අමදෝරු අමරජීව
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “ඇන්නෝරජ්“(Uss Anthorage) නැමැති නෞකාව අද (24) ත්‍රිකුණාමලය වරායට සේන්දුවිය.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මැරින් බළකා භටයන් 900ක් හා නිලධාරීන් 33ගෙන් සමන්විත මෙම නෞකාව දිගින් මීටර් 208කි.
හෙලිකොප්ටර් යානා ගොඩ බෑ හැකි අංගන දෙකකින් හා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා හයකින් සමන්විත මෙම නෞකාව ලබන 28 දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටියි.
ජපාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් ත්‍රිකුණාමලයට පැමිණ ආපසු ගොස් දින දෙකකින් ඇමැරිකානු යුද නැවක් පැමිණීම විශේෂත්වයක් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අපේ අය බෙරිහන් දෙන්නට පටන් ගනීවි... ත්‍රිකුණාමලය ඇමෙරිකාවට දෙන්නට යනවා කියා..
අනිවාර්යෙන්ම ලංකාව ලෝකේ හොඳ ආර්ථිකයක් තියෙන රටවලට දෙන්න ඕනේ. ඇත්තටම ලංකාව විකුණන්න පුලුවන්නම් හරි අපිවත් එක්කම...
ඔය සේරටම වඩා හොඳ නැද්ද ආණ්ඩුව ඔය නිකරගුවාවට හරි සුවාසීලන්තෙට හරි බද්දට දුන්නා නම් අපිට ඇස්සට දත නියව නියවා ඉන්න තිබුණා නේද ?
නෞකාවේ නම USS Anchorage... එක්සත් ජනපදයේ නගරයක නමක්...