(බිඟුන් මේනක ගමගේ )
දෙමළ ප්රගතිශීලී සන්ධානය ජනාධිපතිවරයා මුණගැසී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට සහාය නොදක්වන බව දන්වා සිටි බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
විනයගත දේශපාලන බලවේගයක් හැටියට නව දේශපාලන වෙනස පිළිගත නොහැකි බවත් ආණ්ඩුවට එක්වන්නැයි ජනාධිපතිවරයා කළ ඇරියුම ප්රතික්ෂේප කළ බවත් ගනේෂන් මන්ත්රීවරයා කීය.
2015 වසරේදී පිහිටුවාගත් මෙම සන්ධානය ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලින් සමන්විතය.
මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වී. රාධා ක්රිෂ්ණන්, වේලු කුමාර්, තිලකරාජ් සහ අරවින්ද කුමාර් දෙමළ ප්රගතිශීලී සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැදපු භාරය ගහන්න බැරි නායකයක් දැන් දඟලනවා. මෙහම කොච්චර දවසට පාර්ලිමේන්තුව කල් දාන හැකි? දවසට ජනතා ඉදිරියට යායුතුමයි.
2018 පැවතී ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණට ඡන්ද 5,006,837 (40.47%) සහ නිදහස් පෙරමුණට ඡන්ද 1,497,234 (12.10%) තිබුනා. එකතුව 6,504,071 (52.57%). එක්සත් ජාතික පෙරමුණට ඡන්ද 3,640,620 (29.42%) දැන් බහුතර මහජන කැමැත්ත කොතනද?
බලන්න මේ මිනිස්සුන්ගේ ප්රතිපත්ති කොච්චර විශිෂ්ටද කියලා. තමන්ගේ මතයක් අනුව පක්ෂයක් පත්කිරීමේ හෝ පත්නොකිරීමේ අවම මානව නිදහසවත් නොමැති අසරණයන් සිටින රටක් තමා ලංකාව කියන්නේ.
හිතාදර මනෝ ගනේෂන්, අපි ඔක්කොම රතු ලේ තියන මිනිස්සු. පෙර අතීතයේ තිබු සමගියට අවතීර්ණ වෙන්න අපට තවම ඉඩක් තියනවා. තවත් අපි බෙදී කටයුතු කරන එක අපි කාටද වැඩක් උනේ ?
ඔබලා අපිට එකසැරයක් බැහැ කීවොත් අපි ඔබලාට සිය සැරයක් බැහැ කියනවා. ඒක හොඳට මතක තියාගන්න.
Hafeel ජනතාව බලාගෙන ඉන්නේ ජනතාව ඉදිරියට එනකම්. ගිය සැරේ එජාපෙට ලැබුනේ 46 යයි. ඔබ හිතනවාද නැවත ඡන්දෙකින් 46 ට වඩා වැඩිවෙයි කියලා?
Hafeel බෙරේ හරියට ගහන්නනම් බෙරේ ට්යුන් කර ගන්න ඕන බව දන්නවාද? තාම වරපට තදකරමින් ටියුන් කරනවා.