(නිමල කොඩිතුවක්කු )
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ඩිප්ලොමා ශිෂ්‍ය බළ මණ්ඩලය අද (25) ආරම්භ කළ විරෝධතා පාගමනට ලෝටස් වටරවුම අසළදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරනු ලැබීය.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුංචි බොරැල්ලේ සිට විරෝධතාකරුවෝ මෙම පාගමනට එක්වුහ.
සිසුන් කොළඹ ලෝටස් වටරවුම අසලට පැමිණ විරෝධතාවයේ නිරත විමත් සමඟ පොලිසිය විසින් ලෝටස් පාර තාවකාලිකව වසා දැමු අතර මේ හේතුවෙන් අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.
ඡායාරූප - ඉෂාන් සංජිව





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට උගන්වනවා මදිවාට, රස්තියාදු ගහන්න පොකට් මනිත් දෙන්න වෙලා තියෙන්නේ අසරණ ජනතාවටනේ. ලෝකයේ දියුණු රටවල ළමයි කුමන වර්ගයේ අධ්‍යාපනයක් හැදෑරුවත් ඔවුන්ගේ උත්සාහයෙන් හා බොහෝ කැප කිරීම් වලිනුයි ඔවුන් තමන්ගේ කාර්යය ඉටුකර ගන්නේ. මේ අයගේ උප්පත්තියට ජනතාව හා රජය වගකිව යුතුයි වගේනේ මේ අය මේ ලෙස හැසිරෙන්නේ. මාෆියා කල්ලිවලට මෙලෙස හැසිරීමට ඉඩ ලබාදීම ඉතාමත් අනුවණ ක්‍රියාවක්.
අනවසරයෙන් මාර්ග අවහිරකිරීම, උද්ඝෝෂණ, කලකෝලාහල පොලිසියට නීතියට එරෙහි ක්‍රියාකිරීම සම්පුර්ණයෙන් තහනම් කලයුතුයි.
විශ්ව දිද්‍යාලයක ඉගෙන ගත්ත අලයෝ නොවුම හැමෝන දන්නවා මොනතරන් අමාරුවෙන්ද ඉගෙන ගන්නේ කියල. මොනතරම් අඩුපාඩු තියෙනවද කියල. රජය සලකන්නේ කොහොමද කියල. එහෙන නොදන්නා අය ප්‍රතිචාර දක්වද්දී හිනා යනවා...
මංජුල මල්ලි ඔයාට යමක් කිව යුතුයි. මමත් හද්ද පිටිසර ඉදන් තමයි දුශ්කරම දිස්ත්‍රික්කයෙන් පේරාදෙනිය ආවෙ. මගෙ දෙමපියන් හරියට පාසල් ගිහින්වත් නැහැ. නමුත් මම පෙරා වලින් විද්‍යා උපාධිය හොදින් කර, හොදම තැනක ඉන්නවා. මම මගෙ දෙමාපියන්ටයි, ගුරුවරුන්ටයි ණයගැතියි. ඔයා ඔය කියන දුශ්කරකම් අපටනම් පේරා වල තිබුනෙ නැහැ. තිබුනත් ඒවා ගණන් ගත්තෙ නැහැ. අපි ඉගෙන ගත්තා. එක එක්කෙනාගේ ගැට වලට අහුවෙන්න එපා.
යුරෝපයේ සමහර රටවල සහ ඇමෙරිකාවේ සරසවි සිසුන්ට නොමිලේ උගන්වන්නේ නැති අතර ඔවුන් සරසවි නිවාඩු දින වලදී සහ හවස්වරුවේ පාර්ට් ටයිම් රැකියාවක් කර මුදලක් උපයාගැනීමට පුරුදු වී ඇත. අපේ රටේ නොමිලේ උගන්වනවා මදිවට අපේ අය ෆුල් ටයිම් ජොබ් එකටත් උද්ගෝෂණ කිරීමට හුරුවී ඇත. පිටරට සිසුන් විනෝදාංශ වශයෙන් ක්‍රීඩා සහ සමාජ සේවා කටයුතු වැනි දේවල් කරන අතර අපේ අය විනෝදාංශ වශයෙන් කරන්නේ නවක වදය දීමය
දනුෂ්ක මහත්මය , ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ට රැකියා සොයාගැනීමට මම දකින විදිහට තිබෙන භාදක කිහිපයක්ම තිබෙනවා , 1 ) ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සීමිත කොටසකට පමණක් සිමා වීම නිසා සරසවි සිසුන් යනු විශේෂ පුද්ගලයන් කොටසක් කියා ඔවුන්ගේ සිත් තුල මතයක් නිර්මාණය වී තිබෙනවා. එමනිසා ඔවුන් සුළු රැකියා කිරීමට නොපෙලඹෙන ගතියක් තිබෙනවා , 2) සරසවිය තුළ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂවල කෝණයකින් ඔවුන් බොහෝවිට සමාජය ගැන බලන නිසා ඔවුන්ට පුද්ගලික සමාගම් පෙනෙන්නේ ජනතාව සූරාකන කොටසක් ලෙසටය. 90% පාර්ට් ටයිම් ජොබ් තිබෙන්නේ පුද්ගලික අංශයේ 3 ) සරසවි සිසුන් කිවම ජනතාවගේ ඔලුවට එන්නේ නිතර දෙවේලේ උද්ඝෝෂණ කරමින් පාරවල් දිගේ ඇවිදින කොටසක් ලෙසටය. එමනිසා එම සමාගම් මොවුන්ට රැකියා දෙන්න මැලි වෙනවා. ධනුෂ්ක මහත්මයා මම අවංකවම සඳහන් කරන්න ඕනේ... විශ්ව විද්‍යාල සහ අනිකුත් අධ්‍යාපනය අතින් ජර්මනිය ඉන්නේ ලංකාවට වැඩිය ගව් ගණනක් ඉදිරියෙන් බව, මෙම තත්වයට හේතුව එම රටේ පුරවැසියන්ගෙන් වැඩි කොටසක් හොඳ අධ්‍යාපනය ලබපු පිරිසක් නිසාය. මම සිතනවා කොලඹින් පිට ඉපිද ලංකාවේ හැදී වැඩුණු සහ ලංකාවේ මුදල් ආයෝජනය කර ව්‍යාපාර ආරම්භ කරපු මට ලංකාවේ පිටිසර පළාත් ගැන තිබෙන අවබෝධය ප්‍රමාණවත් බව...