(ක.ග. කරුණාරත්න)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ සද්ධන්තයින් පස් දෙනෙකු මහවැලි ගගේ ප්‍රධාන අතු ගංඟාවක් වූ පෙරියආරු ගඟට අයත් පොලොන්නරුව ඕනෑගම පුදූර් ප්‍රදේශයේ වගුරු බිමක මඬේ එරී මියගොස් සිටියදී ඒ මළසිරුරු අද (01) දහවල් හමුවූ බව වනජීවි නිලධාරිහු කියති.
මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේදී මඬේ එරී මියගිය වයස අවුරුදු 08 ක් පමණ වයසැති අලි පැටවෙකුගේ මළසිරුරක් ප්‍රදේශවාසීන්ට හමුවී තිබුණි.
රාත්‍රී කාලයේ ආහාර සොයා පැමිණෙමින් සිටියදී මේ අලි පස් දෙනාද ඒ අන්දමට මඩ සහිත වඟුරු බිමේ එරී ආපසු ගොඩට යාගත නොහැකි වී මිය යාමට ඇතැයි වනජීවි නිලධාරීහු කීහ.
මිය ගිය අලි පස් දෙනාගේ මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ හෙට ඉරිදා(02) දිනයේ පැවැත්වීමට නියමිත බව ගිරිතලේ වනජීවි පුහුණු කේන්ද්‍රයේ පශු වෛද්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහරේ යන අලි ගැන විතරක් දුක් උනහම ඇති .අලින්ගේ වාසස්ථාන එලිකරලා එරිල මැරිලා යන තැනට වැඩ කරපු මිනිස්සු දේශපාලකයෝ එතකොට පොලිතින් කාල මැරෙන අලි .කොච්චි වලට අහුවෙන අලි .කෝ වැඩපිළිවෙලවල්. පෙරහැර සංස්කෘතියට නම් පහර ගහනවා සත්ව හිංසාව කියලා . කොළඹ විතරක් හරක් 5000 මරනවා දවසට.
මොන පරීක්ෂණද? වනජීවී එක නිතර සෝදිසියෙන් ඉන්නවා නම් මෙවැනි සතුන් ආරක්ෂා කරගන්න පුළුවන්.