(නාලක සංජීව දහනායක)
අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113ක බහුතර බලය පෙන්විය යුතුයැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් නොවන බව පාර්ලිමේන්තුවේ සභානායක හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) පැවසීය.
මේ මොහොතේ බහුතර බලය නව රජය සතුව පවතින බැවින් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳව කිසිඳු ප‍්‍රශ්නයක් නැතැයිද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
‘‘පාර්ලිමේන්තුව කල්දැමූ පළමු අවස්ථාව මෙය නෙවෙයි. සෑම ජනාධිපතිවරයකුම පාර්ලිමේන්තුව කල් දැම්මා. බහුතර බලය නැතිව 1960 දී ඩඞ්ලි සේනානායක මහතාත් අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා. අද පාර්ලිමේන්තුවේ බහුතර බලය ගැන කාතාකරන කවුරුත් ඒ ඉතිහාසය නැවත කියවිය යුතුයි. කවුරුන් කුමක් කීවත් මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අපිටයි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.
අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113 ක බහුතර බලය පෙන්විය යුතු යැයි ව්‍යවස්තාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. වර්තමාන කතානායකවරයා ගණන් දන්නේ නැහැ.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පිළිගත් පසුව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම පිළිබඳව කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව නව අගමැතිවරයා තමන්ට නියමිත අසුනේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වෙනවා. පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟන් සියලුම දෙනාටම සහන රැසක් ලැබෙනවා.
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශයේදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (07) වැඩබාර ගැනීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා තිබුන සදාචාරාත්මක දේශපාලනය අද නැති බැවින් ඉතිහාසය නැවත කියවිය යුතු නැහැ. අද තියෙන දේශපාලනයට ගැලපෙන පරිදි අගමැති විය යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරක් ඇති තැනැත්තා පමණයි.
හිතුනම තලගොයා ආයෙත් කබරගොයා
බහුතරය පෙන්විය නැති වුවත් අනිවාර්යයෙන් බහුතරය පෙන්වා අාණ්ඩුව පවතවාගෙන යාමයි සුදුසු. නැතිනම් තවත් අවුල් ජාලාවකට රට තල්ලුකොට දමනු අැත. බහුතරය අැත්නම් 14 වෙනිදාට පෙන්වා ඉදිරියට යමු. ඒත් විශ්වාස නැහැ. හොදම විකල්පය නම් මහා මැතිවරණයකට යාමයි.
දැන් මොකද? තියනවා කියපු බහුතරය නැති නිසාද ඔය කතා කියන්නේ?
දැන් මේ කට්ටිය බයවී තිබෙන තරම නිතර වෙනස්වන ප්‍රකාශවලින්ම පේනවා! දැන් පලිහක් වශයෙන් "ව්‍යවස්ථාව " කියන වචනය ඕනෑම තැනකදී යොදාගන්නා බව පැහැදිලිවම පේනවා.
බහුතරය අවශ්‍ය නැත්නං, මොනවටද පුන පුනා කියන්නේ අපිට 113, 118, 120 එහෙම තියනවා බව.
ව්‍යවස්ථාවේ නැති දේවල් ගැන කතා කරන්නේ මොකකටද ?
එහෙනම් 2015 ගැන පුන පුනා කිව්වේ?
එහෙනම් මොවුන්ට වෙන්නේ පස්ස දොරෙන් ආව ආණ්ඩුවක් කියා ලෝක අවමානයට ලක්වෙන්නයි
අඩු ගානේ දේශපාලනය කරනවා කියන්නේ මුළු ලෝකෙටම අපේ උගත්කම, හැදිච්චකමවත් පෙන්නන්න ඕන නේද? එහෙම දෙයක්වත් දන්නේ නැති දේශපාලකයෝ තමයි මේ රටේ ඉන්නේ කියලා දැන් ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි.
තියෙන දෙයක්නේ පෙන්වන්න පුළුවන්. නැති දෙයක් කොහොමෙයි පෙන්වන්නේ ?
දැන දැන වැරදි කරන අතර ඒවා හරිය කියනවා.