ඩබ්ලිව්.ඒ. අසේල
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කරපටි බස්සා හෙවත් කොලර්ඩ් ස්කෝප් අවුල් නැමති වර්ගයට අයත් බකමූණු පවුලක් මහනුවර මාරස්සන ප්‍රදේශයේදී හමුවී ඇත.
වනජිවි ඡායාරූප ශිල්පයකු හා පක්ෂීන් පිළිබඳ ගවේෂකයකු වන තලාතුඔය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය චම්මික දිසානායක මහතා හා අප සමඟ එක්වී කළ ඉතා දුෂ්කර ගවේෂණයකින් පසු මෙම බකමූණු පවුල පිළිබඳව තොරතුරු සොයා ගැනිමට හැකිවිය.
වෛද්‍ය චම්මික දිසානායක මහතා පවසන්නේ තනිව හෝ ජෝඩුවක් ලෙස ජීවත් වන මෙම බකමූණන් විශේෂය මේ ආකාරයට කණ්ඩායමක් ලෙස වාසය කිරීම ඉතා දුර්ලභ හා විශේෂිත සිදුවීමක් බවයි.
ශ්‍රී ලංකාව තුළ බකමුණන් හා බස්සන් විශේෂ කිහිපයක් වාර්තා වන අතර මෙම කරපටි බස්සන් විශේෂය ප්‍රමුඛ තැනක් ගන්නා බව ඔහු ප්‍රකාශ කර සිටී.
තවමත් මේ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණ නැතත් බොහෝ විට මෙය බකමූණු ජනපදයක් වීමට ඉඩ ඇති බව අනුමාන කරන වෛද්‍ය චම්මික දිසානායක මහතා එසේ වුවහොත් එය විශේෂිත සිදුවීමක් බවද වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත් සිත්ගන්නා සුළු ඡායාරුපයකි. බොහෝවිට මේ බකමූණන් විශේෂය මේ ආකාරයට කණ්ඩායමක් ලෙස වාසය කරන්නේ උන්ගේ ආරක්ෂව පිණිස විය හැකියි.
ඉතාම අලංකාරයි.
මේ සතුන්ව කකුල් දෙකේ කැළෑ බස්සන්ගෙන් ආරක්ෂා කරගතයුතුය.
අනේ වාසනාවන් මේ බකමුනන් අපිට. මොවුන් සමහරක් විට මැදියම් රාත්‍රියේදී ඉතා දුර්ලභ ශබ්දයක් නගන අයද දන්නේ නැහැ. කෙසේ වුවත් වත්මන් පරපුර මේ සතුන් ගැන විස්තර දැන ගන්නවනම් කොච්චර හොඳද.