රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක් ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 10 January 2018
බුරුත කඳන් 21ක් සමග අපේක්ෂකයකු අල්ලයි මිඩියාෆාම් රක්ෂිතයේ බුරුත ගස් කපමින් සිටි බව කියන පළාත් පාලන ඡන්දයේ අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 January 2018
දෙවුන්දර මුහුදේ අනතුරකින් ධීවරයෝ දෙදෙනෙක් මරුට දෙවුන්දර මුහුදේ සිදුවූ අනතුරකින් ධීවරයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනක් අතුරුදන් වී තිදෙනෙක් තුවාල ලබා ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. 10 January 2018
ඒ - 9 මාර්ගයේ ලොරි ටිපර් රථ අනතුරින් 4 ක් මරුට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙක් මියගොස් තවත් අයකු බරපතල තුවාල ලැබූ බව මාන්කුලම් පොලීසිය පවසයි. 10 January 2018
කටුනායක අධිවේගයේ පිටවුමක් වසයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් ගන්නා වාහන නව කැලණි පාලම අසලින් කැලණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිතා කරන අන්තය (කොළඹ නුවර මාර්ගයට සම්බන්ධ වන පිටවීමේ මාර්ගය) හෙට (10) උදෑසන සිට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 09 January 2018
ධුරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇත. 09 January 2018
පොලිස් වෙසින් මත්කුඩු ඇදලා පොලිසිය නොමග යවමින් පොලිස් වැහිකබාය සහ හා පොලිස් වශයෙන් සඳහන් කර ඇති ආරක්ෂක හිස්වැස්මක් පැළඳ යතුරු පැදියෙන් මත්කුඩු ජාවාරමේ නිරත පුද්ගලයකු රුපියල් ලක්ෂ 20 ට ආසන්න මත්කුඩු සහ මත්ද්‍රවය තොගයක් සමග වත්තල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. 09 January 2018
පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 09 January 2018
අල්ලස් නඩුවක සාක්කියට රවී කරුණානායකට සිතාසි ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද සිතාසි නිකුත් කළාය. 09 January 2018
පාසල් නිල ඇඳුම් වවුචරයේ කාලය දිගුකරයි පාසල් සිසුන්ගේ නිල ඇඳුම් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලබා දුන් වවුචර්පත්වල වලංගු කාලය ජනවාරි මස 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ. 09 January 2018
94 හැවිරිදි මවක කාමරයක සිරකරලා කාමරයක් තුළ ආහාරපාන පවා නිසි ලෙස නොදී සිරකර සිටි බව කියන අනූහය හැවිරිදි සය දරු මවක මහනුවර පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් අද සොයා ගත් බව පොලිසිය කියයි. 09 January 2018
බැඳුම්කර වාර්තාව අධ්‍යයනයට ඩිලාන් කාලය ඉල්ලයි බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන දිනයේම විවාද කළ නොහැකි බවත්, එය අධ්‍යයනය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට කාලය ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 09 January 2018
රජයේ මාධ්‍යම මාධ්‍ය උපමාන කඩලා එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සර මහා සභා රැස්වීම රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සජිවී ලෙස විකාශනය කිරීම මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීමක් යැයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 January 2018
රට බෙදීමේ කුමන්ත්‍රණයක් ගැන මැදගොඩ හිමියෝ කියති බැඳුම්කර වංචාව මගින් රටේ ආර්ථිකය අස්ථාවර කර නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් පැවැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(09)පැවසූහ. 09 January 2018
බැඳුම්කර වාර්තාව හෙට මන්ත්‍රීවරුන් අතට බැඳුම්කර වාර්තාව හෙට(10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමෙන් පසු ඒ පිළිබඳ විවාදය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණය කිරීමට අද(9) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත. 09 January 2018
කරුණා අම්මාන්ගේ විදෙස් ගමන් තහනම ඉවතට හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගේ ගුවන් ගමන් තහනම ඉවත් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) නියෝග කළේය. 09 January 2018
වික්ටර් රත්නායකගේ බිරිඳ රිමාන්ඩ් ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද(9) නියෝග කළේය. 09 January 2018
ස්විස් අධිකරණයකට එරෙහිව දෙමළ ඩයස්පෝරාව වීදි බසියි ස්විස්ටර්ලන්තයේ අධිකරණයක් මඟින් දෙමළ ඩයස් පෝරාවේ පුද්ගලයින් 13 දෙනෙකු අධිකරණය හමුවට කැඳවීමේ සිද්ධියට විරෝධය පල කරමින් දෙමළ ඩයස් පෝරාවේ විශාල පිරිසක් අද(09) වීදි බැස විරෝධතාවයක නිරතව සිටින බව එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 09 January 2018
පොළොන්නරුවේ පොහොර හිඟය අවසන් පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500--3000ක් පමණ අද (9) ලැබී ඇති බව සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය. 09 January 2018
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 5කට ඇප හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු 5 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(9) ඇප ලබාදුන්නේය. 09 January 2018
දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ එක් අයකුට ඇප දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ අටවැනි සැකකරුට මහව මහේස්ත්‍රාත් අධිකරණය අද(9) දැඩි කොන්දේසි මත ඇප ලබාදුන් අතර ඉතිරි සැකකරුවන් 7 දෙනා ලබන 23වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණි. 09 January 2018
ගායක බිරිය පොලිසියට බාරවෙයි රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට අවශ්‍යව සිටි ප්‍රවීණ ගායකයකුගේ බිරිඳ අද(9) උදෑසන පොලිසියට බාර වී ඇති බව තංගල්ල පොලිසිය පවසයි. 09 January 2018
තහනමෙන් පසු පළමු තේ තොගය රුසියාවට රුසියාව විසින් තේ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව එරටට යැවු මුල්ම තේ තොගය මේවනවිට යවා ඇතැයි තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය. 09 January 2018
උතුරු හා දකුණු කොරියාව අතර යළි සාකච්ඡා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වසර දෙකකට පසු ඉහල මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ. දකුණු කොරියාවේ පන්මුන්ජොම් තාවකාලික සහන ගම්මානයේ සාම මන්දිරයේදී එරට වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වී ඇති සාකච්ඡා සඳහා එක් රටකින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකු බැගින් සහභාගී වී ඇත. 09 January 2018
70 වැනි නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා එඩ්වර්ඩ් කුමරු පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 09 January 2018
ජනපතිට ජීවිත තර්ජන එන්න පුළුවන් - ඇමති අමරවීර බැඳුම්කකර කොමිසමෙන් හෙළි වූ කරුණු නිසා ඉදිරියේදී ජනාධිපතිවරයාට ජීවිත තර්ජන පවා එල්ල විය හැකියැයි එක්සත් ජාතික නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 January 2018
කුච්චවේලි ප්‍රා.ලේකම් බෞද්ධ කොඩිය ගලවන්න කියලා කුච්චවේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයෙන් ගලවා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමලය දිසාපතිවරයාට ලිපියක් යැවූ බව එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර මහතා පැවසීය. 09 January 2018
සූර්පිට රිය පැදවූ නළුවා අත්අඩංගුවට බීමතින් රිය පැදවූ බව කියන ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු කොල්ලුපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 January 2018
පලෙයි වෙඩි තැබීම ගැන පොලිසිය වෙනස් ඇහැකින් බලයි කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (8) රාත්‍රීයේ සිදු වූවායැයි කියන වෙඩි තැබීමෙන් පුද්ගලයක් තුවාල වූවායැයි කියන සිදුවීම සැක සහිත බවට පලෙයි සහ කිලිනොච්චිය පොලීසිය පවසයි. 09 January 2018
පලෙයි වෙඩි තැබීමක් කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී අද රාත්‍රී වෙඩි තැබීමක් වී ඇතැයි ද, බෝම්බ නිශ්ක්‍රීය කරන පෞද්ගලික ආයතනයකට සම්බන්ධ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි. 08 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026