙන බවයි.
ධනුෂ්කලා වගේ උදවිය හිතන්නේ මම උපාධිදාරී කියපු සැනින් ඔක්කොම වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕන කියලා. පොඩ්ඩක් තේරුම් ගන්න. උපාධිය සහ රැකියා කුසලතා වෙනස්. උපාධිය කියන්නේ රැකියා කුසලතාව වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට රැකියා කුසලතා පිහිටන්න උපාධියක් තිබීම අත්‍යාවශ්‍ය නැහැ. මම දන්නා ලාංකික දොස්තර කෙනෙක් සුදුසු රැකියාවක් ලැබෙන තෙක් ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක කම්කරු රැකියාවක් කළා. ඔක්කොම නිකම් ඉඳලා පිනට බලාපොරොත්තු වෙන්න එපා. රැකියා වෙළඳ පොලට හරියන විදියට විෂය ධාරාව තෝරා ගැනීම තමන්ගේ වගකීමක්. ඒකටත් මෙතන රජයට ඇඟිලි දික් කරනවා. තමන්ට කිවිසුමක් ගියත් ආණ්ඩුවටයි රටේ අනෙක් මිනිස්සුන්ටයි බනිමින් කාලය කන මිනිස්සු කොට්ටාශයක් මේ රටේ ඉන්නවා.
ධනුෂ්ක බලාපොරොත්තු වෙන්නේ සර්ව සම්පූර්ණ රැකියා අවස්තාවක් නම් අන්න අඟහරු ලෝකේ සිට අහසේ තරු ගනින රැකියා ඇබෑර්තුවක් තිබෙනවා. හැමෝම හැම අතින්ම සතුටු කෙරෙන රැකියා අවස්ථා මේ පෘතුවියේ නැහැ.
මේ ධනුෂ්ක නරකද ඔබ පාර්ලිමේන්තුවට ගිහින් මේ රැකියා ප්‍රශ්නය විසඳුවොත්. එතකොට ඔබට පුළුවන් උපාධිදාරීන් නමැති උගතුන් සහ අනෙකුත් නුගතුන් ලෙස රටේ මිනිස්සු දෙකට බෙදා ගෙන වැඩ පටන් ගන්න.
ඕනෑම රැකියාවකට අදාළ වෘත්තීය කුසලතා තිබෙනවා. ඒවා නැති නම් උසස්වීම් පඩි වැඩි වීම් නැහැ. සමහරු පුද්ගලික අංශයේ රැකියාවකට ගිහින් මම සියල්ල දන්නා උපාධිදාරියෙක් කියා සිතමින් එතන අදාළ වැඩ හරියට ඉගෙන ගන්නේ නැහැ . මේ මොහොතේ හරියට අදාළ වැඩේ නොකර රැකියාවට ගිය පළමු දවසේ සිටම ඊළඟ උසස් වීම සහ පඩි වැඩිවීම ගැන කතා කරමින කාලය කනවා. අලුත් කුසලතා වර්දනය කර ගැනීමට කිසිම උනන්දුවක් නැහැ . පාරිභෝගිකයාට සුහදව විනීතව කතා කරන්න දන්නේ නැහැ . සාමුහිකව කණ්ඩායමක් ලෙස වැඩ කරන්න හැකියාවක් නැහැ . මේවා තමන්ගේ ආකල්පමය ප්‍රශ්න මිසක් උපාධියේ විෂය සටහන් වලින් ගොඩ යාමට පුළුවන් ප්‍රශ්න නෙවෙයි.
නිකන් කාලේ නාස්ති කරන වෙලේ රස්ස්සාවක් හොයාගන්න බැලුවන් නරකද ?.