(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ වගකීම ඇත්තේ ඒ ගැන අභියෝග කරන එක්සත් ජාතික පක්‍ෂයට මිස රජයේ පාර්ශ්වයට නොවන බව සම කැබිනට් ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.
එබැවින් බහුතරය ගැන කලබලවීමේ අවශ්‍යතාවක් රජයට නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 බැගින් පත්කර සිටින බව කී ඇමතිවරයා ඉතිරි අමාත්‍යවරුන් පත්කිරීමේ කටයුතු පාර්ලිමේන්තුව රැස්කෙරෙන මෙම මස 14 වැනිදාට පෙර අවසන් කරන බව ද ප‍්‍රකාශ කළේය.
මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
නව රජයට බහුතරය සිටින නමුත් පාර්ලිමේන්තුවට ගොස් බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවක් නැතැයි කී ඇමතිවරයා විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් බහුතරය පෙන්විය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු කණ්ඩායම බව ද සඳහන් කළේය.
අමාත්‍යධූර සඳහා විෂයයන් වෙන්කර සුදුස්සන් පත්කිරීමට කාලය අවශ්‍ය බව ද ඇමතිවරයා කීවේය.
මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ නව රජයට 118 ට එහා ගිය මන්ත‍්‍රී ආසන සංඛ්‍යාවක් හිමි බවයි.
අමාත්‍යවරුන් පත්කර ගැනීම සඳහා මෙම මස 14 වැනිදා වන තුරු කාලය තිබෙන බව කී රඹුක්වැල්ල මහතා රට තුළ අරාජිත තත්ත්වයක් ඇති කර තිබෙන්නේ රජය නොව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අරලියගහ මන්දිරයේ කණ්ඩායම බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ බහුතරය නැහැ කියලනේ. පාර්ලිමේන්තුව මෙන්න කියලා බලාගෙන හිදිවී. දවල් හීන.
කට්ටියට බහුතරය පෙන්වන්න බැරි බව දැන්මම තේරිලා වගේ
බහුතරය නැතුවා වගේ කතා කරන්නේ මොකද ?
ඔන්න බයවෙලා
රට යන දිශාව හිතා ගන්න බැහැ. ඒකාධිපතිවාදය ඉහලින්ම ඉස්මතු වෙනවා.
බහුතරය පෙන්වීමේ වගකීමක් පමණක් නොවෙ රජයට කිසිම වගකීමක් නැති බව පේනවා.
දැන් 5 වෙනිදා කොළඹට සෙනග අද්දලා වැස්සේ තෙමිලා ජන ජීවිතය අඩාල කරලා කිව්වේ 113 හරි අපි බය නැහැ කියලනේ. මේ දෙගොල්ලම එකයි. මේකට හරි විකල්ප බලවේගයක් අවශ්‍යයි ඉක්මනින්ම
යමු මහා ඡන්දයකට.
මහා ඡන්දෙ තියන්න ව්‍යවස්ථාවේ හැටියට දැන්මම බැහැ. ඒත් ඉතින් සාක්ෂරතාවක් නැති අයට ව්‍යවස්ථාවෙන් පලක් නැහැනේ. මහා ඡන්දෙකට ගියත් මහින්දට දිනන්න බැහැ.
එහෙනම් අපිද පෙන්නන්න ඕන ?