(කාංචන කුමාර ආරියදාස )
මොරගහකන්ද-කළු ගඟ ජලාශයේ මංගල දියවර මුදාහැරීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ජනාධිපති මමෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) සිදු කෙරිණි.
එමෙන්ම ජලාශය ඉදිරිපිට අඩි 27 ක් උස අව්කන බුදු පිළිමයට සමාන වූ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹි සුබ මොහොතින් සිදු විය.
මොරගහකන්ද කුලසිංහ ජලාශය ජනාධිපතිවරයාගේ නීරික්ෂණයෙන් පසු ආරාධිත අමුත්තන්ගේද සහභාගීත්වයෙන් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරිණි.
මෙරටට අනන්‍ය වු නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම නිර්මාණය කළ ආචාර්යඒ.එන්.එස් කුලසිංහ ඉංජිනේරුවා සිහි වීම වෙනුවෙන් කුලසිංහ ජලාශය ලෙස මෙය නම් කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ඔබට... ඔබේ නම යොදා නොගැනීම පිළිබඳව. කාලයක් තිබුණනේ අම්මගේ අප්පගේ බූදල් වලින් හැදුවා වගේ තමන්ගේ නම යොදාගන්න.
මේක නම් ඉතා හොඳ වැඩක්...
අපෝ වැඩක් නැහැ. ඔයා මොනවා කරත් ඔයාගේ නම ගහගත්තේ නැහැනේ...
ගිය ආණ්ඩුවේ වැඩ තව තියෙනවා විවෘත කර කර යන්න.
අපේ රටේ අයට මොනවා කළත් වැඩක් නැහැ. හොරකමක් කළොත් විතරක් එක එයාලගේ කියනවා හොඳ වැඩක් කළොත් ඒක අපේ කියනවා. වහල්ලුන්ගේ කටින් කවදාවත් වහල් භාවයෙන් තොර වචනයක් අහන්න ලැබෙන්නේ නැහැ. කවුරු කළත් වැඩේ අනාගතයට හොඳ නම් අගය කිරීම අපේ යුතුකමකි...
අජිත් මේවා චීනෙන් පගා අරන් කරපුවා නෙමෙයි. මහවැලියේ අවසන් අදියර
කවුරුකලත් රටේ සුබසිද්ධියට වැඩක් කරනවානම් ජනතාවට දැනෙන්න, අගය කරමි.
තවත් එකක් මේක බෞද්ධ රටක් කියලා අනාගතයට පේන්න බුදුරුවක් ජලාශය අසල පිහිටෙව්වා. ඔය ගිය ආණ්ඩුව ගැන කතා කරන මහත්වරුන්ට කියන්න ඕනේ ඕක ගිය ආණ්ඩුවෙන් කලානම් ඔතන ඉන්නේ බුදු රුව වෙනුවට වෙන කෙනෙක්. එහෙම කරන්නේ නැතුව මේ ජනාධිපති තුමා මේක සැලසුම් කරපු ඉංජිනේරු මහතාගේ නමින් මෙය හදුන්වපු එකම මොනතරම් අගය කල යුතුද !
ගරු ජනාධිපතිතුමනි ඔබට බොහොම පින් මේ රටේ ජල ගැටලුවෙන් පීඩා විදින අසරණ ගොවියන් වෙනුවෙන් මේ කාර්ය ඉහලින්ම ඉටුකලාට තවද කුලසිංහ මැතිදුන්ගේ නම යෙදීම ගැන ස්තුතී. මැතිදුනි ඔබට තෙරුවන් සරණයි
කුහකයන්ට මේවා බලාගෙන ඉන්න බැහැ. ඉස්මුදුන පුපුරනවා.
අදහස් දැම්මට සමහරු දන්නේ නැහැ මේක සිනෝ හෛද්රෝ කියන චීන සමාගමේ වැඩක් බව. ඩිසයින් කලේ ඉරානෙන්
කුලසිංහ මැතිතුමාගේ නාමය පුබුදු කල ජනාධිපති තුමාට ස්තුති වන්ත වෙමි. කුලසිංහ මැතිතුමා ජ්‍යත්යන්තරයේ නමක් තැබූ කෙනෙක් . කරුණාකරලා මෙම වියාපෘතිය පටන් ගත් දිනයේ සිට විවෘත්ත කරන දිනය දක්වාම එහි වැඩ කල සෑමමිනිසෙකුගේම නම් ලැයිස්තුවක් වාරි මාර්ග දෙපර්තුමෙන්තුවෙත් , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් ප්‍රවේසම් කර තිබීමට කටයුතු කරන්න.
ඒ දවස්වල මහරජා මේක ජනාධිපතිට කරන්න දුන්නේ නැත්තේ ලකුණු දා ගනී කියලා. එක තමා එත්ත කතාන්දරය..........
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කරන්න තියෙනවා නේද? ඒකට මොන නමද දාන්න ඕන?
මොරගහකන්ද ජලාශය හදන්න අක්කර දහස් ගණනක් වටිනා නොඉඳුල් වනාන්තර අක්කර දහස් ගණනක් කපා කොටා විනාශ වුණා. ඒ නිසා අපට නැතිවූ වනජීවී සම්පතත් අති මහත්. එවැනි පාඩු මිල කල නොහැකියි.