(සුජිත් හේවාජුලිගේ)
මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචිත මහා සූපවංශය ග්‍රන්ථයේ ඉංග්‍රිසි පරිවර්තනය ‘‘The Great Choronicle Of Culinary‘‘ ගල්කිස්ස මහ හෝටලයේදී අද (27) එළිදැක්විණි.
ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උත්සවයට සහභාගි විය.
ග්‍රන්ථය ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මහා සංඝරත්නයට ප්‍රධාන ආගමික පුජකවරුන්ට පළමුවෙන්ම පිළිගන්වනු ලැබිණි.පසුව ග්‍රන්ථයේ පිටපතක් ජනාධිපතිවරයාට පිළිගැන්විණි.
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග හා ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ අභිමානය ලෝකයක් මවිතකල සූපවේදී නව නිර්මාණයේ උල්පත මහා සූපවේදී අචාර්ය පබිලිස් සිල්වා මැතිඳුනි... ගල්කිස්ස මහා හෝටලයේ හිටපු ඔබතුමාගේ ගුරු ප්‍රධාන සූපවේදී අද හිටියා නම්...
මේ ගැන නම් බොහොම පින් ඔබතුමාට...