IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අගමැති ආඬිවේල් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගනී

(නිමල කොඩිතුවක්කු)      
    
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (25) පස්වරුවේ ආඬිවේල් පෙරහර උත්සවයට අරලියගහ මන්දිරය ඉදිරිපිට දී එක්වී  ආශිර්වාද ලබා ගත්තේය.
ආඬිවේල් පෙරහර පිටකොටුව පළවෙනි හරස් වීදියේ පිහිටි කතරගම දේවාලයෙන් ආරම්භ වී වැල්ලම්පිටිය ගණදෙවි දේවාලය දක්වා ගමන් ආරම්භ කරන අතරතුර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙලෙස ආශිර්වාද ලබා ගනු ලැබීය.

අවුරුදු 150කට වැඩි කාලයක් තිස්සේ ආඬිවේල් පෙරහර වසරක් පාසා මෙලෙස ගමන් කරන අතර විචිත‍්‍රවත් නර්තන සහ වාදන කණ්ඩායම් වලින් එය සමන්විත වේ.ඒ සඳහා ඉන්දීය වාදන සහ නර්තන කණ්ඩායම් එක්ව සිටීම ද විශේෂත්වයකි.

ආඬිවේල් පෙරහර අරලියගහ මන්දිරය අසලින් ගමන් කිරිමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පුද පූජා පවත්වා ආශිර්වාද ලබා ගත් අතර මෙම අවස්ථාව සඳහා පුනරුත්ථාපන, නැවත පදිංචිකිරිම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම් ස්වාමිනාදන් මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
ආඬිවේල් පෙරහර ලබන 29 වැනි දා යළි වැල්ලම්පිටිය ගණදෙවි දේවාලයේ සිට පිටකොටුව පළවෙනි හරස් වීදියේ පිහිටි කතරගම දේවාලය දක්වා ගමන් ගැනීමට නියමිතය.

(ඡායාරූප - ඉෂාන් සංජිව)



අදහස් (7)

අගමැති ආඬිවේල් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගනී

රජින්ද Wednesday, 25 July 2018 03:19 PM

රට ඉන්දියාවට... ආයේ ඒකේ දෙකක් නැහැ. මෙයා ලස්සනට ඒ වැඩේ හීන් නූලෙන් දෙනවා.

:       672       1281

K Perera Wednesday, 25 July 2018 06:07 PM

ඔයාලට ඉන්දියාවේ කෑම කන්න පුලුවන්නම් ආප්ප, ඉදිඅප්ප, පිට්ටු, රොටි , තව කියන්න ගොඩක් ඇත ඉන්දියාවේ ආගම් අදහන්න පුලුවන්නම්, ඉන්දියාවේ ඇදුම් අදිනවානම් සාරි, සරම් ඉන්දියාවේ සින්දු චිත්‍රපටි බලනවානම්, ඉන්දියාවේ නැකත් හදහන් විස්වාස කරනවානම්, ලංකාවේ සිටින සිංහල සහ දෙමල මිනිසුන් ඉන්දියාවෙන් ආපු අයනම්! රට ඉන්දියාවට ගියාට මොටද?

:       638       41

රජින්දThursday, 26 July 2018 01:13 PM

ඉන්දියාවේ කෑමක් කෑවනම් ඒ කෑවේ පිනට නොව අනික ඒ කාපු කෑමකට රට උකසට තැබුවේද නැත. ජාත්‍යන්තර වෙළදාම ගැන ඔබගේ නොදැනුවත්භාවයට අනුකම්පා කරන අතර, ආක්‍රමණය කුමන ආකාරයකින් ආවද එය ආක්‍රමණයකි. වර්තමාන ලෝකය රාජ්‍ය ආක්‍රමණයට යොදා ගන්නා ප්‍රභලම අවිය නම් ආගම්ය. මෙකල ධර්මදුතයින් වෙනුවට ඇත්තේ අන්තවාදීන්ය. ඔවුන් ඔබගේ උකුසු ඇස් වලට වැලිගසා මෙහි රජවෙන්නට ආවෝ වෙති.

:       1       147

MohanSaturday, 28 July 2018 02:14 AM

සිංහල ජාතිය ඉන්දියාවෙන් පැමිණි හින්දු හෝ දමිල සංස්කෘතිය රැගත් පිරිසක් නොවේ. ශ්‍රී ලංකාව ජනාවාස වූයේ අදින් වසර 150,000කට පමණ පෙරය. හුදු පුරාවෘත්ත හෝ කතාන්දර අනුසාරයෙන් සිංහළ ජාතිය නොමනින්න.

:       0       0

kumar (Gulf) Wednesday, 25 July 2018 06:36 PM

ඇස් තිබුනට දකින්නන බැරි, කන් තිබුනට අසන්න බැරි, පා තිබුනට ඇවිදින්න බැරි මේවගේ දෙවිවරුන්ගෙන් මොන ආශීර්වාදද? මේ වගේ ලී කොට, පිත්තල, මැටි ගොඩවල් වලට නමස්කාර කරන අයත් ඒ වගේම පලනැති ගස් වගේ තමා.

:       1       331

රාජිත Thursday, 26 July 2018 02:28 AM

නිකන් මෝඩ කතා දාන්න එපා රජින්ද. මේ පෙරහැර බොහොම පරණ එකක්. ඒ වගේම පහුගිය රජයන්ගේ හිටපු ජනාධිපතිවරු මෙන්ම අගමැතිවරුත් තමන්ගේ වාසස්ථානයේ සිට මේ පෙරහරට සහභාගී වුනා. මම කිසිම ආණ්ඩුවකට නැතුව කියන්නේ. දේශපාලන වාසි ගන්න බලන්න එපා.

:       835       407

Bamunuarachchi Saturday, 28 July 2018 12:42 AM

ආගමික උත්සවයකට ටයි දාලා සහභාගි වෙන්නේ මොන කොටළුවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site