(බිඟුන් මේනක ගමගේ)
අරලියගහ මන්දිරයේ ඔක්තෝම්බර් 26 වැනිදා වනවිට සේවය කරන ලද ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරින් සියලුම දෙනා නැවත එයට අනුයුක්ත කර නැවත කැඳවන ලද සිය කාර්ය මණ්ඩලය හා පහසුකම් ලබාදෙන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතාට ලිපියක් යොමු කර ඇත.
ඔහු මෙම ලිපියට අස්සන යොදා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී හා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය යන නාමයෙනි.
කතානායක කරු ජයසූරිය මහතා විසින් නොවැම්බර් 5 වැනිදා නිකුත් කරන ලද නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට හැකි වනතුරු පැරැණි තත්ත්වය බලාත්මක වන බැවින් මෙම ඉල්ලීම කරන බව රත්නායක මහතා එහි සඳහන් කර ඇත.
ඒ අනුව තමා තවදුරටත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙහි කටයුතු කරන බව අගමැති ලේකම්වරයාට දන්වන බව ද රත්නායක මහතා සිය ලිපියෙන් පවසයි.
එම ලිපිය පහත දැක්වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා නායක බලය පාර්ලිමේන්තුවේ පමණයි...
දැන් බලාගෙන යනකොට රජුන් තනන්නා වෙන්නේ කතානායක. ඒ අනුව කතානායක තනතුර තවදුරටත් ස්වාධීන නැහැ.
රනිල් මැතිතුමාට තනතුර අහිමිවුනේ ඔබ වැනි අය නිසා.මන්ත්‍රීකමයි ඇමතිකමයි තියාගෙන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි තනතුරක් හරියට කරන්න බැහැ. එනිසා වුණේ අගමැතිතුමාගේ වැඩකටයුතු අතපසුවීම. තනතුර අහිමිවීම. වහාම ඔය කියන තනතුරෙන් අයින්වෙන්න
මේ සියල්ලටම බලය නැතිවීමේ විස්සෝපයෙන් මොලේ කොලොප්පම්!
රටට ඉදිරි පරම්පරාවක් ඉතුරු කරන්නේ නැතිව රට විනාශ කරන්න හැදුවේ.
දැන් මැති ඇමතිවරු පත්කරන්නෙයි අස් කරන්නෙයි කතානායකද? ජනාධිපතිද? ..
ඔබ දැන් ඕව කරාට වැඩක් නැහැ. අනික කතානායකට රට ගැන නියෝග දෙන්න බලයක් නැහැ. ඒක තියෙන්නේ ජනාධිපතිට.
ජනාධිපතිත් මමයි කියලා හිතා ගන්නකො. අපිට මොකෝ...