(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අද (25) පස්වරුවේ ආඬිවේල් පෙරහර උත්සවයට අරලියගහ මන්දිරය ඉදිරිපිට දී එක්වී ආශිර්වාද ලබා ගත්තේය.
ආඬිවේල් පෙරහර පිටකොටුව පළවෙනි හරස් වීදියේ පිහිටි කතරගම දේවාලයෙන් ආරම්භ වී වැල්ලම්පිටිය ගණදෙවි දේවාලය දක්වා ගමන් ආරම්භ කරන අතරතුර අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙලෙස ආශිර්වාද ලබා ගනු ලැබීය.
අවුරුදු 150කට වැඩි කාලයක් තිස්සේ ආඬිවේල් පෙරහර වසරක් පාසා මෙලෙස ගමන් කරන අතර විචිත‍්‍රවත් නර්තන සහ වාදන කණ්ඩායම් වලින් එය සමන්විත වේ.ඒ සඳහා ඉන්දීය වාදන සහ නර්තන කණ්ඩායම් එක්ව සිටීම ද විශේෂත්වයකි.
ආඬිවේල් පෙරහර අරලියගහ මන්දිරය අසලින් ගමන් කිරිමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විසින් පුද පූජා පවත්වා ආශිර්වාද ලබා ගත් අතර මෙම අවස්ථාව සඳහා පුනරුත්ථාපන, නැවත පදිංචිකිරිම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම් ස්වාමිනාදන් මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
ආඬිවේල් පෙරහර ලබන 29 වැනි දා යළි වැල්ලම්පිටිය ගණදෙවි දේවාලයේ සිට පිටකොටුව පළවෙනි හරස් වීදියේ පිහිටි කතරගම දේවාලය දක්වා ගමන් ගැනීමට නියමිතය.
(ඡායාරූප - ඉෂාන් සංජිව)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඉන්දියාවට... ආයේ ඒකේ දෙකක් නැහැ. මෙයා ලස්සනට ඒ වැඩේ හීන් නූලෙන් දෙනවා.
ඇස් තිබුනට දකින්නන බැරි, කන් තිබුනට අසන්න බැරි, පා තිබුනට ඇවිදින්න බැරි මේවගේ දෙවිවරුන්ගෙන් මොන ආශීර්වාදද? මේ වගේ ලී කොට, පිත්තල, මැටි ගොඩවල් වලට නමස්කාර කරන අයත් ඒ වගේම පලනැති ගස් වගේ තමා.
නිකන් මෝඩ කතා දාන්න එපා රජින්ද. මේ පෙරහැර බොහොම පරණ එකක්. ඒ වගේම පහුගිය රජයන්ගේ හිටපු ජනාධිපතිවරු මෙන්ම අගමැතිවරුත් තමන්ගේ වාසස්ථානයේ සිට මේ පෙරහරට සහභාගී වුනා. මම කිසිම ආණ්ඩුවකට නැතුව කියන්නේ. දේශපාලන වාසි ගන්න බලන්න එපා.
ආගමික උත්සවයකට ටයි දාලා සහභාගි වෙන්නේ මොන කොටළුවාද?