දයා මාස්ටර්ට පහරදීලා එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී ආයතනයේ මාධ්‍ය අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරන දයා මාස්ටර්ට අද (8) පස්වරුවේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. 08 January 2018
පල්ලම වෙඩි තැබීමකින් තිදරු පියකු මරුට පන්නල පල්ලම ප්‍රදේශයේ ලීමෝලක් අසලදී අද දහවල් බොල්රෝ ජීප්රථයක් තුල පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 08 January 2018
අඹගමුව පෙත්සම කල්යයි පළාත් පාලන සීමා නීර්ණය කිරීමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් වශයෙන් කඩා වෙන් කිරීමට පියවර ගෙන ඇත්තේ පළාත් පාලන විෂයබාර අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුවක් විසින් සිදු කළ නිර්දේශවලට අනුව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. 08 January 2018
වැල්ලම්පිටියෙන් කසල තේ කිලෝ 16500ක් අල්ලයි වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ගබඩාවක තිබී කසල තේ කිලෝ 16,500 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 08 January 2018
කොටි නායකයාගේ රුව ෆේස්බුක් මගින් ප්‍රචාරය කළ දෙන්නෙක් රිමාන්ඩ් එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූපය සහ එම සංවිධානයේ ලාංජනය සහිතව නිර්මාණය කළ නව වසරේ සුබ පැතුම් පතක් ෆේස්බුක් ගිණුම මගින් ප්‍රචාරය කර බෙදාහරින ලදැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ඇගලුම් සේවකයින් දෙදෙනකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය අද (8) නියෝග කළාය. 08 January 2018
හෙරොයින් ළඟ තබාගත් තරුණයා දිවි ඇතිතෙක් හිරේ හෙරොයින් ග්රූම් 13ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (08) ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය. 08 January 2018
දියණිය දුෂණය කළ පියාට වසර 56 ක සිරදඩුවම් වයස අවුරුදු 14 ක් වූ තම දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම මහධිකරණයේදී වරද පිළිගත් පියකුට චෝදනා තුනක් යටතේ වසර 56 ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍යම කාන්ත මද්දුමපටබැදිගේ මහතා නියෝග කළේය. 08 January 2018
බැඳුම්කර වංචාවේ විමර්ශන ගැන වාසුගේ අවිශ්වාසය මහබැකුවේ හොරකම පිළිබඳ වගකිවයුතු ආණ්ඩුවේ පාලකයින් පිළිබඳ සොයා බැලීමට වෙනම කොමිසමක් හෝ පරීක්ෂණ මණ්ඩලයක් අවශ්‍ය බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා අද (8) පැවසීය. 08 January 2018
හොරට රට යන්න හැදූ තරුණිය කොටුවෙයි ව්‍යාජ තොරතුරු යොදාගනිමින් විදෙස් රැකියාවකට යාමට සූදානම් වූ 18 හැවිරිදි වියේ පසු වූ තරුණියකගේ විදෙස් ගමන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් නවත්වා ඇතැයි කාර්යංශය කියයි. 08 January 2018
මස්සිනා මැරූ අයට මරණ දඬුවම ගම්පහ යක්කල, මහවිට ප්‍රදේශයේදී පිහියකින් ඇන තම සහෝදරියගේ සැමියා ඝාතනය කළ විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(8) මරණ දඬුවම නියම කළේය. 08 January 2018
බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපත් රවී ඉල්ලයි බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (8) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම් පතක් භාරදුන්නේය. 08 January 2018
‘ආණ්ඩුව කළේ අර්බුද ඇතිකිරීම පමණයි‘ - මහින්ද ඊනියා යහපාලන ආණ්ඩුවේ ගෙවී ගිය වසර තුනක කාලය තුළ රටේ සෑම ක්ෂේත්රයක් පුරාම දැවැන්ත අර්බුද ගණනාවක් නිර්මාණය කර තිබෙන බවත් මහබැංකු මංකොල්ලය එහි බරපතලම සිද්ධිය බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 January 2018
බිළිදෙකු කැළෑවක දමා ගිය කතක් අත්අඩංගුවට රත්නපුර තෙප්පනාව ප්‍රදේශයේ ලඳු කැලෑවකට දිනක් පමණ වයසැති බිළිඳු පිරිමි දරුවකු දමා ගියේ යැයි කියන සිදුවීම සම්බන්ධව 19 හැවිරිදි පසු ප්‍රසව අවස්ථාවෙහි පසුවන කාන්තාවක් කුරුවිට පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. 08 January 2018
මොරගහකන්දේ මංගල දියවර නිකුත් වෙයි මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත්කර ජනතා අයිතියට පත්කිරීමේ මහෝත්සවය අද(8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 08 January 2018
කල්ලාරු ඇතාගේ දළ කොළඹට තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි පොලිසිය සොයා ගත් වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු ඇතාගේ ඇත් දළ යුගල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තෙමින්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාටත් ජාතික තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාටත් යවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ශණ කැකුණවෙල මහතා අද(8) නියෝග කළේය. 08 January 2018
ගුරු වෙස්ගත් කාමාතුරයා රිමාන්ඩ් ගිණුමිකරණය හා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට තමාගේ නිවසට පැමිණි අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක සිසුවියකට(18) ලිංගික අතවර සිදු කිරීමට තැත් කළැයි ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියකු හෙට(9) දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද(8) නියෝග කළේය. 08 January 2018
පාර්ලිමේන්තුව ජනවාරි 10වැනිදා කැඳවයි පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ලබන බදාදා(10) පෙරවරු 10.30ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා අද(8) තීරණය කළේය. 08 January 2018
ලක්ෂ 15 ක මත්කුඩු සමඟ කහතුඩුවෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට කහතුඩුව ප්‍රගති මාවතේ දී රුපියල් ලක්ෂ 15 ක මත්කුඩු තොගයක් සමඟ 23 හැවිරිදි තරුණයෙක් අත්ඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 08 January 2018
වෙන්නප්පුවේ ගැටුමකින් 5 ක් අත්අඩංගුවට සිරිගම්පල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස්වලට යමින් සිටි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් තියුණු ආයුධ වලින් කපාකොට තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් සැකපිට අද (8) අලුයම පස් දෙනෙක්ව අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 08 January 2018
බැදුම්කර වාර්තා විවාදයට මැතිසබය වහා කැඳවන්න - අගමැති ඉල්ලයි බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි කතානායක වරයාට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේදී එක්සත් ජාතික සම්මේලනයේදී පැවසීය. 08 January 2018
ඡන්ද ලැයිස්තුවේ ඉන්න අපේක්ෂිකාවන්ට වැඩි වාසි මෙවර මැතිවරණ ක්රමයේ ස්වභාවය අනුව තරග නොකරන හෙවත් ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයින්ට ඒ ඒ පළාත් පාළන ආයතන වලට තේරීපත්වීමේ අවස්ථාව අවම වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 08 January 2018
අකුරැස්සේ අනතුරින් සිසුවියක් මරුට ගාල්ල අකුරැස්ස මහා මාර්ගයේ පිලාන උප තැපැල් කාර්යාලය අසලදී අද (8) අලුයම යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දැරියක (11) මිය ගිය බව හබරාදුව පොලිසිය පවසයි. 08 January 2018
නෝර්ටන්බ්‍රිජ් පයිනස් රක්ෂිතයක ගින්නක් නෝටන්බි්රජ් විමලසුරේන්ද්‍ර ජලාශයට ඉහළින් පයිනස් වගා රක්ෂීතයක ගින්නක් හටගෙන ඇති බව නෝටන්බි්රජ් පොලිසිය පවසයි. 08 January 2018
බැඳුම්කර විවාදය - පක්ෂ නායක රැස්වීමක් බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන හදිසි විවාදයක් පවත්වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට (09) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවසීය. 08 January 2018
රාජගිරියේ ගුවන් පාලම විවෘත වෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර රාජගිරිය ගුවන් පාලම විවෘත කරන ලදි. 08 January 2018
තැපැල් වර්ජනයක් ආවොත් කොමිසමෙන් තීරණයක් පළාත් පාලන මැතිවරණයේදී තැපැල් සේවක වැඩවර්ජනයක් සිදුවුවහොත් ඊට එරෙහි විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා අතර ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවසීය. 07 January 2018
ගාලු කොටුවේ තත්ත්වය යහපත් අතට ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බවත් එයට හේතුව රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද ගාල්ලේ දී කීවේය. 07 January 2018
සමෘද්ධි නිවාස ණය අය කිරීම ජනපති අනින් නවතී සමෘද්ධි සහනාධාර ලාභීන්ට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා ලබා දී තිබූ රුපියල් 2500ක ණය සහනාධාරය අය කර ගැනීම නවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. 07 January 2018
ඡන්දයේ ආරක්ෂාවට එස්ටීඑෆ් ගන්න සාකච්ඡා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ලබා ගැනීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 07 January 2018
යූරියා මෙට්‍රික් ටොන් 48000ක නැවක් හෙට දිවයිනට ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන ලද යූරියා මෙට්‍රික් ටොන් 48000ක් හෙට (08) කොළඹ වරායට පැමිණීමට නියමිත බව ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්යක්ෂ රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා පැවසීය. 07 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026