මාස 10ට කෝටි 2190ක අය වැය අතිරික්තයක් ඉකුත් 2017 වසරේ මුල් මාස 10ක කාලය තුළ රුපියල් කෝටි 2190ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 07 January 2018
2008-2015 කාලයේ බැඳුම්කර නිසා බිලියන 10000ක් රජයට ගෙවන්න වෙලා - අගමැති කියයි 2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය. 07 January 2018
මාගම්පුර සේවකයෝ තවත් උපවාසයකට සැරසෙති හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින්ගේ අහිමි කළ රැකියා සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් අඟහරුවාදා (09) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ.ඔමේෂ් මහතා පවසයි. 07 January 2018
පුත්ලම් හන්දියේ ගොවීන්ට පොහොර පැවැති දැඩි නියගය හේතුවෙන් කන්න තුනක පමණ කාලයක් පුරන් වී තිබූ කුඹුරු මෙවර මහ කන්නයේ දී ලද දියවරෙන් මහත් පරිශ්‍රමයක් දරා කඩිනමින් වගා කළද ඒ සදහා කලට වේලාවට පොහොර නොළැබීමෙන් ගොවීහු මහත් අසීරුතාවට පත්වී සිටියහ. එවන් තත්ත්වයක් තිබියදී රජරට ගොවීන් පිරිසකට සීමිත ප්‍රමාණයකින් යූරියා පොහොර මිලදී ගැනීමේ අවස්ථාවක් රාජාංගනය දකුණ ඉවුර පුත්තලම් හන්දිය ගොවිජන සේවා අලෙවි මධ්‍යස්ථානයේදී ලැබිණ. 07 January 2018
පුංචි ලෝකාන්තය බලන්න ආයෙත් පුළුවන් දින 121ක් සංචාරකයින්ට වසා දමා තිබූ පුංචි ලෝකාන්තය යළිත් දෙස් විදෙස් සංචාරකයින්ට දැක බලා ගැනීමට අවකාශ ලැබී තිබේ. 07 January 2018
දේවාලයේ කසිප්පු පෙරූ කපුවා අල්ලයි හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේ දේවාලයක කසිප්පු පෙරමින් සිටි කපුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත්?බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 07 January 2018
කැලෑවක දමා ගිය බිළිඳකු කුරුවිටින් සොයාගනී කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ නිවසක් අසල ලඳු කැලෑවක දමා ගොස් සිටි දිනක් පමණ වයසැති බිළිඳකු ප්‍රදේශවාසීන් විසින් සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 07 January 2018
ගුරු සංගමය ගොරවයි දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් සංවෘත්ත සේවා බවට පත් කරන බව දුම්රිය වැඩ වර්ජනය පැවැති සමයේ ප්‍රකාශ කළ ද අධ්‍යාපන සේවාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ඉදිරි පියවරක් අධ්‍යාපන අමාත්‍යංශය හෝ වැටුප් කොමිසම හෝ ප්‍රකාශයට පත් කොට නැතැයි ලංකා ගුරු සංගමය කියයි. 07 January 2018
උඩ බලං සරුංගලය ඇරපු පාසල් දරුවා ළිඳට වැටී මිය යයි යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් සිසුවකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට ඇද වැටීමෙන් මියගොස් ඇති බවට අච්චුවෙලි පොලීසිය කියා සිටියේය. 07 January 2018
ඡන්ද නීති කැඩීම ගැන පැමිණිලි 248ක් - පැෆරල් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 248 ක් පිළිබඳ පැමිණිලි 248 ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 07 January 2018
වරිපනම් - බලපත්‍ර ගාස්තු අන්තර්ජාලයෙන් ගෙවන්න අවස්ථාව පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු, ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීම් වැනි කටයුතු රැසක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ අන්තර් ජාලය ඔස්සේ ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් සකස් කර ඇත. 07 January 2018
පොහොර ප්‍රමාදයට රජය වගකියනවා - මහින්ද අමරවීර ‘ගොවියාට නිසි වෙලාවට පොහොර ලබා දීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවා. රජයක් විදියට අපි එහි වගකීම ගන්නවා. මේ වන විට රටේ පොහොර හිගයක් නෑ. නැවත මේ රටේ පොහොර හිගයක් ඇති වෙන්න දෙන්නෙත් නෑ.‘ යැයි මහවැලි රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසිය. 07 January 2018
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරු නියෝජ්‍ය පොලිස්පතිනරුන් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 07 January 2018
ලැට්වියාවේ ජනාධිපති ශ්‍රී ලංකාවේ සංචාරයක ලැට්වියා ජනාධිපති රේමන්ඩ් වෙජොයින්ස් (Raimonds Vejoins) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා 1/06 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 06 January 2018
නීති විරෝධීව දුම්වැටි ගෙන ආ අයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ ඇමෙරිකානු ඩොලර් සහ දුම්වැටි තොගයක් රැගත් පුද්ගලයකු ඊයේ (05) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 06 January 2018
ජනාධිපති සැරසෙන්නේ එජාපය විනාශ කිරීමටයි - බිමල් බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදක්වමින් ජනාධිපති මෛත්‍රිපාල මහතා අපෙක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසයි. 06 January 2018
සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිට මාරුවක් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දුන් වාර්තාවක් අනුව පොලිසියෙන් සහ මන්ත්‍රීවරයාගෙන් යන දෙදෙනාගේම වැරදි සිදුවී තිබේ. 06 January 2018
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11ක් තුවාල ලබති දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව 95.5 කිලෝ මීටර කණුව ආසන්නයේ (06) අද දහවල් වැන් රථයක කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතිබව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි. 06 January 2018
ඇල්ල සංචාරක හෝටලයකදී විදේශිකයකුට පිහි පහර ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ විදේශීය සංචාරකයෙක් ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. 06 January 2018
සපුගස්කන්ද සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට සපුගස්කන්ද පොලිසියේදී සිදුවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේය. 05 January 2018
එෆ්සී අයිඩී විමර්ශන 92ක් අවසන් - නඩු 13යි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කළ දා සිට ලැබුණු පැමිණිලිවලින් පසුගිය ඔක්තෝබර් මාසය දක්වා පැමිණිලි 92ක විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් මේ වන විට නඩු පවරා ඇත්තේ පැමිණිලි 13ක් සම්බන්ධයෙන් බව පොලිසිය කියයි. 05 January 2018
අනුරුද්ධ පොල්ගම්පොළ පොහොට්ටුවෙන් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. 05 January 2018
මෙගා සතොස විවෘත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙගා ස.තො.ස ශාඛාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද(5) වැලිසර දී විවෘත කෙරිණි. 05 January 2018
ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් කිසිදු රාජ්‍ය ආයතනයක් සතු දේපළ සම්පත් හෝ වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීමට ඉඩ නොතැබීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීමක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත. 05 January 2018
බස්නාහිර පළාත් මන්ත්‍රී අශෝක රන්වල රිමාන්ඩ් සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා ලබන 19 දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා අද(5) නියම කළේය. 05 January 2018
මැතිවරණ පැමිණිලි 54ක් පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බණ්ධ පැමිණිලි 54 ක් පොලීසියට ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 05 January 2018
ඉන්ධන වලට භූමිතෙල් කවලම් කර දෙදෙනෙක් අත්අඩංගුවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණැගල ගැට්ටුවානේ පිහිටි ඉන්ධන තොග ගබඩාවට ලබාදීම සඳහා රැගෙන ආ ඩීසල් බවුසරයකට භූමිතෙල් කවලම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ඉන්ධන බවූසරයේ හිමිකරු සහ සහයක අද (05) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණැගල පොලීසිය පවසයි. 05 January 2018
පර්පෙචුවල් සමාගමට මහ බැංකුවෙන් වාරණයක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකාරිත්වයෙන් ඉදිරි මාස හයක් සඳහා බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇත. 05 January 2018
බැඳුම්කරයේ නඩු ඉක්මන් කරන්නයි සුසිල් කියයි බැඳුම්කර කොමිසමේ සියලූ කටයුතු නියාමනය කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව මඟින් වන බැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පැවැරීම කල් ගත කළ යුතු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා ප්‍රකාශ කළේය. 05 January 2018
හිටපු පකිස්ථාන මහකොමසාරිස් ඝාතනයට චෝදනා ලැබු අයෙක් නිදොස් කොට නිදහස් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට හිටපු පාකිස්තානු මහ කොමසාරිස්වරයා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකු කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (5) නිදොස් කොට නිදහස් කළේය. 05 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026