IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වන්නියාගම රක්ෂිතයේ ගින්නක් නිවා දමයි

රෝවන් පෙරේරා
 
නවගත්තේගමට සහ කරුවලගස්වැව යාබදව පිහිටි වන්නියාගම රක්ෂිතයට කිසියම් පරිසක් ගිනි තබා ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න පැතිරී යාමට ඉඩ නොදී නිවා දැමීමට කටයුතු කළ බවත් පුත්තලම දිසා වන අඩවි නිලධාරී බී එම් සී බංඩාර මහතා පැවසීය.

 
අද සවස7.00 පමන මෙම ගින්න හට ගෙන ඇති අතර කරුවලස්වැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ දැනුම්දීම අනුව ප්‍රදේශවාසින් හා වන සංරක්ෂණ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
 
ගින්නෙන් වන්නියාගම රක්ෂිතයේ හෙක්ටයාර දෙක හමාරක් පමන විනාශවී තිබේ.
 
මත්පැන් පානය කර වනසතුන් දඩයම් කිරීමට ගිය පිරිසක්   මෙම  ගිනි තැබීම සිදු කර ඇති බවට සැක කරයි.
 
ගින්න පිළිබඳ තොරතුරු වාර්ථාවූ සැනින් ක්‍රියාත්මකවී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු නොකළේ නම් විශාල පරාසයක ගින්න පැතිරී ගොස් විශාල පරිසර හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද   අඩවි නිළධාරී වරයා පැවසීය.



අදහස් (0)

වන්නියාගම රක්ෂිතයේ ගින්නක් නිවා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site