ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලනුයේ ප්රජාතන්ත්රවාදය, අයිතීන් වැනි කරුණු නොවෙයි. තුන්වේල ආහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් යැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර, වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ද ගැටලුවක් බවද ඔහු පවසා ඇත.
මුරලිදරන් මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බීබීසි සමඟ සංවාදයකට එක්වෙමිනි.
මිනිස්සු මට බනියි ප්රජාතන්ත්රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු ගැන කතා කළා කියලා. ඒවා දෙවනුවට බලන්න ඕනේ කියලා කියයි.
ඒ පළාත්වලින් පාර්ලිමේන්තුවට නියෝජිතයෝ යවලා මිනිස්සු ප්රජාතන්ත්රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ.
ඔවුන් අහන්නේ කෝ තුන්වේලක් කාලා ඉන්න කෑම , කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු” යනුවෙන්ද ඔහු එහිදී පවසා තිබේ.
මෑතකදී උතුරේ 9 හැවිරිදි දැරියක් ආර්ථික ගැටලු නිසා සිය දිවි නසා ගෙන ඇතැයිද පැවසූ මුරලිදරන් උතුරේ කිසිදු දේශපාලකයෙකු ඒ ගැන සොයා නොබැලූ බවට ද එහිදී චෝදනා කර ඇත.
උතුරට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට උතුරේ දේශපාලකයන් නගන ප්‍රකාශ ගැන අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් ප්‍රශ්න කළ ඇත්තේ උතුරට එවන් විසඳුමක් අවශ්‍ය ඇයි ද යන්නයි.
‘මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒ අයට මේ රට අයිතියි . කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ” යනුවෙනුන් ද ඔහු එහිදී සඳහන් කර තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකීය මවගේ අතිජාත පුත්‍රයෙකුගේ නිර්භීත වදන්.
ඇත්ත ඇති හැටියෙන් දකින කියන මුරලි, ඔබට අපේ ප්‍රණාමය!
මුරලි ඔබ හරියටම හරි, මිනිස්සු ඉල්ලන්නේ ඔය කියන දේවල් තමා, අවාසනාවකට මිනිස්සුන්ට නොලැබෙන්නෙත් ඕවම තමා,
මසුරන් වටිනා කතාවක්
අනේ මහත්තයෝ දේශපාලනයට නම් එන්න එපා..ඔබ අපේ ගරු චරිතයක් ....
පිට රට ඉඳගෙන, රටට වින කර කර කියන කතා මේවා මේක සැර නොවේ වාසි බලාගෙන කියන කතා
මුරලි, මම ඔබත් සමග එකග නොවෙමි. මන්ද "ඔබ සුළු ජාතියෙක් හැටියට හොවාදැක්වීම පිලිබදව.අපි කවුරුත් මේ රටේ පුරවැසියෝ. ඔවැනි ප්‍රශ්න හේතුකොටගෙන තමයි රට මෙච්චරටම අපවිත්‍ර වී තිබෙන්නේ. මහාජාතිය විසින් සුළු ජාතිය කියලා වර්ග බේද කරගත්තු උන්මත්තකයයොත් නැතුව නෙමෙයි.ඇත්තටම අද බහුතරයකට ප්රශ්නය වී තිබෙන්නේ ජීවිතය ගටගහගන්නේ කොහොමද කියන එකයි.මේවා ඔබ, අපිට හිතට දැනුනට බලධරයන්ට දැනෙන්නේ නැති කමයි කණගාටුව.
මුරලි ජනතාවගේ තත්වය හරියටම දන්නවා. එය ඇත්ත. නමුත් පාර්ලිමේන්තුවට යන්න අපේ ඡන්දය නොමිලේ. කැන්වසින් නොමිලේ ලබාගෙන කෝටි ගනන් වලට වෙන්දේසිවී කරන්නේ සියලු පහසුකම් ලබමින් රටට හානි කිරීම.
මුරලි ඔය කියන දේවල් සහතික ඇත්ත. දුක මෙරටේ කිසිම දේශපාලුවෙකුට ඕක තේරෙන්නේ නැති එකයි.
ඔබගේ අදහස 100% අනුමතකරමි අගේකරමි..... මිනිසුන්ගේ මුලික උවමනාවන් මුස්ලිම් දෙමල හෝ සිංහල කියා වර්ග කලනොහැක ප්රජාතන්ත්රවාදය , සමාජවාදය නාසිවාදය , බෙදුම්වාදය අනිත් සියුලු වාදයන් අපේ රටේ දේශපාලකයන් විසින් යොදාගෙන ඇත්තේ මිනිසුන් අතරමන්කිරීමට සහ නැතිකිරීමට මිස මිනිසුන්ගේ යහපත පිණිස නොවේ. අපේ දෙසපාලකයින් බඩගොස්තරවදින් පිරිසක් බව නම් පැහැදිලියි.........
මුරලි ඔබ අප රටට බිහිවුණ අති විශිෂ්ට ලංකා පුත්‍රයෙක්. ඔබ කරන සියලු දේ සාර්ථක වේවා !
තිත්ත ඇත්ත මුලරි. ළඟ හිටියානම් අම්මප සිනි කිලෝ එකක් කටෙදානවා. (හැබැයි දිවිහිමියෙන් ප්‍රාර්ථනා කරනවා නුඹට දියවැඩියාව හැදෙන්න එපා කියලා ) දේශපාලුවෝ කියන අනිකුත් කතා හුදෙක් බඩ වඩා ගැනීම පිණිස පමණි.
මොන පක්ෂයකින් හරි ස්වාධීනව හරි නුවරින් ඉල්ලොවොත් මෙයා උඩින්ම දිනනවා.
කතා කරන භාෂාව හෝ අදහන ආගම අනුව නොබෙදී, ශ්‍රී ලාංකිකයෙක් යයි සිතේනම් අපි සියල්ලෝම මහ ජාතියයි. ශ්‍රී ලංකා නාමය දිදුලවන්නට උරදීපු ඔබ ඉතා ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකිකයෙක්. ඒ නිසා ඔබ සුලු ජාතිකයෙක් නොව. මට නම් ඔබ සිංහල, දෙමල, මුස්ලිම් යයි කියාගන්නා දේශපාලකයන්ට වඩා දස දහස් වාරයක් වටින්නේය. ආගම්වාදී දේශපාලනය පිටුදැක නොබෙදුණු ශ්‍රී ලාංකිකයන් ලෙස එක දජයක් යටතේ සහෝදරත්වයෙන් ඉදිරියට යමු.
ඔබ හරි. ඔය ටික මිනිස්සු අතර ඉන්නවයි කියන, දේශපාලූවන්ට නොතේරෙන එකනොවැ අරුමේ! බඩ පිරුනු කෙනෙකුට තමා ඊලග පියවර ප්රජාතන්ත්රවාදය ඕනා වෙන්නේ. රටම බඩගින්නේ, පොදු අධ්‍යාපනය බිංදුවේ
ඉතාමත් හරි.
හිතවත් මුරලි, කෙනෙක් සුළු හෝ මහා ජාතියක් වන්නේ තමාගේ සිතුවිලි සහ කරන වැඩ අනුව මිස ඉපදුන ප්‍රදේශය, කතා කරන භාෂාව හෝ අදහන ආගම අනුව නොවේ. ඔබ සිතන විදිය ඉතා ශ්‍රේෂ්ටයි. ඔබ විදියට සිතන තවත් 100ක් ඉන්නවනං අපේ රට ගොඩාක් දියුණු වනු ඇත. ඔබ අති විශිෂ්ට දේශප්‍රේමී ලංකා පුත්‍රයකු බව ඔබගේ ප්‍රකාශය නැවතත් තහවුරු කර ඇත. ඔබ සුළු ජාතිකයකු නොවන බව මතක තබා ගන්න ඔබට ජය. මම සුළු හෝ මහා ජාතිකයෙක් නොවේ ඔබ වැනිම සිතන වැඩ කරන කෙනෙකි.
මුරලි කියන සිංහල, දෙමල, මුස්ලිම් හා අනෙකුත් ජාතිකයන්ට මුලිකවම තියෙන්නේ අඩු මිලට ආහාර, නිවසක් සහ දරුවන්ට අධ්‍යාපනය කියන ප්‍රශ්නේ කියන එකට අපිත් එකඟ වෙනවා. අපි 95% ක් විතර සිංහලයෝ කවුරුවත් අපි මහා ජාතිය, දෙමල මුස්ලිම් කියන්නේ සුලුජාතිය කියලා හිතන්නේ නැහැ කියන එක විශ්වාසයි. ඒත් සුළු කොටසක් එහෙම ඉන්න පුළුවන්. මේක උලුප්පා දක්වමින් ජාතික ප්‍රශ්නයක් දක්වා උත්සන්න කලේ ජාති බේදයෙන් තොරව අපේ රටේ දේශපාලකයෝ සහ සමහර විදේශ රටවල්.
මේ වගේ රටට ආදරේ මිනිස්සු දේශපාලනයට එන්නේ නැති හින්දා තමයි අපේ රට අඝාදයට ගිහින් තියෙන්නේ.
පාසලේදී එක බත් එකට අත දාගෙන සහෝදරත්වයෙන් කාපු අපිව වෙන්කළේ ආගම්වාදී දේශපාලකයොයි තමයි. මේක තේරුම්ගන්න ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට බැරිවෙලා තියනවා.
ase මහාත්තයෝ, එතකොට පිටරටවල සංචාරය කර කර රටට වින කරන අයට මොකක්ද කියන්නේ. මේ මිනිස්සුන් ඇත්ත කතා කරනකොට කෙන්ති යන්නේ ඔබලා කඩේ යන නිසයි. ඇත්ත තිත්තයි තමයි මහාත්තයෝ, නමුත් කතාව එකයි.
‘මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒ අයට මේ රට අයිතියි . කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ”
ඔබ කියන දෙයට එකඟ නොවේ.
මෙතන මුරලිදරන් කරලා තිබෙන ප්‍රකාශය වරදවා වටහාගන්න එපා, ඔහු කියලා තියෙන්නේ උතුරේ ද්‍රවිඩ දේශපාලකයන්ට එක එක ඉල්ලීම් ඉල්ලන්න ඉස්සරවෙලා උතුරේ මිනිස්සුන්න්ගේ මුලික ප්‍රශ්න වන විරැකියාව, අධ්‍යාපනය වැනි දේවල් වලට අවධානය යොමු කරන්න කියලා, ඔහු කියන්නේ 80% සිංහල බුද්ධාගම අදහන මේ රටේ ද්‍රවිඩ ජනතාව යනු සුළු ජන කොටසක් කියලා මේවා සියල්ලම ඇත්ත
ඔය කතාව අපේ අයට තේරෙන්නේවත් නැ මුරලි..
මුරලි ඔබතුමා මේ කල සත්‍ය අප්පිරිය කරන අයද අපේ රටේ ඉන්න බව ඉහත පිළිතුරු දෙස බලන විට පෙනේ. ඔබතුමා කොයි රටේ හිටියත් ලංකා මෑණියන්ගේ පුතුනුවෙකි.
මුරලිගේ කතාව සම්පුර්ණ ඇත්ත.