(මහින්ද නිශ්ශංක )
බස්ගාස්තු 2% කින් අඩු කිරීමට පෞද්ගලික බස් හිමියෝ අද (07) තීරණය කළහ.
අනිද්දා (09) සිට මෙම බස් ගාස්තු අඩු කිරීම ක්රියාත්මක කෙරෙන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංවිධායක සුමනදාස ගමගේ මහතා පැවසීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර අද ( 7) පැවති සාකච්ඡාවකදී ගමගේ මහතා මේ බව පැවසීය.
මෙහිදී අවම බස් ගාස්තුව වන රුපියල් 12 අඩු වීමක් සිදු නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ 25 ටිකට් එකට සත 50ක් අඩුවෙනවා .
හම්මෝ ලොකු ගාණක් අඩු කරලා. අඩු කරපු 2% න් ටොෆී කන්න ඇහැකි ..
විහිළුවක්! රුපියල් 50 ටිකට් එකක් රුපියලකින් අඩු වෙනවලු (2%)
පුදුම ගාස්තු අඩු කිරීමක් 2%. රු. 12~රු12යි . රු 20~රු 18.60යි. රු. 100 ~ රු 98යි . මගීන්ට පුදුම සහනයක්.
සමාවෙන්න රුපියල් 100ට රුපියල් 2ක් දෙන්න ඉතුරු නැහැ. දැන් සනීපද?
බොරු රැවටීමක්. අඩු කරනවා නම් රු. 5 ක් වත් අඩු කරන්න.
බලාගෙන ඔහොම අඩුකොරන්න ගියොත් බස් සේවය කඩාවැටෙයි.
රුපියල් සීයට දෙකක් අඩුකරන්නේ රුපියල් 20 දුන්නම ඉතුරු රුපියල නොදෙන කොට.?
ඇඹිලිපිටිය සහ අවට ප්රදේශ වල කෙටි දුර ධාවන (කි.මී. 100 ට අඩු) සඳහා ඇති බස් වල බස් ගාස්තු අධික ලෙස අය කිරීමට හේතුව කුමක් ද ? එය අනෙකුත් ප්රදේශ වල බස් ගාස්තු වලට සාපේක්ෂව සැලකු විට 25% - 50% පමණ දක්වා ඉහල අගයක් ගනී. අනෙකුත් ප්රදේශ වල මට්ටමටම මෙය සංශෝධනය කිරීම සිදු විය යුතුය.